(ජයන්ත සමරකෝන්)
ඒකාබද්ධ විපක්ෂයේ ජන බල මෙහෙයුමට රජයේ කිසිදු බාධාවක් එල්ල නොවුයේ ජනාධිපතිවරයාගේ අශිර්වාදය ඊට ලැබුණ නිසා යැයි ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා අද (6) පැවැසීය.
කොළඹට පැමිණි මහා ජන ගඟ ජනාධිපතිවරයාගෙන් ඉල්ලුවේ අලුත් ආණ්ඩුවක් පමණක් යැයිද පුංචි බොරැල්ලේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා එසේ කීය.
COMMENTS
හිතේ ලැජ්ජාවට ඔහොමවත් කියාලා සැනසෙන්න
අනේ ඇත්තද
ඡන්දෙන් කුජීත වෙන්නම පැරදිලා ජනාධිපතිගේ දෝලාව උස්සන්න ජාතික ලැයිස්තුවෙන් ගත්ත අයියලා ළඟ කිසිම කෙලෙහි ගුණයක් නැහැ වගෙයි පෙනෙන්නේ...
ඔව් ඉතින් අවබෝධතා ගිවිසුමේ අවුරුදු දෙක ඉවරයිනේ. දැන් දෙපැත්තට වෙලා අපට පෙනෙන්න ගුටි ඇනගෙන අපිව ගොනාට අන්දලා ඡන්ද ටික කඩාගෙන වැඩියෙන් එකක් හරි ගන්න කට්ටිය ආණ්ඩුවක් පිහිටුවනවා. එහෙම ආණ්ඩුව පිහිටුවලා අනික්පැත්තේ කට්ටිය තව අවුරුදු දෙකක් යනකල් ආණ්ඩුවට මුක්කු ගහගෙන තුනෙන් දෙකක් හදලා දීගෙන සහජීවනෙන් ඉන්නවා. ආයෙත් අවුරුදු දෙකකින් ගුටි සන්දර්ශනේ පෙන්නලා අපිව ගොනාට අන්දනවා. එ් පැත්තෙන් නියෝජ්‍ය නායකයා එක්කලා කට්ටිය මේ පැත්තට ඇවිත් මුක්කුව ගැහැව්වා. කාලේ ඉවර වුණාම එ් පැත්තට ගියා. මේ පැත්තෙත් නියෝජ්‍ය නායකයා ජනාධිපති වෙලත්, මහඡන්දෙන් වැඩිය ගත්තු පැත්තට අවුරුදු දෙකක්.. සපෝට් එක දෙන්න අවබෝධතාවෙන් එකඟවෙලා තියෙන නිසා, ඒ පැත්තට මුක්කුව ගහලා අවුරුදු දෙකක් තල්ලුව දුන්නා. දැන් මුක්කු ගහපු කාලේ ඉවරයි. ගිය කට්ටිය මේ පැත්තට ඇවිත් තව කැමති කට්ටියත් එකතු කරගෙන අපට සරඹ සංදර්ශන පෙන්නනවා. ඒ අතරේ අරය බලනවා ජනාධිපති කමේ බලතල අයින් කරලා හින්නූලෙන් පස්ස දොරෙන් විධායක බලතල අතට ගන්න. මහත්තයෝ කබල්ලෑව ඔලුව හන්ගගත්තට පස්ස එළියෙ කියලා දන්නේ නැතිද? ඡන්දෙ ඉවර වුණාම කොයිකොයි නියෝජ්‍ය නායකයොත් ආපහු තම තමන්ගේ ගේ දොරවල්වලට එනවා.
ඇත්තටම අනේ පවු.රට කෑව වගේ කොළඹත් කාල ගියා හැමතැනම.
අරක තමයි....
ඒකාබද්ධය මොකටද ජනාධිපතිගේ ආශීර්වාද ඉල්ලන්නේ. කටට ආවට කියන විකාර.
තිබෙන ආණ්ඩුවේ නායකයා කවුදැයි ඔබ නොදනීද? ජනාදිපති තුමා වෙස්සන්තරද හිස් ගෙඩිය දන් දෙන්න ? ඔබ වැනි යටි කූට්ටු දෙපැත්ත කන අය මුළු රටටම අයහපතක්
මිනිහෙකුට සවුත්තුවෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒත් මෙයාට එහෙම සීමාවක් ඇත්තේම නැහැ. අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී.
කොහොමත් එකට හිටිය කට්ටියනේ........... එතකොට එක සමානයි........
ඇදගෙන ඉන්න ඇඳුම් ගලවල කතාකරනම් තමයි ලස්සන
එය ඇත්ත උනත් නැතත් අායෙත් ජනබල මෙහෙයුම් කෙරුවොත් පොහොට්ටුවේ බංකොලොත් බව තවදුරටත් පැහැදිලි වේවි .
ඔබතුමා දෙසා වදාරන හැම අවස්ථාවකම , අතිගරු මෛත්‍රීපාල ජනපතිතුමාට ස්තුතිය පුද කරන්න ඕනෑ, මොකද මේ හැම දෙයක්ම එලියට එන්නේ ගරු ඔබතුමන්ට ලබා දුන් පිං මන්ත්‍රීකමේ ආශිර්වාදයෙන් නිසා.
රටේ අවාසනාවට ඉපදුන පිරිසක් !!
ජනබල මෙහෙයුමේ අසාර්ථකත්වය සහ සංවිධාන දුර්වලතා දැක්කාම මේ කියුම ඇත්ත වෙන්න පුළුවන් කියා මටත් හිතෙනවා.......
එකඑක දවසට, එකඑක වෙලාවට, එකඑක පක්ෂවල ඉඳගෙන පිස්සු කතා කියන එක කවද්ද අප්පා නවත්තන්නේ?
ජනපතිතුමා මේ පිං මන්ත්‍රීකම දීලා තියෙන එකෙන් මේ අය ගන්න පඩිනඩි වරප්‍රසාද ඔක්කොම මොන තරම් මහජන මුදල් නාස්තියක්ද? අපිට බදු පිට බදු ගහලා මේ කරන මහජන මුදල් නාස්තිය මොන තරම් සහ ගහන අපරාධයක්ද?