IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඥානසාර හිමි අධිකරණයට අපහාස කළැයි නඩුවේ තීන්දුව ලබන 8 වැනිදා

(තිලිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කළැයි  පවරා ඇති නඩුවේ  තීන්දුව අගොස්තු 08 වැනිදා ලබා දෙන්නැයි අභියාචනාධීකරණය අද (18) නියෝග කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර  යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව කැඳවිණි.

2016 ජනවාරි මස 26 වැනිදා හෝමාගම අධිකරණයේදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීම සම්බන්ධ නඩු විභාගයේදී කලහකාරී ලෙස හැසිරෙමින් අධිකරණයට අපහාස කළැයි  එවකට හෝමාගම මහෙස්ත්‍රාත්වරයා වු රංග දිසානායක මහතා විසින්  අභියාචනාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර තිබිණි.

දීර්ඝකාලීන නඩු විභාගයකින් අනුව පැමිණිල්ලේ හා විත්තියේ සාක්කි  අවසන් කරමින්  මෙම නඩුවේ තීන්දු 08 වැනිදා ලබාදීමට අද අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

(36698)



අදහස් (6)

ඥානසාර හිමි අධිකරණයට අපහාස කළැයි නඩුවේ තීන්දුව ලබන 8 වැනිදා

ඇන්ටන් විජේරත්න Wednesday, 18 July 2018 06:36 AM

බොරු දේශප්‍රේමීත්වය නැති ව කට රැක ගත්ත නම් ඉවරවෙලා.

:       116       1423

nisar Wednesday, 18 July 2018 07:19 AM

කට රැක්කොත් රට රකින්නේ කව්ද

:       143       65

Mahee Wednesday, 18 July 2018 07:36 AM

අපට තේරුම් ගන්න පුළුවන් මේ සිද්ධියට ඥානසාර හිමි සම්බන්ධ නිසා බොහෝ දෙනෙක් පසු බාන බව. නමුත් නීතිය ඉදිරියේ හැම කෙනෙක්ම එක සමානයි කියලා තියෙනවනම්, ඇයි අධිකරණයය පසු බාන්නේ නිගමනයක් දෙන්න? මේ සිද්ධිය විතරක් නෙමෙයි. ලොක්කන්ට එරෙහි නඩු අහන්න බයේ ඉවත්වෙන අය ගැනත් අපි අහල තියෙනවා. මේකද යුක්තිය, මේකද සාධාරණය, මේකද නීතිය?

:       1       66

hasan Wednesday, 18 July 2018 08:02 AM

ලබන 8 වෙනිදා තීන්දුව නඩුව ලබන අවුරුද්දට කල් දමනු ලැබේ.

:       0       9

Kamal Wednesday, 18 July 2018 08:20 AM

රට රකින්නේ හමුදාව. මිසක් පින් බත් ගිලින අය නොවේ

:       36       702

nuwan Wednesday, 18 July 2018 09:24 PM

අර විජේකලාගේ නඩුවත් යනවද? රන්ජන් රාමනායක උසාවියට අපහාස කරපු නඩුවේ තීන්දුව තාම දුන්නේ නැද්ද? තව කොච්චර ඉන්නවද කෙලින්ම උසාවියේ තීන්දු පිළිගන්නේ නැ, එහෙම කියපු අය. එයාලගේ නඩුත් යනවා ඇති නේද? එහෙනම් ඉක්මනට ඔක්කොම තීන්දු දුන්නනම් හොදයි.

:       0       61

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 81 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site