පාලිත ආරියවංශ
ජනබලයට සහාභාගී වු ඇතමුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට හූ කිවු එක කිසිසෙත්ම අනුමත නොකරන බවත් එය තමන්ගේ අම්මාට අපහාස කළාට ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
බදුල්ලේ පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මෙසේ කීවේය.
හැබැයි හූ කියපු අයට ඇගිල්ල දික්කරන්න මහින්ද අමරවීර මහත්තයාට අයිතියක් නැහැ. සිරිකොතේ වැසිකිලි සෝදන ගමන් අසූචි කන ගමන් තමයි කාටහට වාතයක් ගියොත් ගදයි කියනේනේ. කොහොම නමුත් පක්ෂ මුලස්ථානය හූ කියපු එක අපි හෙළා දකිනවා.
අපි 16 දෙනා ඒකාබද්ධයේ ඉදගත්තේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා පක්ෂයේ නායකයා හැටියට එතුමාගෙන් අවසර අරගෙන. දුමින්ද දිසානායක මහත්තයා පක්ෂයේ මහලේකම් නොවන නිසා අපි අයින් කරන්න එයාට කොහොමටවත් බැහැ.
පක්ෂයේ දැන් ඉන්න මහ ලේකම්ටත් අපි අයින් කරන්න බැහැ මොකද එතුමා තවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අරගෙන නැහැ. ඒ නිසා දුමින්ද දිසානායක මහත්තයා හීන දකිනවා දවාලටත් හීන දකිනවා.
COMMENTS
වස කුප්පියක් කතා කරයි.....
අපෙන් පිනට කන ගමන් තව කයිවාරු ගහන්න හදනවා
තමන් තමන්ටම ගහ ගන්න මේ කාලේ තමන්ටම හූ කියා ගන්න එක ගැන මොන කතාද?
ලඟක් වෙනකම් මෙයත් ඔය කියන වැසිකිළිය හේදුවනේ...
මෙවැනි අය ගෙදර යැව්වත් අාපහු පාර්ලිමේන්තුවට එන ක්‍රමය නවත්වන්න ඕන
බදුලු ජනතාව වෙතයි. මේ වගේ නිකමුන්, පිංගුත්තරයන් ආයිමත් පාර්ලිමේන්තුවට නම් එවන්න එපා.