සුජිත් හේවාජුලිගේ
ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළේ තමන්ගේ පක්ෂයේ අර්බුදය වසා ගැනීමට යැයි පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොතිබූ අවස්ථාවක සැසිවාරය අවසන් කිරීමට විධායක බලය පාවිච්චි කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී යැයි ද ඔහු කීය.
අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීවේය.
‘ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළේ පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය තාවකාලිකව වහ ගන්නයි. එතුමාගේ ඇමැතිවරු එහාට මෙහාට පනින එක වළක්වන්නයි. ඒවා එයාලගේ ප්‍රශ්න. ඒ ප්‍රශ්න රටට අදාළ කරන්නේ මොකටද? පාර්ලිමේන්තුවට ලබන 19 වැනි දා විගණන පනත ගේන්න තිබුණා.
අපි 20 වැනි සංශෝධනය ඉදිරිපත් කරන්න බලාගෙන හිටියා. දැන් ඒ ඔක්කොම ඉවරයි. හරි නම් ජනාධිපතිතුමා කරන්න ඕනා ඒවා ඉදිරියට ගෙන යන විධියට වැඩපිළිවෙළක් හදන එකයි. නමුත් කළේ වෙනත් දෙයක්. මේ වැඩ බලනකොට අපිට කියන්න වෙන්නේ කැතයි ලැජ්ජයි කියලා විතරයි.‘‘
COMMENTS
සහතික ඇත්ත...
සිරිසේන මහතාට පුළුවන් දේ හරි කරන්න වෙනවා. නැත්නම් මිනිස්සු ගණන් ගන්නේ නැතුව යනවනේ. මොකද අගමැතිට අයින්වෙන්න කිව්වට අයින් වුනේ නැහැනේ. අපි අනුකම්පා කරමු.
අර්බුද නැති දේශපාලන පක්ෂයක් මේ රටේ තියනවද සහෝදරයා?