IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ටීඑන්එල් වැඩ යළි කරගෙන යන්න දෙන්න ඕනෑ - රාජිත

(තරිඳු ජයවර්ධන)
 
ටීඑන්එල් රූපවාහිනියේ වැඩ කටයුතු යළි කරගෙන යෑමට හැකි ඉක්මණින් අවස්ථාව දිය යුතු බව තම පෞද්ගලික අදහස යැයි සෞඛ්‍ය ඇමැති හා කැබිනට් සම ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
 
ඇමැතිවරයා ඒ බව පැවසුවේ අද කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
 
ටී එන් එල් රූපවාහිනියේ පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානයට විදුලි සංදේශ නියාමන කොමිසම ඊයේ සීල් තැබීය. එම ආයතනය ඊයේ නිවේදනය කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ ගොස් සීල් තැබූ බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ ටීඑන්එල් රූපවාහිනිය සීල් තැබීමට තම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගී නොවූ බවයි.
 
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් පී.ආර්.එස්.පී ජයතිලක මහතා අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනුයේ ගුවන් විදුලි විකාශනාගාරය හා සම්බන්ධ කටයුතු අදාළ පනත උල්ලංඝණය කිරීම නිසා සිදුවූවක් මිස වෙනත් කිසිදු අරමුණක් එහි නැති බවයි.
මේ වනවිට එම බස්නාහිර වයඹ හා සබරගමුව පලාත්වල ප‍්‍රදේශ රැසක විකාශන කටයුතුවලට මෙම තත්ත්වය යටතේ බාධා පවතින බව ටී එන් එල්  රූපවාහිනි සේවයේ සභාපති ශාන් වික‍්‍රමසිංහ මහතා ඊයේ (06) ප්‍රකාශ කර තිබුණි. 
 
මුදල් නොගෙවීමේ හේතුවක් පෙන්වමින් විකාශනාගාර උපකරණ ගලවතත් විකාශනාගාර පවත්වාගෙන යාම වෙනුවෙන් රජයට ගෙවිය යුතු සියලූ මුදල් ගෙවා ඇතැයි ද , වසර විසිපහක් පැරණි තම රූපවාහිනියට මෙවැනි චෝදනාවක් මීට පෙර එල්ල වී නැතැයි ද වික්‍රමසිංහ මහතා ඊයේ කියා තිබුණි.
 
ලංකාවේ මුලින්ම රූපවාහිනී නාලිකවාක් ආරම්භ කිරීමේ මූලිකයා වූයේ ශාන් වික්‍රමසිංහ මහතාය. තවත් දෙදෙනකු සමඟ එක්ව ආරම්භ කළ එම රූපවාහිනී නාලිකාව ස්වාධීන රූපවාහිනී  සේවය ලෙස නම් කළේය. 



අදහස් (4)

ටීඑන්එල් වැඩ යළි කරගෙන යන්න දෙන්න ඕනෑ - රාජිත

sirimal Wednesday, 06 June 2018 12:47 PM

ඒක අපට කියලා වැඩක් නැහැ. වහන්න අණ දුන්න කෙනාටම කියන්න. ඒ වගේම පෙන්වන වැඩසටහන් පිළිබඳව තක්කු මුක්කු වෙන්නේ නැතුව ඔයිට වඩා විවෘත්ත මනසකින් බලන්න කියලත් කියන්න.

:       90       5

hewawitharana Wednesday, 06 June 2018 02:41 PM

මම හිතුවා මේක කියාවි කියලා...

:       0       35

hewawitharana Wednesday, 06 June 2018 02:47 PM

ඒ කියමනත් විනිශ්චයකරුට කරන අභියෝගයක් නෙමේද?

:       0       23

vidya Wednesday, 06 June 2018 04:19 PM

රනිල් මහත්තයෝ හෙලේනා විජයවර්ධන මෑණියන්ගේ දරුවෝ ඔය ගොල්ලන්. එතුමියට අගෞරව කරන්න කාටවත් ඉඩ දෙන්න එපා. එතුමිය කැළණි විහාරය පිළිසකර කලේ ලෝකයට සත්‍ය අවබෝධ කරදෙන්න. එය කරන්න ඉඩදෙන්නේ නැතිනම් අයින් වෙලා යන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 209 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 381 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 385 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site