ඥාණසාර හිමිගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි
(නිමන්ති රණසිංහ)
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (5) නියෝග කළේය.
රාජගිරිය නාවල පාරේ මාර්ග බාධකයක මත්ද්‍රව්‍ය වැටලීම් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කර සාපරාධී බියගැන්වීමක් සිදුකළැයි ඥාණසාර හිමියන්ට එල්ල වී තිබු චෝදනාව වේ.
ලබන 6 වැනි දා සිට 21 වැනි දා දක්වා අතර කාලයේදී ජපානයේ ෂුකුබා සම්බෝධී විහාරස්ථානයේ පැවැත්වෙන ධර්ම ප‍්‍රචාරක කටයුත්තක් වෙනුවෙන් සහභාගී වීම සදහා අවසර ලබා දෙන ලෙසට ඉල්ලමින් නිතීඥ දීපිකා හෙට්ටිමුල්ල මහත්මිය මෝසමක් මගින් ගොනු කළ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
ඒ අනුව හිමිනමගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටවූ අධිකරණය එම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත දන්වා යැවීම සඳහා අධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයාට දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඥාණසාර හිමිගේ විදෙස් ගමන් තහනම ඒ විදිහටම තියාගන්න.. ඒක වෙනස් කරන්න එපා. අපේ ඥාණසාර හිමියන්ට විදෙස් ගමන් යන්නට ඕනෑවූ විට තහනම තාවකාලිකව අත්හිටුවන්න. එහෙම හොඳයි නේද අපේ හාමුදුරුවනේ?
දැන් හැමෝටම රට යන්න දෙනවනේ . සිරිසේන මහත්තයා පෙබරවරි 10 ට පසුව කරනවයි කියපු වෙනස මේක වෙන්න ඇති . හා හා ඔහොම යමු.
රට යන්නේ තව ගෙමක සැලසුම් කරන්න -
අපිට නම් හිතෙන්නේ ඔය යන්නේ දහම් කටයුතු වලට නොවේ කියලයි ...
අපිට නම් හිතෙන්නේ ඔය යන්නේ දහම් කටයුතුවලට නොවේ කියලයි කියා කව්ද කියනවා. ඉතින් කාටවත් තිබෙන අමාරුව මොකක්ද නේද අපේ හාමුදුරුවනේ? කොහොම වුනත් දිගනත් වැඩේ සිදු වුණා... මට හරිම සන්තෝෂයි ...
ඥාණසාර හිමියනේ, ඔබ අපේ ශක්තියයි ඔබලා වැනි ස්වාමින් වහන්සේලා නොසිටින්න මේ අය අපිව පාවාදීලා බොහොම කල්....