IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ඩෙංගු බලන්න ආ නිලධාරීන්ට ව්‍යාපාරිකයාගෙන් බාධා

(සමන් විජය බංඩාර )

හෙම්මාතගම ඩෙංගු මැඩලීමේ වැඩසටහනකට සමගාමීව ඩෙංගු බෝ වන ස්ථාන පරීක්ෂා කිරීමට ගිය රාජ්‍ය නිලධාරින්ට අද ( 06 ) ව්‍යාපාරිකයකුගෙන් බධා එල්ල විය.

හෙම්මාතගම පොලිසිය , ග‍්‍රාම නිලධාරින්, මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්, රාජ්‍ය නිලධාරින් සහ ත‍්‍රීරෝද රථ සංගමයේ සමාජිකයින්ගේ සහභාගිත්වයෙන් මෙම ඩෙංගු මර්දන වැඩසටහන පැවැත්විණි.

නගර මධ්‍යයේ ඇති දෙමහල් වෙළෙඳ සංකීර්ණයක උඩු මහල පරික්ෂා කිරිමෙන් පසුව එහි ඩෙංගු කීටයන් සිටින බව නිලධාරින් හදුනා ගන්නා ලදි.
 
‍මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා දැනුවත් කළ නමුත් ව්‍යාපාරිකයා සහ නිලධාරින් අතර බහින් බස් විමක් සිදු වු අතර එහිදි එම ව්‍යාපාරිකයා පොලිසියට හා නිලධාරින්ට පවසා සිටියේ තමන්ට පමණක් ඒ වැරද්ද පටවන්නේ නැතිව කඩ කුලියට දි ඇති වෙළෙඳ ව්‍යපාරිකයන් ද දැනුවත් කරන ලෙසයි.

තම හැදුනුම්පත් අංකය හා නම ගම ලබා දිමට නොහැකි බව පවසමින් ඔහු කලබලයක් ඇති කරන ලදි.

පසුව ව්‍යාපාරිකයාට කරුණු පැහැදිලි කර ඉදිරියටත් මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත් ඒ වෙනුවෙන් නිතීය ක‍්‍රීයාත්මක කරන බව අවවාද කෙරිණි.


 



අදහස් (5)

ඩෙංගු බලන්න ආ නිලධාරීන්ට ව්‍යාපාරිකයාගෙන් බාධා

ඩී. ජයදේව Sunday, 06 August 2017 07:55 AM

අනේ මන්දා හැමෝම "ඇයි මං විතරක්" කියලා අහ අහා වැරදි කරනවා. පුදුම රටක්... පුදුම මිනිස්සු...

:       1       42

Suranga Sunday, 06 August 2017 10:28 AM

තමන්ගේම කෙනෙකුට ඒ දේ වෙනකම්, ලංකාවේ මිනිස්සුන්ට දෙයක් තේරෙන්නේ නැහැ. ඩෙංගු විතරක් නෙමෙයි. අනික් හැමදෙයක්ම...

:       3       12

himal Sunday, 06 August 2017 05:48 PM

මේකෙ හැම පැත්තම බලන්න ඕනෑ. ගොඩනැගිල්ල අයිතිකාරයා වෙනත් අයට ඒක කුලියට දීලා නම් ඒ කුලියට ඉන්න අයටත් අවවාද කරන්න ඕනේ. අනික රාජ්‍ය නිලධාරීන්ට තියෙන බලතල ත්‍රීරෝද රථ සංගමයකට නෑනේ.

:       0       0

Ranjith Silva Monday, 07 August 2017 01:26 AM

ඩෙංගු පැතිරවීම සහ පරිසර හානි කරන්නන්ට ඩෙංගු සරණම ලැබේවා .!!!

:       0       0

nalaka Monday, 07 August 2017 02:44 AM

මෙතන ව්‍යාපාරිකයාට කරන්න තිබුනේ,.. බිල්ඩිම තමන්ගේ නිසා වගකීම බාර අරන් බිල්ඩිම සුද්ද කරන්න නිසි සේවකයෙක් පත් කරන්න. ඒ සේවකයාගේ වියදම කඩ කුලී ගෙවන අයටත් බෙදල සේවාවක් වශයෙන් නිතරම සුද්ද කරන්න ක්‍රමයක් හදන එක. බිල්ඩිමේ ඔප්පුව තියෙන්නේ ඒ මනුස්සයා ලඟ නිසා වගකීම එයා ගන්න ඕනේ. බිල්ඩිම නිකම් පිනට දීල නෙමෙයිනේ... එයාගේ ව්‍යාපාරයක්නේ කඩ කාමර කුලියට දෙන එක...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 566 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 422 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site