(නිමන්ති රණසිංහ)
අල්ලස් පනතේ ”දූෂණය” නම් වරද සිදුකළැයි චෝදනා ලැබ සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකු සම්බන්ධ නඩුවේ චෝදනා සංශෝධනය පිළිබඳ නියෝගය අගෝස්තු 25 වැනිදා ලබාදීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (14) තීරණය කළේය.
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (සතොස) සේවකයින් 153 දෙනෙකු සිය නිල රාජකාරියෙන් පරිභාහිර කටයුතුවලට යොදවා අතිකාල දීමනා වශයෙන් රුපියල් හාර කොටියකට අධික මුදලක් ගෙවමින් රජයට පාඩු කළැයි ඔවුන්ට එරෙහිව චෝදනා පවතියි.
නඩුවට අදාළව ඇප මත සිටි හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළෙද අමාත්‍ය ජොන්ස්ටන් ෂේවියර් ප‍්‍රනාන්දු, සතොස හිටපු සභාපති පොන්නගේ එරාජ් පි‍්‍රයන්තා ප‍්‍රනාන්දු සහ සතොස හිටපු කි‍්‍රයාකාරී අධ්‍යක්ෂ කාජා මොහිදින් මොහොමඞ් ෂාකීර් යන අය අද අධිකරණය හමුවේ පෙනී සිටියහ.
COMMENTS
ප්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධ නඩුවක්ද?
ජනතාව ඡන්දය දී නියෝජිතයා පත්කර ගන්නේ ඔහුට ඕනේ විදියට බලය ඉක්මවා ක්‍රියාකරන්න නොවේ. අපේ රටේ දේශපාලකයන් බලයට පත්වූ ගමන් ක්‍රියාකරන්නේ ඔවුනට කල නොහැකි දෙයක් නොමැති ආකාරයෙනි .. ඔවුන් ඔවුන්ට හිමි රාජකාරී රාමුවෙන් ඔබ්බට ගොස් බලය අයුතු ලෙස පාවිච්චි කරනවා. එවිට ඔවුන්ගෙන් සිදුවෙන්නේ අවැඩක්මයි. බලයට පෙර කිසිම වත්කමක් නොමැති ඔවුන් බලයට පත්වූ පසු මහා ධනවතුන් බවට පත්වෙන්නේ බලය නීති විරෝධීව හසුරවන බැවිනි. මොවුන්ට එරෙහිව ක්‍රියාකිරීමට පක්ෂ නායකයින් මැලි වන්නේ ඔවුනුත් එම ක්‍රියාවලියේම යෙදී ඉන්න නිසයි. ලංකාවේ වත්කම් වැඩි ප්‍රමාණයක් අද අයිති කරගෙන භුක්ති විඳින්නේ දේශපාලකයන්ය කීවොත් එයයි නිවැරැදිය. රටේ ඕනෑම දූෂණයක, මංකොල්ලයක දේශපාලකයකුගේ නම සඳහන් වීම ඉතා සුලභ දෙයක්. එ් නිසා මොවුන්ට දඬුවම් කල යුතුමයි.
එක ඇමති කෙනෙකුගේ උපදේශකවරු හැටක්. තව කෙනෙක් වැඩේට ගොඩනැගිල්ල හදන්නත් කලින් රස්සාවලට දාලා. මේවා යහපාලන හොරු අල්ලන්නේ කවදාද?
ඔක්කොම එකම ජාතියේ... ජනතාව රැවටිලා ඉන්නේ.. රටට නියෝජිත ආණ්ඩු ක්‍රමය සඳහා එන සියල්ලන්ට කිසිම වරප්‍රසාදයක් නොදී රාජකාරියට රජයේ නිලරථයක් දී විශ්‍රාම නොදී, වැටුප් නොදී වාහන බලපත්‍ර නොදී ඉන්න කොට අවංක නියම සුදුස්සන් ගැන තේරේවි!!! නැතහොත් රට ක්‍රමයෙන් ප්‍රපාතයට යනවා. මට නම් රටේ නව නායකයන් පෙනෙන තෙක් මානයක නැති බවයි පෙනෙන්නේ... ශ්‍රී ලංකා වැසියනි, මෙම තටටු මාරුවට ප්‍රබල හඬ නගන බලවේගයකට ඉදිරි මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කරමු. අනේ අපේ රට ප්‍රපාතයකට යනහැටි.... ජනමතයට හිස නමන නායකයෝ බිහිවේවා !!!
මෙයාලා ගැන හරි තීන්දුවක් දෙන්නේ කවදාද? හොරු බේරිලා යයි කියලයි මගේ අදහස...