IMG-LOGO

2025 ජනවාරි මස 22 වන බදාදා


ජනපති නියමයෙන් උසස්වීම් 1014 ක් අත්හිටුවයි

( රංජන් කස්තුරි)

දේශපාලන පළිගැනීම්වලට ලක් වු අධ්‍යාපන ක්ෂේත්‍රයේ 1014 දෙනකුට අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ඉහළ තනතුරු ලබා දීම ජනාධිපතිවරයාගේ නියෝගයෙන් අත්හිටුවා තිබේ.

දේශපාලන පළිගැනීමවලට ලක්වු 1014  දෙනකුට ඉහළ තනතුරු ලබා දීමට  අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු යොදා තිබු අතර ඒ සම්බන්ධයෙන් ගුරු හා විදුහල්පති සංගම් දිගින් දිගටම විරෝධය දැක්වීය.

අධ්‍යාපන අමාත්‍යංශ කමිටුවක් මගින් තෝරාගත් දේශපාලන පළිගැනීම්වලට ලක් වුවන් බව කියන ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ පෞද්ගලික ලිපි ගොනු පරීක්ෂා කිරීමටත් ඔවුන් සැබැවින්ම දේශපාලන පළිගැනීම්වලට ලක්වුවන්දැයි සොයා බැලීමටත් ජනාධිපතිවරා උපදෙස් ලබා දී තිබේ. 



අදහස් (19)

ජනපති නියමයෙන් උසස්වීම් 1014 ක් අත්හිටුවයි

Chandima Wednesday, 25 July 2018 12:02 PM

19 වන ව්‍යවස්ථා සංශෝධනයත් සමග අපේ ජනාධිපතිතුමා දත් ගලවපු, කඩපු කොටියෙකුගේ තත්වයට පත් වෙලා තියෙනවා. එතුමාගේ මොන අත්හිටුවිල්ල වුණත් අගමැතිතුමා ඇතුළු ඇමතිවරු ටික විසින් බොහොම ඉක්මණට තමන්ට ඕනෑ විදියට ආපසු කරකවාගෙන කරගෙන යනවා. ඊට පස්සේ ජනාධිපතිතුමාත් සද්ද නැතුව පාඩුවේ ඉන්නවා. ඔන්න අපි දැන් බලන් ඉඳිමු වෙන්නේ මොකද කියලා...

:       28       475

samanWednesday, 25 July 2018 12:28 PM

අර උපාධිධාරී පත්වීම්, තෙල් මිල වෙනස්වීම් වගේ.... මට නම් පේන්නේ දෙන්නා සෙට් වෙලා "මම විරුද්ධ වෙන්නම් ඔයා කරගෙන යන්න" කියල කරන වැඩ තමයි.

:       50       343

විජිත් Wednesday, 25 July 2018 12:41 PM

ඇත්ත, දැන් මෙයා දත්, නියපොතු ගලවපු (හැලිලා නොවෙයි - බලෙන් ගලවලා) කොටි හපුවෙක් වගෙයි.. බොරුවට කෑගහනවා. ගිය සුමානේ කිව්වා "කවුරු එපා කීවත් ..එල්ලන එක එල්ලනවාමයි..) කියලා. හැබැයි මට චූටි සැකයක් තියෙනවා... කුඩු කාරයින් ටික එකතුවෙලා අපේ ජනාධිපතිතුමාව එල්ලයිද කියලා...

:       72       260

නලින්දWednesday, 25 July 2018 07:10 PM

විජිත්, දැනට අලුගෝසුවෙක් නැහැල්ලු. ගිය සුමනේ ඉඳලා ඉන්ටෙර්විව් කරනවා. වාසනාවකට අලුගෝසුවා හිටියේ නැත්තේ. හැබැයි..හිටියානම් දැනටමත්..කුඩ්ඩෝ ටික එකතුවෙලා අපේ ජනාධිපතිතුමාව එල්ලලා.

:       0       0

sampathWednesday, 25 July 2018 12:46 PM

හොඳම උදාහරණයක් තමයි තෙල් මිල...

:       0       98

MaheeWednesday, 25 July 2018 11:39 PM

චන්දිම හරි

:       0       0

සතයපාල Wednesday, 25 July 2018 12:38 PM

එක ආණ්ඩුවක් බලයට ආවාම තමන්ගේ අයට උසස්වීම් හා පහසුකම් සහිත ප්‍රදේශවලට මාරුවීම් විපක්ෂයේ අයට උසස්වීම් අත් හිටුවීම හා දුෂ්කර පළාත්වලට මාරුවීම්. මේ නරුම ක්‍රමයවත් නවත්වන්න මේ ආණ්ඩු එකකටවත් බැරි වුණා. ඒ වුණාට වේදිකාව උඩට ගියාම රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ඵලදායිතාවය වැඩි කරන්න පම්පෝරි ගහනවා. අඩුම ගානේ රාජ්‍ය සේවකයාට නිදහස් මානසිකත්වයකින් තමන්ගේ රාජකාරිය කරන්න හැකි වටපිටාවක් නිර්මාණය කරනතුරු හා දේශපාලන ඇඟිළි ගැසීම් පවතිනතුරු මේ රට මෙහෙමම තියේවි...

:       73       415

dinesh Wednesday, 25 July 2018 12:52 PM

සොයාබලා නුසුදුස්සෝ ඉන්නවා නම් ඉවත්කළ යුතුයි. කලකට පෙර අපේ නැන්දා කෙනෙකුට ගුරු පත්වීමක් ලැබුණා බදුල්ලට දුෂ්කර සේවයට. එසේ ගිහින් වසරක් පමණ යනවිට නැන්දා එම පාසලේ සිටිය පුහුණු ගුරුවරයෙකු සමග යහළු වී කසාද බැන්දා. ඒ මාමාට උපාධියක් නැහැ කියා අපේ සමහර නෑදෑයෝ වැඩි කැමැත්තක් දක්වුයෙත් නැහැ. නැන්දගේ දුෂ්කර සේවාකාලය අවසන්වුවට පසු දෙන්නම ආපසු ගමට අවා ස්ථාන මාරු ලබාගෙන... ඔන්න 1994 ආණ්ඩු පෙරළියෙන් පසු දේශපාලන පලිගැනීමට ලක්වූවන්ට උසස්වීම් දෙනකොට මාමටත් පරිපාලන සේවයේ 2 ලැබුණා. මාමා කරලා තියෙන්නේ තම කැමැත්තෙන් ලබාගත් මාරුව දේශපාලන පලිගැනීමක් වශයෙන් පෙන්වීමයි. සමහරු කිව්වා‍ මාමා හොඳ මොලකාරයෙක්. බින්න බහින්න තම කැමැත්තෙන් ලබාගත් මාරුව දේශපාලන වාසි ලබාගැනීමට යොදාගත්තා. තනතුර ලැබුණාට පස්සේ මා දුටු එකම වෙනස ටයි පටියක් පැළඳගෙන වැඩට යන එක පමණයි. එ් නිසා මා හිතනවා ගුරුවරු ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටින 300000 පමණ පිරිසෙන් 1014 කට තනතුරු දුන්නට ඔය සුළු පිරිසකට අධ්‍යාපනයේ දියුණුවට හෝ පිරිහීමට කිසිවක් කරන්න පුළුවන් කියා...

:       16       90

sena Wednesday, 25 July 2018 01:09 PM

ඕනෑම දෙයක් බ්ලොක් වුණා හරි, බකල් වුණා නම් අපේ ජනාධිපතිතුමා එතන ඇති...

:       0       111

gunarathna Wednesday, 25 July 2018 01:22 PM

ඡන්දෙන් පැරදුණු හෙන්චයියන්ට ඇමැතිකම් දීපු එකත් මේ පත්වීම් දීපු හැටිත් අතර මට නම් වෙනසක් පේන්නේ නැහැ...

:       0       214

saranapala Wednesday, 25 July 2018 01:32 PM

කේ.ඩී.යූ. එකටත් උ.පෙ නැති 54ක් ගිහින් කියලා කියනවා. සයිටම් එකෙන්... එහෙම නම් ඕක ම‍ොකක්ද?

:       435       189

ravi Wednesday, 25 July 2018 01:37 PM

උපාධියක් තිබුණට වැඩක් නැහැ.. තමන්ගේ රාජකාරිය හරියට ඉෂ්ට කරගන්න බැරිනම්. අද පාසල්වලට උදාවෙලා තියන තත්ත්වය දැක්කාම.. මෙයාලගේ උපාධියයි, පණ්ඩිතකමයි මොකටද කියලා හිතෙනවා..?

:       95       79

RNGThursday, 26 July 2018 04:18 AM

ඒක උපාධියෙ ප්‍රශ්නයක් නෙවෙයි රවි. අධ්‍යාපන ක්‍රමයෙ වැරැද්ද. කැම්පස් එකකට ගියා නම් ඒක හොඳට තේරෙනවා, වර්ෂාර්ධය ක්‍රමයකින් ඔය කියන තරම් දැනුමක් දෙන්න පුළුවන්ද කියලා ..

:       0       12

RNG Thursday, 26 July 2018 04:22 AM

අනිත් එක තව දෙයක් ගුරුවරු විදියට ඔතෙන්ට යන්නෙ උපාධිය තියෙන අයම විතරක් නෙවෙයි. විද්‍යාපීඨ වලින් එන අයත් ඉන්නවා. ඒ කියන්නේ කැම්පස් යන්න තරම් ලකුණු තිබුණු අය නෙවෙයි. ඔන්න ඔහොමයි අපේ රටේ රැකියාවලට බදවා ගන්නෙ..

:       0       6

sudath Wednesday, 25 July 2018 02:29 PM

මහජනතාව දිගින් දිගටම රැවටීම අද ප්‍රබල දේශපාලන කලාවක් වෙලා...

:       0       31

chandana Wednesday, 25 July 2018 04:39 PM

මගේ දරුවෝ දෙන්නා හෙට ඉස්කෝලේ යවනවද නැද්ද. ගුරුවරු ඒවිද, දරුවෝ ඒවිද, අන්තිමට කරපු දෙයකුත් නැහැ. පාඩුව දරුවන්ට

:       0       19

pissa Wednesday, 25 July 2018 07:31 PM

චන්දන, මටත් තියෙන ප්‍රශ්නයක්. සෑහෙන්න වතුර බොන්න ඕනේ ප්‍රශ්නයක්. මේ උද්ගෝෂණ හීනමානය තුරන් වෙන්න.

:       0       0

චන්දන Thursday, 26 July 2018 02:55 AM

මේ දේශපාලන පලිගැනීම් තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ විතරද? අනෙකුත් අමාත්‍යාංශවල මෙහෙම විගඩම් නැහැනේ. ඕන දෙයක් ගණන් නොගෙන කොරන්නේ අධ්‍යාපනයේමයි.

:       0       0

sanjeewa Thursday, 26 July 2018 06:58 AM

දැන් මෙහෙම කලාට තව ටික දවසකින් අනුමත කරයි තෙල් මිල වැඩි කලා වගේ. මොකද කට්ටිය මතක් කරලා දෙයි මෙයාව පත්කළේ කවුද කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වරාය බටහිර බහලු පර්යන්තයේ උපදේශන කොන්ත්‍රාත්තුවක් පිරිනමයි
2025 ජනවාරි මස 22 12 0

කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ අදියර II හි බටහිර බහාළු පර්යන්ත දිය කඩනය දීර්ඝ කිරීමේ සවිස්තරාත්මක සැලසුම මෙහෙයවීම සඳහා උපදේශක සේවාව ලබා ගැනීමේ කො


විද්‍යා තාක්ෂණ ඇමැති මහාචාර්ය පදවිය ඉවත් කරගනියි
2025 ජනවාරි මස 22 490 0

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ නම ඉදිරියෙන් සඳහන්ව තිබූ මහාචාර්ය පදවි නාමය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන


අලුත උපන් බිළිඳා ළිඳකට දමලා
2025 ජනවාරි මස 22 121 0

තම අලුත උපන් බිළිඳා ළිඳකට දමා ඝාතනය කළ මවක අත්අඩංගුවට ගත් බව චාවකච්චේරි පොලිසිය පවසයි.


එජාප - සජබ සාකච්ඡා සාර්ථකයි
2025 ජනවාරි මස 22 562 0

එක්සත් ජාතික පක්ෂය හා සිදුකළ පළමු සාකච්ඡාව සාර්ථක බවත් ඒ අනුව පක්ෂ දෙක ඒකාබද්ධ කිරීමට එකගත්වය පළවූ බවත් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ම


සමන් දේවාලයේ ඇත් දළ යුගළ දෙකක් අතුරුදන්
2025 ජනවාරි මස 22 589 0

රත්නපුර සබරගමුව මහ සමන් දේවාලය සතු එහි තැන්පත් කර තිබූ ඇත්දළ යුගල දෙකක් දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයා භාරදීමට කටයුතු නොකිරීම පිළිබඳව බෞද්ධ කටයුතු


පළාත් කිපයකට අදත් තද වැසි
2025 ජනවාරි මස 22 76 0

නැගෙනහිර, උතුරු,උතුරු - මැද මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 449 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 619 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 340 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site