IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහ බැංකු අධිපති ධූරයට

(හර්ෂණ තුෂාර සිල්වා)

කීර්තිමත් ආර්ථික විද්‍යාඥයකු මෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයකු වන දේශමාන්‍ය සම්මානිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 15 වැනි අධිපතිවරයා ලෙස පත් කර ඇත.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත් කිරීම කරනු ලැබ තිබේ.

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයෙන් ප්‍රාථමික සහ ද්විතීයක අධ්‍යාපනය ලැබූ ලක්ෂ්මන් මහතා 1960 වසරේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් විය. විශ්ව විද්‍යාල මූලික විභාගයේදී පෙන්වන ලද දක්ෂතා හේතුවෙන් හෙතෙම ලංකා විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යත්වය ද හිමි කරගත්තේය.

 මුදල් හා බැංකු යන විෂයවලින් විශේෂ දක්ෂතා පෙන්වමින් ලක්ෂ්මන් මහතා සිය උපාධිය ලබාගත් අතර ඔහු ලබාගත් විෂය විශේෂීකරණය ආර්ථික විද්‍යාව තුළ තවමත් ඉහළ දක්ෂතාවක් ලෙස සලකයි. ලක්ෂ්මන් මහතා 1965 ජනවාරි මාසයේදී ආර්ථික විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරයකු ලෙස ද පත් කරනු ලැබීය.

ආචාර්ය උපාධිය ලබාගැනීම සඳහා ශිෂ්‍යත්වයක් මත  1968 වසරේ දී එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ මහාචාර්ය ලක්ෂ්මන් මහතා 1973 වසරේදී දර්ශනසූරී උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සිය කථිකාචාර්ය ධුරයේ නැවත රාජකාරී ඇරැඹීය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස සේවය කරමින් සිටියදී කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ධුරයට පත් ලක්ෂ්මන් මහතා 1982 වසරේදී කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානියා ලෙස පත්වීම් ලැබීය.

හෙතෙම 1992 වසරේ අගෝස්තු මාසයේදී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ධුරයට උසස්වීම් ලැබීය.1991 වසරේ මාර්තු මාසයේදී ලක්ෂ්මන් මහතා පශ්චාත් උපාධි ආයතනයේ පර්යේෂණ මහාචාර්යවරයකු ලෙස පත් කෙරුණු අතර 1991 වසරේදී එම ආයතනයේ පීඨාධිපති ලෙස පත්වීම් ලැබීය.

1994 වසරේදී කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති ධුරයට පත්වූ හෙතෙම 1999 වසරේ මාර්තු මාසය දක්වා එම ධුරය හෙබවීය.

ජාතික සංවර්ධනය වෙනුවෙන් කරන ලද විශිෂ්ට සේවය වෙනුවෙන් 2005 වසරේදී මහාචාර්ය ලක්ෂ්මන් මහතාට ‘දේශමාන්‍ය’ ගෞරව නාමය පිරිනැමුණු අතර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර රැසක් වෙනුවෙන් කරන ලද සුවිශේෂී සේවය වෙනුවෙන් 2008 වසරේ කොළඹ විශ්ව විද්‍යාලයේ පැවැති උපාධි ප්‍රදානෝත්සවයේදී ලක්ෂ්මන් මහතාට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන ලදි.

විදෙස් විශ්ව විද්‍යාල රැසක ඉගැන්වීම් කර ඇති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා මුදල් හා සැලැසුම්කරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨඋපදේශක, ප්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රයේ සභාපති යනාදී තනතුරු රැසක් හොබවා ඇත. 

ඉකුත් ආණ්ඩුව සමයේ අත්සන් තැබුණු සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කළේද මහාචාර්ය ලක්ෂ්මන් මහතාය. ඔහු බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති ධුරය ද හෙබවීය.

මේ අතර සිංහල මාධ්‍යයෙන් උපාධි අධ්‍යාපනය හැදෑරීම ආරම්භ කළ පළමු ශිෂ්‍ය කණ්ඩායමේ සිසුවකු වූ මහාචාර්ය ලක්ෂ්මන් මහතා අධ්‍යාපනය ලැබීමේදී තමන් මුහුණ දුන් දුෂ්කරතා මහ හරවා ගැනීම සඳහා ඉංග්‍රීසි බසින් රචිත ආර්ථික විද්‍යා ග්‍රන්ථ ඇතුළු ග්‍රන්ථ රැසක් සිංහල බසට පරිවර්තනය කළේය. ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යාඥයකු වන ආර්ථික විද්‍යාව විෂයට පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනූ පෝල් සැමුවෙල්සන් විසින් රචිත  ආර්ථික විද්‍යාව පිළිබඳ පාඨ ග්‍රන්ථය සිංහල බසට පරිවර්තනය කරන ලද්දේ ද මහාචාර්ය ලක්ෂ්මන් මහතා විසිනි.

 

 



අදහස් (9)

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහ බැංකු අධිපති ධූරයට

ලුම්බිණි Tuesday, 24 December 2019 10:36 AM

ජයවේවා! අපි බලා සිටිමු. කීර්තිමත් ආර්ථික විද්‍යාඥයකු මෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයකු වන දේශමාන්‍ය සම්මානිත ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා ක්‍රියාවෙන් තම දක්ෂ කම් පෙන්වන තුරු.

:       0       1

lion Tuesday, 24 December 2019 10:41 AM

අවුරුදු 80 කියලයි ආරංචිය. හොඳට වැඩකරන්න පුළුවන් නම්වයසේ ප්‍රශ්නයක් නැහැ.

:       0       0

රවින් Tuesday, 24 December 2019 11:30 AM

බොහොම ඉහල දැනුමැති උගතෙක්. ඒත් පොඩි පරහකට තියෙන්නේ අර පරණ ටියුෂන් ගුරාගේ ආර්ථික විශ්ලේෂණ හා අර්ථකතනයන්ට මෙතුමාට උත්තර තියේද කියන එක තමා. ටියුෂන් කාරයා මෙතුමාටත් කොකා පෙන්නයිද දන්නේ නැහැ. කොහොම උනත් මෙතුමාට ඈත් වෙලා ඉන්න කියන්න බැංකොක් අරන් යයිද දන්නේ නැහැ ආර්ථිකේ ගැන කියලා දෙන්න.

:       0       1

dugi janathava Tuesday, 24 December 2019 12:00 PM

ගහලයන් රටේ පාලනයෙන් ඉවත් කර මෙවැනි උගතුන්ට පාලනය බාරදිය යුතුය.

:       0       1

Mahee Tuesday, 24 December 2019 12:24 PM

මේ විශිෂ්ඨ ආර්ථික විද්‍යාඥයා මහබැංකු අධිපති තනතුරට පත්වීම ඉතාම සතුටට කාරණයක්... හැබැයි, මට බය විධායකයේ බලපෑමට අහුවෙලා ලක්ෂ්මන් මහාචාර්ය වරයාගේ කීර්තිය අඩු කරගනීදෝ කියලයි. කලින් හිටිය අධිපති කෙනෙක් ලඟ ඉන්නවනේ. උන්නැහේගෙන් කනට කිට්ටු කරලා ඇහුවා නම් සමහරවිට හිතවත්කමට කියයි කාගෙන්ද පරිස්සම් වෙන්න ඕනෑ කියලා.

:       0       1

fairoos Tuesday, 24 December 2019 12:27 PM

සුබපැතුම්!

:       0       1

ranjith Wednesday, 25 December 2019 01:08 AM

රටේ උගතුන්ගෙන් නිසි සේවය ලබාගැනීම හොඳ දෙයක්...

:       0       1

Narada Wednesday, 25 December 2019 02:51 AM

නියමයි........

:       0       1

රන්ජන Wednesday, 25 December 2019 03:35 AM

ඉතාම සුදුසු විද්වතෙක්. විය යුතු දේ සිදු වෙමින් පවතී. ඔහොම යන් සර්.....

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31336 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13556 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 122 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 951 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site