(ඩයනා උදයංගනී)
ඇමති රිෂාඞ් බදියුදීන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි, යන මහත්වරුන් තනතුරුවලින් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් පහක් මුල් කරගනිමින් දළදා මාළිගාව ඉදිරිපිට උපවාසයක නිරතව සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් බැහැදැකීමට බොදුබල සේනා සංවිධානයයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (02) පැමිණියහ.
අතුරලියේ රතන හිමියෝ ඉකුත් සිකුරාදා මෙම උපවාසය ආරම්භ කළ අතර අද (02) වන විට තුන්වන දිනටත් උන්වහන්සේ මෙම උපවාසයේ නිරතව සිටිති.



COMMENTS
තැඹිලි වතුර පූජා කරන්න කවුරුත් නැතිද?
හැබැයි හාමුදුරුවනේ ඉල්ලම් දිනාගෙන මිසක් නැගිටින්න නම් එපා. කන්න බොන්නත් එපා. බලමු පීචං වෙලා නැගිටින හැටි, අපි බලාගෙන ඉන්නේ වීර සිංහලයන්ගේ වැඩ දිහා අපටත් ආදර්ශයක් වෙන්න. තව දවස් කීපයකින් මොකක් හරි කියාගෙන පීචන් වෙලා නැගිටියි.
නොකා නොබී.. අනිත් මනුස්සයින්ට තර්ජනයක් වීම.. ප්‍රශ්නවලට පිළිතුරක් හෝ පිළිතුරු සෙවීමක් නොවෙයි.!!! හරිම බොළඳ ක්‍රියාවක් !
ඔබ වහන්සේලා නායකත්වය දීලා මේ රට හදන්න අද මේ ඉන්න පාලකයෝ හරි බලේට එන්න හදන කට්ටිය හරි බල තණ්හාවට විතරයි...
පරලෝ සැපත් ... මේ සියලු චීවරධාරීන්ට නිවන් සුව ලැබේවා... !!!
නිරාහාරද?
නලුවෝ පිටපතට අනුව රඟපාමින් සිටියි. නාට්‍යයේ නිෂ්පාදක ගැන දැන් හිතාගන්න පුලුවන්නේ...
හාමුදුරුවනේ ඇයි අර බදුර්දීන්, හිස්බුල්ලා සහ අසාද් සාලි පමණක් ඉලක්ක කරගන මේ උපවාසය කරන්නේ? ඔවුන් මුස්ලිම් නිසාද? ඇයි අනෙක් අය ඇතුළත් කළේ නැත්තේ? සේනාධිනායක හා රටේනායක හා ආරක්ෂක ඇමති හැටියට ජනාධිපතිත් තමාගේ වගකීම් ඉටු නොකිරීම... විශේෂයෙන්ම ප්‍රහාරයට මාස දෙකක කාලයක් කලින් ආරක්ෂක කමිටුව රැස්කරලත් නැහැ. හිස්බුල්ලාගේ විශ්‍වවිද්‍යාලයට අනුමැතිය දෙනකොට ඔබ වහන්සේ ඒ ආණ්ඩුවේ නියෝජනය කළ නිසාද? පටු අරමුණකින් තොරව මධ්‍යස්ථව බලන්න හාමුදුරුවනේ...
රටට හෙන ගැහුවත් තමන්ගේ පක්ෂය බලය රැකගන්න විතරක් හිතන ටිකකුත් මේ රටේ ඉන්නවා.
මුන් වහන්සේලා දෙන්නා බුදුදහම, දේශපාලනකරණය නොකර සිල්රැක්කා නම් රට වෙනුවෙන් මීට වැඩිය බොහෝ දෙයක් කරන්න තිබුණා!
දිවා රෑ කැමරාවක් එල්ල කරගෙනම හිටියානම් බලාගන්න පුලුවනි විමලෙ වගේ ලෙමන් පෆ් කනවද කියලා.
ඊලඟ ජවනිකාව ' මහින්ද ඇවිත් තැඹිලි වතුර පෙවීම' උපවාසය අවසානයි.. පිරිස රතිඤ්ඤා හඬ මැද සතුටින් විසිර යයි.
" පොල්හේන්ගොඩ උපරතන " හාමුදුරුවෝ...!!! අඳුරනවා නේද ..? මොනවද මේ හාමුදුරුවෝ කියන්නේ ?
සත්වයා පවින් මුදවා නිවන් මාර්ගයට යොමුකරවන්න අදිටන් නොකර කරන විකාර. වරදක් දකිනවානම් රටේ පාලකයන්ට අනුශාසනා හා උපදෙස් දීමට පමණක් බික්ෂුන් හට කල හැකි වුවත් ඒ වැරදි හදන්නට යාමට බික්ෂුන් ඉදිරිපත් නොවිය යුතුයි. එම වැරදි රටේ වගකීම් දරන පුද්ගලයන් විසින් සොයා බලා විසඳිය යුතුයි.
දැන් අර තුන්දෙනා අස්කලාම හෝ අස්වුනාම ඔක්කොම හරි යනවද ? බලාපොරොත්තුව පොහොට්ටුව බලයට ගේන එකනෙ.
මෙතන තියෙන අදහස් බලනකොට සිංහලයින්ගේ එකමුතු කමට වැඩිය නිවට කම කැපිලා පේනවා මේවා දැනගෙන තමයි ත්‍රස්තවාදීන් සිංහලයටම ගහන්නේ. රටේ නායකයෝ ප්‍රශ්න විසදන්නේ නැති නිසානේ මේ විදියට උපවාස කරන්නේ හාමුදුරුවන්ගේ පවුල් රැක ගන්නද.
ජනාධිපතිතුමා , අගමැතිතුමා සහ විපක්ෂනායක තුමා තවදුරටත් තම දේශපාලන බලය රැකගැනීමට මුස්ලිම් අන්තවාධි නායකයන් සමග කේවල් කරමින් ඔවුන්ට අවශ්‍ය දේවල් දෙමින් , ත්‍රස්ත්වාධි ප්‍රහාරය පොලිස්පරික්ෂණ යට ගසමින් රට දිනෙන් දින අවුලට පත්වීමට කටයුතු කරන බව පෙනේනම් අප කාදිනල් තුමා , රතන හිමි ප්‍රමුක බෞද්ධ, ක්‍රිස්තියානි , හින්දු නායකයන් සමග එකතුවී ප්‍රබල පෙරමුණක් සකස්කරගෙන සියලු දෙනාම ලබන ඡන්දෙදි ගෙදර යැවීමට කටයුතු සලස්වන බව දැනුම් දෙමු.
දේශ ප්‍රේමින් සියළුම දෙනා එකට එකතු වුනොත් ජයග්‍රහනය නියතයි. නැත්නම් 255 රැල එකතු වෙලා රට කනවා.
රතනහිමිගේ උපවාසය නිසා අද හිස්බුල්ලා, අසාද්සාලි හා බදුදීන්ට විරුද්ධව මෝදුවීතිබෙන විරෝධය පාලනයකරගතනොහැකි සුනාමියක් පැමිණෙමින් තිබෙන බවට සඥාවක් ලබාදී ඇත. හරි වැරදි පසුව බලාගන්නකන් හිස්බුල්ලා, අසාද්සාලි හා බදුද්දීන් ඉල්ලා අස්වීම පමණයි මේ අති භයන්කාර සුනාමියෙන් බේරෙන්නට කළහැකි එකම විසදුම වන්නේ. මමත් මුලින් රතන හාමුදුරුවන්න්ට විරුද්ධවයි ලිව්වේ. නමුත් හරි හෝ වැරදි අද මේ භයානක සුනාමියෙන් රට හා ජනතාව බේරාගතහැක්කේ ඒ තුන්දෙනා හා ජනාධිපතිට පමනණයි. මේ තත්වය පාලනය නොකලොත් ජනපති හා අගමැති ඇතුළු සියලු මැති ඇමති වරුන්ට පමණක් නොව එයාල නියෝජනය කරන දේශපාලනපක්ෂත් ජනතාව ප්‍රතික්ෂේප කරන බව ස්ථිරයි.