
(ශාන්ත රත්නායක)
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ජගත් පී. විජේවීර මහතා අද (17) කොළඹ ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී ධූරයේ රාජකාරි ආරම්භ කළේය.
මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන) එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී. සත්කුමාර මහතා, අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්) එච්. හේවගේ මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යංශයට අනුබද්ධ ආයතනවල ආයතන ප්‍රධානීන් රැසක් සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර නම් කිසිම අණබෙර ගැහිල්ලක් නෑ, පත්වීමේ ලිපිය ගෙනිහින් අත්සන් කරලා වැඩ පටන් ගන්නවා. දැන් මාධ්‍ය සංදර්ශන..! තව ටික කාලෙකින් ලියන්න මහත්තුරු වැඩබාර ගන්න කොටත් මාධ්‍ය කැඳවයි...
මුලින්ම ඇමැතිලා වැඩ අරඹපු හැටි වැදගත් ප්‍රවෘත්ති බවට පත්වුණා. අත්සන් කරන හැටි, පිරිත් නූල් බඳින හැටි, ඊළඟට රාජ්‍ය ඇමැතිලාගේ විස්තරේ. ඒ ගමන ලේකම්ලා... අනේ මීට වඩා ඵලදායී ප්‍රවෘත්තියක් නැද්ද අපිට දැනගන්න? මේ ලෝකේ වෙන කිසි රටක ඇමැතිලා, රාජ්‍ය ඇමැතිලා, ලේකම්ලා වැඩ බාරගන්නේ නැද්ද? මේ ලංකාවේ විතරද එහෙම ඒවා වෙන්නේ? අඩු ගානේ ඊයේ දවසේ ඇණ හිටපු විදුලිය යථාතත්වයට පත්වෙලාද? නැද්ද? කියලා වත් කිව්වේ නැහැ තවම...
භාන්ඩ රැසක ආනයන බදු වැඩි වුනා කියන නිව්ස් එකත් කොහෙවත් නෑනෙ