(අමල් වික්‍රමරත්න)
මහනුවර ඇති වූ නොසන්සුන්තාවත් සමඟ පැන වූ හදිසි නීතිය ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට අවලංගු කර තිබේ.
මේ වන විට රටේ ආරක්ෂක තත්ත්වය යහපත් වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජපාන නිල සංචාරය නිමවා ඊයේ (17) රාත්‍රියේ මෙරටට පැමිණි පසු පනවා තිබු හදිසි නීතිය අවලංගු කළ බව දැක්වෙන ඇති විශේෂ ගැසට් පත්‍රය අත්සන් කර නිකුත් කැරිණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස සිය ජපාන සංචාරය නිමා කරමින් ඊයේ රාත්‍රී 11.30 ට පමණ මෙරටට පැමිණියේය.
COMMENTS
නොවේ මෙවන් වින්නධයක් ලොවේ.
ලංකාවට ආ විගස හදසි නීතිය ඉවත් කරන්න තරම් ඉක්මන් උනේ ජාත්‍යන්තර බලපෑම් නිසාද ?
මේ අපිද ඒක දැම්මේ?
ආපු ගමන් හදිසි නීතිය අයින් කරන්න තරඟ හදිසිය මොකක්ද. අර්බුධය විසදුනෙත් නෑ, හරියට ලංකාවේ මොකක් හරි අර්බුධයක් පන නැගුන ගමන්ම මෙයා ජපන් , කොරියා හෝ කොහේ හරි යනවා.
ඉතින් ඕක දැම්මේ අගමැතිත් එක්ක එකතු වෙලා ඔබතුමාගේ කැමැත්තත් ඇතිව නම්, ඒක ඉවත් කරන එකත් එකට එකතු වෙලා ම කරා නම් ඉවරයි නේ, බොරුවට ලකුණු දා ගන්න ඉස්සර වෙලා කොර ගන්නේ නැතිව.. යහපාලනය වෙනුවට 3 වෙනි පන්තියේ දේශපාලනය
ජනාධිපතිතුමා යුද්දේ දිනුවා වගේ.
අර මෙහෙ උසාවියෙන් හොයන කෙනත් එක්ක ගෙනද ආවේ?
නීතිය හදිසි බව කිව්වෙත් මෙමාය... අතරමගදී ජපන් ගියෙත් මෙමාය... වැඩේ කැත බවත් කිව්වේ ජපනාය... එබැවින් හදිසි නැති බව කිව්වෙත් මෙමාය..
හදිසි නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කළේ නැත්නම් ඉබේ අහෝසි වෙනවා. ගැසට් අනවශ්‍යයි.
හදිසි නීතිය පාර්ලිමේන්තුව මගින් යලි දීර්ඝ නොකරන්නේ නම් ඊයේ 16 මධ්‍යම රාත්‍රියෙන් ඉබේටම අවසන් විය යුතුව තිබියදී, හදිසි නීතිය අවලංගු කිරීම සඳහා නියෝගයක් අවශ්‍ය වන්නේ කොහොමද? ඉබේ අවසන් වන නියෝගයකට අලුතින් ගැසට් නිවේදන අනවශ්‍යයි. මේකත් අර වටේට ඉඳගෙන දිරච්ච ලණු දෙන රන්බත් පිජාලගේ තවත් බහුබූත ක්‍රියාවක් කියලයි හන්දියේ කට්ටිය කියන්නේ. දැන් මේ සේරම කැසපට ගහන්නේ වහ වහා අගමැතිවරයාට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනැවිත් කන්න දුන්න අත් දෙකම හපා කෑමට නේද?
කවුද දන්නේ නැහැ, මේක දැම්මේ ?
පාර්ලිමේන්තුව පසුගිය 09 වෙනිදා අවසන් වරට රැස්වූ අතර යලි රැස්වීමට නියමිතව තිබෙන්නේ 20 වෙනිදා ට ය. ඒ අතර තුර දිනයක් වූ 16 වෙනිදා ජනාධිපති පැනවූ හදිසි නීතිය අවසන් වන්නේ නම් එය දීර්ඝ කළ යුතුව තිබුනේ 09 වෙනිදා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී ය. එදින ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යංශය මගින් හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාවක් ගෙනැවිත් පාර්ලිමේන්තුවේ සම්මත කරවා ගත යුතුව තිබිණ. නමුත් එවැන්නක් සිදු කෙළේ නැත. ඉබේ අවසන් වන නියෝගයකට අලුතින් ගැසට් නිවේදන අනවශ්‍යය.මේවා මෙගා ඩ්‍රමාය
ඔක්කොම හරි.
අනේ මෙහෙම රටක්.. රටකට ගිය කලක්..
රටේ පුංචි ප්‍රශ්ණයක් ඔඩු දුවනකන් කිසිදු තීරණයක් කළට වෙලාවට ගැනීමට අපොහොසත්වී කරකියාගත නොහැකි වූ විට හදිසි නීතිය දැමීම මහා බලගතු ක්‍රියාවක් කියලයි සමහර අත්දැකීම් අඩු දේශපාලකයන් සිතන්නේ.ආරක්ෂක ඇමැතිකමට නියම සුදුස්සාව පත් නොකොට කල්මරුවේ නැතිනම්,රටේ කළබල ඇතිවන්නේ නැත. ඒ අතින් බලනවිට මහින්ද මහත්තයා අර තරම් විශාල යුද්දයකටත් නායකත්වය දුන්නානේ."ලුලා නැති වලට කණයා පණ්ඩිතයාලු".මහින්ද මහතා හොද එඩිතර නායකයෙක්.එත් එතුමා වටේ ඉන්න අරිට්ට කී වෙන්ඩුලා,පරපුටුවන් ආදීන් නිසා තමයි එතුමාගේ පිරිහීම ඇතිඋනේ. ඉදිරියේදීත් එහෙමයි.කොහොම උනත් ඉදිරි මැතිවරණ වලදී සටන පවතින්නේ මහින්ද මහතාගේ අලුත් පක්ෂයත්,එජාපයත් අතරයි.පරණ වාද භේද සියල්ල අතහැරලා,සිදුවූ වැරදි වලට ජනතාවගෙන් සමාව ගෙන මේ පක්ෂ දෙකට එකතුවීමට හැකිනම් අපට යහපත් හෙටක් ගැන සිතිය හැකි වේවි...
හැමෝටම සමානව සාධාරණව අකුරට නීතිය තිබුනානම් - ක්‍රියාත්මක කලානම් මේ වගේ හදිසි නීති ගෙන්න ඕන වෙන්නේ නෑ. බල්ලෝ පොරේට පනිනකොටම පොල්ල ගන්න තිබුනා... හපන්න අවොත් තඩිබාන්න තිබුනා ... කුඩුවටදාල වහන්න තිබුනා ... ඇති හැකි එකාට එක නීතියක් ? නැති බැරි එකාට තව නීතියක්.
හදිසි නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කළේ නැත්නම් ඉබේ අහෝසි වෙනවා. ගැසට් අනවශ්‍යයි. ඉබේ අවසන් වන නියෝගයකට අලුතින් ගැසට් නිවේදන අනවශ්‍යය. බොරුවට ලකුණු දාගන්න හදනවා අපි මෝඩයෝ කියල හිතනවා....
මොනවද මේ කතා. හදිස්සි නීතිය පනවන්න පුළුවන් එකම බලධාරියා ඔහුම තමා ඒ වගේම එය ඉවත් කල හැකි බලධාරියත් ඔහුම තමා. ඉතින් මෙය අලුත් දෙයක් නෙවෙයි පුරසාරම් දොඩවන්න.
මෙතුමාම නාට්ටියෙ තිර රචනය ලියනවා. මෙතුමාම රගපානවා. මෙතුමාම නීතිය දානව. දෑන් නිකන් ජනතාවට පේන්න ඒක ඉවත් කරන්වා. අනේ මන්දා...