(ටෝනි කරුණානායක)
ටී 56 වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවෙකුට ජිවිතාන්තය දක්වා සිරදඬුවමක් ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (10) නියම කළේය.
පොළොන්නරුව ගිරිතලේ පදිංචි මාස්පොතරාලලාගේ වසන්ත කුමාර පද්මසිරි (49) නැමැති අයට වේ.
COMMENTS
අවියක් ළඟ තබා ගත්තට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක්? විනිසුරුතුමා තීන්දුව දෙන්නෙත් දැනට ඇති නීති ප්‍රතිපාදන අනුවයි. නමුත් මේක පුදුම නීතියක්... අවිගබඩා පවා පවත්වා ගත් අයත් නිදැල්ලේ...
හොඳ නඩු තීන්දුවක් .දඩයකුත් ගහන්න තිබ්බේ.
නමුත් මිනීමරු කොටිනට නිකම්ම නිදහස ලැබෙනවා.
වරද පිළිනොගත්තා නම් දෙන දඬුවම මොකක්ද?
මේක තරමක් අසාමාන්‍ය නඩු තීන්දුවක් මොකද මේ තැනැත්තා මිනිමරලා නැහැ. මීට වඩා අවි ආයුධ ලඟ තබා ගත් අය කොයි තරම් ඉඳලා තියෙනවද? නමුත් මේ තරම් දැඩි දඬුවමක් ලැබුණු බවක් මා නම් අසා නැහැ..
අනවසරයෙන් ගිනි අවි තබා ගන්නා සියලුදෙනාටම මරණ දඬුවම අනිවාර්ය වන පරිදි නව නීති සකස්විය යුතුමය.
ඇවන්ට් ගාඩ් අය නිදැල්ලේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ දෙවිධියකට. බලවතුන්ට එක නීතියක්. දුබලයන්ට තව නීතියක්.