සුජිත් හේවාජුලිගේ
සිරගත කෙරුණු බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා හා ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් හෙට (19) පැවැත්වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අධිකරණ ඇමැතිතුමිය සමඟ ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ඇමැතිවරයා කීය.
ඥාණසාර හිමියන් සිරගත කිරීමේ සිද්ධිය පිළිබඳව පාර්ශව ගණනාවකින් ඉදිරිපත් වී ඇති කරුණු දැක්වීම් පිළිබඳ තමාගේ විශේෂ අවධානය යොමු වී ඇතැයි ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
එහෙම සමාව දෙනවා නම් අධිකරණයෙන් බාධක නෑනේ.
ඔහොම තර්ජන වලට හිරේ දැම්මා නම් තව කීදෙනෙක් ඉන්නවද දෙවියනේ?
නීතිය කාහටත් එකයි. හාමුදුරුවන්ට එක නීතියක්, සාමාන්‍ය ජනයාට තව නීතියක් වෙන්න පුලුවන්ද අපේ හමුදුරුවනේ... ජනපතිතුමනි, ඔබතුමා කොන්ද කෙළින් කරගෙන වැඩ කරන්න.
මොනවද සාකච්ඡා කරන්න තියෙන්නේ? බුද්ධ ශාසනයට කුමක් වුවත්... දේශපාලන වාසි ගන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා කරන්නද? වැරැදි කරන්නාට දඬුවම් නොකිරීම, වැරැදි නොකරන්නාට කරන අපහාසයක් බව මතක තියාගන්න.
ආයෙත් නීතිය වෙනස් කරන්න වගේ හදන්නේ ...
සියළුම දෙනා නීතිය ඉදිරියේ සමාන නැද්ද එතකොට?
ඇමතිතුමා උසාවි නියෝග වලට බලපෑම් කරන්නද හදන්නෙ? යහපාලනය කියන්නෙ ඕක නෙවෙයි. නීතිය කාටත් සමාන විය යුතුයි.
අධිකරණයක් මගින් චූදිතයෙක් වී සිර දඬුවම් ලබන හැම කෙනෙක් ගැනම ඇමති මණ්ඩලය රැස්වී, සාකච්චා කර ජනපති හමුවීමද යහපාලනයේ නව ප්‍රතිපත්තිය වී තිබෙන්නේ? මෙහෙම ගියොත් ශ්‍රී ලංකාවට අධිකරණ පද්ධතියක් ඕන වෙන්නේ නැහැ. ඇමතිවරු, ජනපති හමුවී වැරදිකරුවන්, නිවැරදි කොට ගෙදර යවන එකෙන් රටට අති විශාල මුදලක් ඉතිරි කර ගන්නත් පුළුවන් වෙයි!!!!!!
දැන් අපි හිතමු ජනපති සමාවක් යටතේ හාමුදුරුවන්ට සමාවක් දුන්නා කියලා. නීතියේ එහෙම ප්‍රතිපාදන තිබුණත් ඒකත් නීතිය නැවිමක් වෙන්නේ නැද්ද. ඊළග කාරණය වෙන්නේ උන්වහන්සේට නිකම්ම සමාවක් දෙනවට වැඩිය හොද නැද්ද යම් එකගතාවයකට පැමිණීම. විශේෂයෙන්ම පුද්ගලයන්ට තර්ජණය කීරිම සමාජිය වශයෙන් නොසන්සුන් වන ක්‍රියාවලින් වැලැක්වීම වැනී කරුණු වලට එකගව නිදහස් කිරිම වැදගත්වේ.
අවසාන නඩු තීන්දුව දුන්නු අයගේ පැටිකිරිය කොළඹ විශ්ව විද්‍යාලයේ අපි දන්නවා. කාන්තා අයිතීන් ගැන එම්.ඒ. උපාධිය ගත්ත හැටිත් අපි දන්නවා. රන්ජන් රාමනායක ඇමතිතුමා නිවැරදියි. ළමයින් පැහැරගත් සහ නගරාධිපති බරපතල වැඩ සහිතව හිරේ දැමිය යුතු වුවත්, ජම්පරය ඇන්ද විය යුතු වුණත් එහෙම නොකළේ ඇයි? නීතියක් නෑ. අවනීතිය තියෙනවා.
රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ රටේ නීතිය අනුවයි. නමුත් හැමවෙලේම බලන්නේ රට ගිය අගාධය නෙමේ, ඡන්ද පදනම... මේ කුණු වුනු දේශපාලනය මනුස්සකම් නැති කරලයි තියෙන්නේ. එ්කයි මේ රටට ගිය හෙනේ... දැන් ආගම ධර්මයත් විකුණගෙන කනවා. මුදලට, බලයට යට වුනාම සීලයක්, ධර්මයක් රකින්න පුළුවන්ද ? මෙතැනින් එහාට දරුවෙක් පරපුරක් ගුණදම් රකියිද?
ගෝනවල සුනිල් නැමැති පාතාල නායකයාට සමාව දුන්නා යූ. එන්. පී. ආණ්ඩුවකින්...
ධම්මික මහතා - විනිසුරුතුමන්ට අපහාස කිරීම නම් සාධාරණ නැහැ. එසේ නම් ඔබලාට අභියාචනයක් කළ හැකියි නේද?
දේශපාලඥයෙක් වරදි කලාම හිරේ කියල යන්නෙ නර්සිං හෝම්. එහෙම නැත්තං නඩුව කල් යනවා හිතා ගන්න බැරි විදියට. අැයි දෙයියනේ බලාපල්ලකො ලෝකෙ තවත් රටවල් තියෙනවා, මේවගේ වැඩ කරනවද කියල. නිතියට , රටට ගිය කළක්....
ඒ කියන්නේ අර රන්ජන් මහත්තයා කියන දේවල් සනාථ වෙන ලකුණු පෙනෙන්නට ඇත.
ඔය 'ජනපතිගේ සමාව' නීති පොතෙන් අයින් කලොත් නේද හොද ? නැතිනම් මේ රට කවදාවත් හැදෙන්නේ නැහැ. දේශපාලනය වෙනදෙයක්, රටේ නීතිය දේශපාලනයෙන් අයින් වෙන්න ඕන . හරි අසෝබනයි.
තර්ක ඥානයට වඩා භාවාත්මක තීරණ ගැනීම උචිතය යැයි සිතුවත් ප්‍රශ්නයක යථාව ඉන් ඉස්මතු නොවේ. සැමියා මගහැරුණු කාන්තාවකට කුමන හේතු මත හෝ තර්ජනය කිරීම, යටත් කරගැනීම සදහා උස් හඬින් කතා කිරීම බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට තරම් නොවේ. අනගාරික ධර්මපාල තුමා හෝ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විසු කාලයට වඩා මානව ගෞරවය අගය කරන පරිසරයක් අද ලෝකය පිළිගනිමින් සිටියි. එබැවින් ඥානසාර හිමියන් එම අදහස පිළිගත යුතුව ඇත. සෑම රටකට ම නිවැරදි දෘෂ්ටියක් අවශ්‍යය. මානව සාරාර්ථවලට සැබවින්ම භක්තිමත් නැති සිංහල බෞද්ධ පුරුෂාර්ථයන් කණපිට පෙරලා ගත සමාජයක් ඉදිරියේ සැබෑ දැකීමක් පවත්වා ගත යුතුමය. මෙවැනි ප්‍රශ්නයකදී , බෞද්ධ සමාජයෙන් එල්ලවන පීඩනය තිව්‍ර විය හැකිය.
භික්ෂුන් යටත් වන්නේ, බුද්ධ නීතියට. භික්ෂුන් අතර ඉන්නවා අධිකරණ සංඝනායක හිමි වරුන්. නඩු අහන්නේ එයාල. දඬුවම් දෙන්නේ විනය පිටකයට අනුව. භික්ෂුවකගේ සිවුරක් ගැලවීම මහා පාපකර්මයක්. එයට උරදුන් සැම, එයට වචනයකින් හරි උදවුවන අය අනිවාර්යෙන් අපාගතවෙනවා. දඬුවම දෙන්න අපිට බැහැ. එයට වෙනම විනම පිටකයට අනුව කරන්න ඕන දෙයක්. දේශපාලන බලපෑමට මෙහෙම කරපු අයට වැඩ වරදියි ළඟදීම