IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


‘ජපුර නගර සභාවේ මන්ත්‍රීධුර බෙදී යාම නීති විරෝධියි‘- පෙත්සම විභාගය 02 දා

( තිළිණි  ද සිල්වා  සහ රංජන් කටුගම්පොළ )
 
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාව සඳහා මන්ත්‍රීව ධුර බෙදී ගිය ආකාරය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා ගොනු ශ්‍රේෂ්ඨාධිකරණය රිට් පෙත්සම ලබන සදුදා (02) සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ අද (29) තීන්දු කළේය.
 
මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරැන් වන විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් හමුවේ කැදවු අතර එහිදී පෙත්සම සලකා බැලීම මෙදිනට කල් තැබිණි.
 
කෝට්ටේ මහා නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ එම මහා නගර සභාව සඳහා තේරී පත්වූ සියළු මන්ත්‍රීකවරුන් ඇතුළු 50 දෙනෙකු නම් කර ඇත.
 
පෙත්සම්කාර ජනක රණවක මහතා පෙන්වා දෙන්නේ පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කෝට්ටේ මහා නගර සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගත් ඡන්ද 22,000 වෙනුවෙන් එම පක්ෂයට මන්ත්‍රී ධුර 18 ක් ලැබී ඇති බවය.
 
එහෙත් එම මහා නගර සභා සඳහා තරඟ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ඡන්ද 26,000 ක් ලබාගෙන තිබුණද එම පක්ෂ දෙක සඳහාම වෙන් කර ඇත්තේ මන්ත්‍රී ධුර 17 ක් පමණක් බව පෙත්සම්කරු  පැවසීය.
 
ඡන්ද 22,000 ලබා ගත් පක්ෂයට මන්ත්‍රී  ධුර 18 ක් ලැබෙද්දි ඡන්ද 26,000 ක් ලබා ගත් පක්ෂ දෙකකට මන්ත්‍රී ධුර 17 ක් හිමි වීම ගැටලු සහගත බව පෙන්වා දෙන ජනක රණවක මහතා මේ හේතුවෙන් මන්ත්‍රී සංයුතිය බෙදී යාම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
 
එසේම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ලබාදෙන තුරු කෝට්ටේ මහා නගර සභාව සඳහා නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා පත්වීම වැලැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු ශ්ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි.
 

 



අදහස් (1)

‘ජපුර නගර සභාවේ මන්ත්‍රීධුර බෙදී යාම නීති විරෝධියි‘- පෙත්සම විභාගය 02 දා

Perakum Thursday, 29 March 2018 11:28 AM

ජනතාව කොතරම් අදහස් ඉදිරිපත් කලද ඊට සවන් නොදී දේශපාලකයින්ගේ අභිලාෂයන් මුදුන්පත් වන අන්දමට ඒකමතිකව සකසා ගත් නව මැතිවරණ ක්‍රමය සහමුලින්ම ඉවත් කොට ජනතා අභිලාෂයන්ට අනුව මැතිවරණ ක්‍රමය සංශෝධනය විය යුතුය. එහෙත් අපගේ අවාසනාවට අද සිටින දේශපාලුවෝ ඊට කැමති නැත.

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2506 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site