( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇති බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් මේ වන විට අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් වෛද්‍ය සහතියක් සමඟ ලබන නඩු දිනට අධිකරණයට ඉදිරිපත් කරන බවට පොරොන්දු වන බව ඒ හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අනූෂා පේරුසිංහ මහත්මිය අද (24) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
නීතීඥවරිය එසේ දැනුම් දුන්නේ ඥානසාර හිමියන්ට එරෙහි අපහාස නඩුව අද (24) රෝහිණී වල්ගම සහ එස්.තුරෙයිරාජා යන මහත්ම මහත්මීන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.
මෙම නඩුව එල්.ටී.බී.දෙහිදෙණිය සහ ප‍්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන 31 වැනිදා විභාගයට දින නියම කෙරිණි.
හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවැත්වෙන මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ නඩුව අවසන් වීමෙන් පසු එම අධිකරණ ශාලාව තුළ ශබ්ද නඟා කථාකර කලහකාරී ලෙස හැසීරීමෙන් ඥානසාර හිමියන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇත් දැයි විභාගයක් පවත්වා ඒ පිළිබඳව පියවර ගන්නා ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ හෝමාගම මහේස්ත‍්‍රාත්වරයාට ලැබී ඇති බලතල අනුව මෙම පැමිණිල්ල අභියාචනාධිකරණයට යොමුකර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් දන්නවා හොඳටම නීතියත් එක්ක සෙල්ලම් කරන්න බැහැ කියලා..
එහෙනම් ඝෝෂා කරමින්, මාධ්‍ය සාකච්ඡා තියමින් අමාත්‍යංශවලට ඇතුළු වෙන්නේ කොහොමද?
මේ වගේ දේවල් වුණහම කොහොමද බුද්ධ ශාසනය රටේ ආරක්ෂා වෙන්නේ.. ?
අනේ ඔබවහන්සේ උසාවි යන්න බය වුණාද? දේශපාලනයෙන් අයින් වෙලා හිටියනම් නේද හොඳ?
රටේ නීතියක් තියෙනවා කියලා දැන්නම් දැනෙනවා.
මොන උසාවි නියෝගද? කවුරු වුණත් නීතියට එරෙහි වුණොත් නිසි පියවර ගත යුතුයි...
දෙමළ හො මුස්ලිම් කව්රුහරි එයාලගෙ ජාතිය ගැන කතා කලොත් ජාති ආලය සහා නායකත්වය නමුත් සිංහල ආගමට ජාතියට වෙන විපත ගෙන කතා කරන අපේ හාමුදුරුවො ජාතිවාදියා අනේ මන්දා සිංහලයට තේරෙයි එතකොට පරක්කු වැඩි වෙලා තියෙයි..
මේකත් අර හිටපු ඇමතිතුමා කරපු නාටකයේ 2 වන කොටස වගේ ...නමුත් උසාවිය නොමග යැවීම තවත් වරදකි.