( සිතුම් චතුරංග )
වතුකරයේ දෙමළ ජනතාවට අපහාස කරමින් කිලිනොච්චිය දිස්ත‍්‍රික් දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රි එස්. ශ‍්‍රීදරන් මහතා මාධ්‍යයට කළ බව කියන ප‍්‍රකාශය ඉල්ලා අස්කරගන්නා ලෙස බල කරමින් කිලිනොච්චිය ප්‍රදේශවාසීහු පිරිසක් කිලිනොච්චිය ඩිපෝ මංසන්ධිය ඉදිරිපිට අද(19) විරෝධතාවක නිරතවූහ
දෙමළ ජනතාව තුළ කුල බේදය ඇතිකරමින් මන්ත‍්‍රිවරයා ගෙන යන වැඩපිළිවෙළට විරෝධය දක්වන බවද විරෝධතාකරුවෝ පැවසූහ.එම මන්ත‍්‍රිවරයා ප‍්‍රසිද්ධියේ සමාව නොගතහොත් ඉදිරියේදී දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බව ඔවුහු පවසා සිටියහ.
පසුගිය දා මාධ්‍යවේදීන් පිරිසකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී එම මන්ත‍්‍රිවරයා වතුකරයේ දෙමළ ජනතාව නුසුදුසු වචන භාවිතාකරමින් පහත්කර අමතා ඇතැයි ඔවුහු කීහ.
මේ සම්බන්ධයෙන් කළ විමසීකදි ශ‍්‍රීදරන් මහතා පැවසුවේ තමා සම්මුඛ සාකච්ඡා කළ මාධ්‍යවේදියා ප‍්‍රසිද්ධියේ එම ප‍්‍රකාශ තමා කළ බවට පවසන්නේනම් ජනතාවගෙන් සමාව ගන්නා බවයි.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.