(විනීතා එම් ගමගේ)
වැඩකරන ජනතාවගේ දිනය වන මැයි පළමු වැනි දා වෙසක් සතියේ දිනයක් වන නමුත් තම පක්ෂය එදින මැයි දිනය සමරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප‍්‍රකාශ කළේය.
කුමන කරුණක් නිසා හෝ වෙසක් දිනය හෝ මැයි දිනය වෙනස් කිරීමට නොහැකි බැවින් ඒ සියල්ල සළකා මෙවර මැයි දිනය යාපනයේ දී සමරන්නට කටයුතු යොදා ඇතැයි ද ජවිපෙ ලේකම්වරයා කීය.
මහනායක ස්වාමීන්වහන්සේලා ඉල්ලා තිබුණේ වෙසක් උත්සවයට බාධාවක් නොවන විදිහට මැයි දිනය සමරන ලෙස බවත් උන්වහන්සේලාගේ ඉල්ලීම ඉතාම සාධාරණ බවත් කී සිල්වා මහතා යාපනයේ දී මැයි දින සැමරීම වෙසක් උත්සවයට බාධාවක් නොවන නිසා තමන් එසේ කරන බව ද පැවැසීය.
කෙසේ වෙතත් වෙසක් සතිය පසුවූ පසු මැයි හත් වැනිදා කොළඹ දී ද මැයි දින පෙළපාළියක් හා රැළියක් පවත්වන බව ද පෙළපාළිය කැම්බල් පිටියෙන් ඇරඹෙන අතර රැළිය බී ආර්සී පිටියේ දී පවත්වන බව ද හෙතෙම කියා සිටියේය.
ජවිපෙ ලේකම්වරයා මේ අදහස් පළ කළේ එම පක්ෂ මුලස්ථානයේ අද (11) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
ඒ කියන්නේ වෙසක් දිනය යාපනයට අදාළ නැහැ කියන එකද?
ආපහු රට ගිනි තියන්න හදන්නේ
උප්පැන්න සහතිකයට පමණක් තම ආගම ආදාළයි කියන මේ මහලොකු සමාජවාදීන්ගෙන් අප මෙයිට වඩා කුමක් නම් බලාපොරෝත්තු වෙන්න ද ?
ජනතා විමුක්ති පෙරමුණට ආගමක් දහමක් නැති ආකාරයට තමයි වැඩ කරන්නේ. මේක ඇහුවට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ ගැන තිබු පැහැදීම නැතුව ගියා. සියළුම දේට පෙර ආගමට දහමට මුල් තැන දෙන්න ඕන.
ප්‍රයෝගිකව යාපනයට අදාළ නැහැ තමයි! යාපනේ මිනිස්සු වෙසක් දවසේ සීල ව්‍යාපාර වල යෙදෙන්නේ නැති බව ලංකාවේ ජීවත් වන හැමෝම දන්නවා!
රටක ජාතිය හා ආගම අනුව බෙදුනු මතයක් කියන්නේ මේකට නේද?
මේක තමයි තර්කවාදී කණ්ඩායම් වලට දේශපාලන නිදහස දුන්නම සිදුවන විනාසය
ජවිපෙ මැයි රැලිය, කියුබාවට හෝ රුසියාවට ගෙනිච්චොත් හොඳ නැද්ද?