IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජාලිය වික්‍රමසුරියගේ පෙත්සම ඉවතට

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
 
ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති  ජාලිය වික්‍රමසූරිය මහතා තමාට තානාපති වරප්‍රසාද තවමත් ඇති බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනු කර තිබු රිට් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (29) තීන්දු කළේය.
 
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල  මෙම නියෝග ලබා දී ඇත.
 
තමන්ට හිමි තානාපති වරප්‍රසාද අත්හිටුවන ලෙස දන්වා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඇමෙරිකානු රජය වෙත නිකුත් කර ඇති ලිපියක් බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි.
 
එම පෙත්සමේ සඳහන් කර තිබුණේ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ තමන්ගේ තානාපති වරප්‍රසාද අත්හිටුවන ලෙස දන්වා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඇමෙරිකානු රජය වෙත ලිපියක් යවා ඇති බවයි.
 
මෙම ලිපිය හේතුවෙන් තානාපතිවරයෙක් ලෙස කටයුතු කළ තමාගේ  වරප්‍රසාද උල්ලංඝණය වන බව වික්‍රමසූරිය මහතා අධිකරණය හමුවේ කියා සිටි අතර මේ හේතුවෙන් අදාළ ලිපිය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන්ද ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
 
එම පෙත්සමට මූලික විරෝධතා ඉදිරිපත් කරමින් නීතිපතිවරයා  කියා සිටියේ මෙම පෙත්සම විභාග කිරීම සඳහා අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවයි.
 



අදහස් (1)

ජාලිය වික්‍රමසුරියගේ පෙත්සම ඉවතට

සතයපාල Thursday, 29 March 2018 10:37 AM

අනේ මන්දා මේවගේ අය අපේ රට නියෝජනය කරමින් මොනවා කෙරුවද කියලා හිතා ගන්න බැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site