
නව කොරෝනා වයිරසය ආසාදනය වූ බව තහවුරු වීමෙන් පසු රෝහල් ගත කෙරුණු ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට තවත් දින කිහිපයක් රෝහලේ රැඳී සිටීමට සිදුවනු ඇතැයි වාර්තා වේ.
තමන්ට සහ ජනාධිපති ආර්යාවට ‘කෝවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ටිව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් ඊයේ (2) සඳහන් කළේය.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා 74 වැනි වියේ පසුවෙයි.
ඇමෙරිකානු ජනාධිපතිවරයාට අමතර ඔක්සිජන් ලබාදීමේ අවශ්‍යතාවක් නැතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇමෙරිකානු ජනාධිපතිවරයාට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත්තේ බ්‍රහස්පතින්දා රාත්‍රියේ වන අතර අතර හෙතෙම සිකුරාදා පස්වරුවේ රෝහල්ගත කර ඇත.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇතුළත් කර ඇත්තේ මේරිලන්ඩ් හි පිහිටි වෝල්ටර් රීඩ් ජාතික හමුදා මධ්‍යස්ථානයේ පිහිටි රෝහලටය.
ධවල මන්දිරයේ සිට හෙලිකොප්ටරයකින් ජනාධිපතිවරයා රෝහලට රැගෙන ගියේය.
ඇමෙරිකානු ජනාධිපතිවරයා හෙලිකොප්ටරය වෙත ඇවිදගෙන ගිය අතර මාධ්‍යවේදීන්ට අදහස් දැක්වූයේ නැත. එමෙන්ම ඔහු මුඛ ආවරණයක්ද පැළැඳ සිටියේය. ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ පෙනී සිටින සුපුරුදු ඇඳුමින් (බිස්නස් සූට්) සැරසී සිට අතර සෙමෙන් හෙලිකොප්ටරය වෙත ඇවිද ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ.
පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස ඇමෙරිකානු ජනාධිපතිවරයා දින කිහිපයක් රෝහලේ රැඳී සිටිනු ඇතැයි ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කෙයිලි මැක්නනි ප්‍රකාශ කළාය.
- රොයිටර් අනුග්‍රහයෙනි
- 055
COMMENTS
අන්තිමට කාටත් එපා කිව්ව මුහුණු ආවරණත් දාලා.
ඔහුට ඉක්මන් සුවය අපි ප්‍රාර්ථනා කරනවා.
ඔහුට ඉක්මන් සුවයප්‍රාර්ථනා කරන්නෙමු....!
හාදය අවුල් උනාට මනුස්ෂයන් හැටියට ඉක්මන් සුවය අප ප්‍රාර්ථනා කරන්නෙමු..
ඇමරිකාවට බෙහෙත් කල හැකි පෙකනිල් වෙදෙක් ලංකාවේ හිටිය එයා තවම බෙහෙත් නියම කරනවාද කියලා දන්නේ නැහැ. මොකද දැන් වෛද්‍ය සභාව හොර දොස්තරවරු ගැන සොයනවා.
ඔබතුමාට ඉක්මණින් සුවය ලැබේවායි ප්‍රර්ථනා කරමි.