(ආරියරත්න රණබාහු)
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සැත්කම ලබන සඳුදා (20) සිදුකරන බව ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප‍්‍රභාත් වේරවත්ත මහතා පැවසීය.
මුත‍්‍රාශයේ හටගත් ගලක් ඉවත්කිරීම සඳහා මෙම සැත්කම සිදුකිරීමට නියමිත බව පැවසූ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා මේ වනවිට උන්වහන්සේ නිර්වින්දනය කිරීමට අවශ්‍ය සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ද කීය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී බරපතල වැඩ සහිතව වසර 6ක සිරදඬුවමක් නියම වී සිටින ඥානසාර හිමියෝ එම නඩු තීන්දුව ප‍්‍රකාශයට පත්කළ දිනයේ දී මෙම සැත්කම සඳහා රෝහල් ගත විය.
එහෙත් උන්වහන්සේගේ හෘද ස්පන්දනයේ ඇති වූ ගැටලූවක් හේතුවෙන් එම සැත්කම කල් දැමිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාට ස්පන්දනය වෙන්න හදවතක් තියනවද?
අනේ අප්පෝ තමන්ගේ කට නිසා විඳින දුකක්...
හැකිතරම් ඉක්මනට නීතිය ක්‍රියාවේ යොදවනු...
ශල්‍යාගාරයට අලුත් ඇඳුම් මෝස්තරයක් ඉල්ලලා ඊගාවට ඔපරේෂන් දිනය කල් යවයිද දන්නෑ. කොහොම වුණත් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව ඉක්මණින්ම ලැබී රෝහලෙන් පිටවීමට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
හිමියනි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි
දවසක් හරි චීවරය දැරුව නිසා ඉවසනවා, ගෝටත් එක්ක දුන්න ගේම් අපි දන්නෙම නැහැනේ....
අනේ මෙහෙමත් රටක්..
අපේ හාමුදුරුවනේ සියල්ලටම ප්‍රථම සනීප වෙන්නකෝ. ඒ සිංහල බෞද්ධයාගේ පැතුමයි.