( සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, මිහින් ලංකා සමාගම සහ ශ්‍රී ලන්කන් කෙටරිස් සමාගම යන ආයතනවල සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිල කාලය තව මාස පහක් දීර්ඝ කර තිබේ.
ඒ අනුව මෙම කොමිසමට ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වා කටයුතු කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.
කොමිසමේ නිල කාලය ඊයේ (31) අවසන් වීමට නියමිතව තිබිණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් කොමිසමේ නිල කාලය මෙසේ දීර්ඝ කර ඇත.
ජනාධිපතිවරයා මෙම කොමිෂන් සභාව පත් කළේ පහත ආයතනවල 2006 වසරේ ජනවාරි 1 වැනි දා සිට මේ වසරේ ජනවාරි 31 වැනි දා දක්වා කාලයේදී සිදු වී ඇතැයි කියන දූෂණ, වංචා හා අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමටයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැඳුම්කර ගැන හොයන්න පත්කළ ජනාධිපති කොමිසමේ වැඩ කටයුතු අද මෙහෙමයි, අද මෙහෙමයි අද මෙයාව ගෙන්නුවේ... අද මෙන්න මේවා කතා වුනේ, අද මෙන්න මේවා එලි වුණා කියලා දවස ගානේ වාර්තා තිබ්බත් ඇයි මේවට එහෙම නැත්තේ...