(මනෝප්‍රිය ගුණසේකර, තිලිණි ද සිල්වා සහ රන්ජන් කටුගම්පොළ)
ලබන 25 වැනිදා රහස් පොලීසිය හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශයක් ලබා දීමට ද අධිකරණයෙන් සිතාසි ලද විගස අධිකරණය හමුවේ පෙනී සිටීමට ද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ නීතිපතිවරයා අතර එකඟතාවයක් ඇති වී ඇති බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
මැදමුලන ඩී ඒ රාජපක්ෂ පිළිරුව ඉදිකිරීමේදී මුල්‍යම වංචාවක් සිදු කිරීමේ සිද්ධියට අදාලව රාජපක්ෂ මහතා රහස් පොලිසිය හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශයක් ලබා දීමට නියමිතය.
මෙම සිද්ධියට අදාලව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති පෙත්සම කැඳවනු ලැබු සොලිස්ටර් ජනරාල්වරයා මේ බව දැනුම් දුන්නේය. අභියාචනාධීකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳැවිණි.

COMMENTS
මෙකද්ද මේ එක අධිකරණය විසින් එක්කෙනෙකුට විතරක් විශේෂිත සැලකීමක්? මෙතුමා ඉදිරියේදී දේශපාලනයට එන්න විශාල සැලැස්මක් ක්‍රියාත්මක කර ඇතිබව කවුරුත් දන්නා රහසක්. ඒ සඳහා දැනටමත් එතුමා චීන රතු හමුදාවේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දේශපාලනය සහ ආර්ථික කළමනා කරණය පිලිබඳ විශේෂ පුහුණුවක් ලබා තිබෙනවා. ඉන්පසු අලුත් වැඩියා කෙරුණු එතුමන්ගේ කතා විලාශය සහ හැසිරීම පමණක් අධ්‍යයනය කළද චීන පුහුණුවේ තරම තේරුම් ගත හැකියි. එදා බීබීසී සාකච්ඡාවේ දී හැසිරුණු ආකාරයට වඩා වෙනස් හික්මීමක් ඇති ගෝඨාභය කෙනෙකු දැන් මාධ්‍යය ඉදිරියේ පෙනී සිටී. චීන හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු ද එතුමාගේ උදව්වට කොළඹට පැමිණි බවද වාර්තා වෙයි. ජනාධිපති අපේක්ෂකයා පිලිබඳ යහපාලන ආණ්ඩුවට වඩා අර්බුදයක සිටින්නේ රාජපක්ෂ කෙනෙකුගෙන් තොර ජනාධිපති ඡන්දයක් ජය ගැනීමක් ගැන සිතාගැනීමටවත් නොහැකි එකාබද්ධ විපක්ෂය බව පැහැදිලිව පෙනෙන මේ කාලයේ ගෝඨාභය මහතා හොර ගල් ඇහිඳීම නවත්වා කෙලින්ම තම අරමුණ ප්‍රකාශ කලොත් ඔය නඩු වලට කිසිම විනිසුරුවෙක් ඉදිරිපත් නොවෙන වාතාවරනයක් ඇතිවීමටද බැරි නැත. එතකොට ඔය නීතිපති වරු අවශ්‍ය වන්නේ නැත. මේක ඉතින් ලෝකෙන්ම උතුම් ලංකාවනේ.
වැරදි වැඩ කරලා ඒ ගැන අහන්නත් එකඟ කර ගන්න ඕනද? වෙනම අධිකරණයක් විතරයි මෙයාලට හදාගන්න බැරි වුණේ.....
ඔන්න බලන්න යහපාලනය කාට හොඳයි කියලා පහසුවෙන් තක්සේරු කරන්න පුළුවන්...? මෙහෙමද අනිත් අයටත් සලකන්නේ? මේක මාර එකඟතාවයක්නේ?
ගෝටා වැරැද්දක් කරලා නැත්නම් උසාවිය ඉදිරියට යන්න ඔච්චර බය ඇයි ?
එදාටත් උසාවියෙන් වාරණ නියෝගයක් ගනීද දන්නේ නැහැ.