(කටුනායක ටී.කේ.ජී.කපිල )
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දින දෙකක නිල සංචාරයක් සඳහා අද (12) දහවල් ඉරානයේ ටෙහෙරාන් නුවර බලා පිටත්ව ගියේය.
මෙම සංචාරය සඳහා ජනපතිතුමා සමග තවත් 10 දෙනෙක් දූත පිරිස සඳහා එක්ව සිටියහ.
මෙම පිරිස කටාර් ගුවන් සේවයේ Q.R.- 665 (කිව්.ආර්.- 665 ) දරන ගුවන් යානයෙන් අද (12) දහවල් 11.50 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්විය .
COMMENTS
සුබ ගමන්... පරිස්සමින් ගිහින් එන්න. රටට වැඩි යහපතක් සමඟ...
අනේ හොඳයි. ඇමෙරිකානු සම්බාධක නිසා විකුණා ගන්න බැරුව තියෙන බොර තෙල් නැව් දෙක තුනක්වත් හසන් රෝහානි ජනාධිපතිවරයා හමුවෙලා ඉල්ලාගන්න ලැබුණොත් ලොකුදෙයක්...
පැත්ත පළාතේ එන්න එපා. නිවට පිංගුත්තරයින්ට කාන්තාරයකට වෙලා තමයි ඉන්න දිය යුත්තේ...
අනේ !! තව රටවල් කීයද ඉතිරිවෙලා තියෙන්නේ.. වාසනාවන්....අපිට අපේ රටට වඩා ඔබතුමාගේ සුඛ විහරණය වටිනවා...
එයා රට සවාරි යවලා මෙහෙ අය ඩෙඟා නටනවා.
ඔබ යන්නම යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බැහැනේ... ඉතින් යලි එන්නම එන්නම හිතුනෝතින් යලි එන්න එපා මේ රට තහනම්...
අර එංගලන්තයට ගිය ළමයා එක්ක ගෙන ගියේ නැතෙයි?
ඉරානයේ ජනාධිපතිතුමාගේ පුතා ගෙට දිව්වලු තාත්තේ... අන්න ඉල්ලන් කන මනුස්සයෙක් ඇවිත් දොරකඩ ඉන්නවා කියලා.
ළඟදීම එතුමා ගිනෙස් වාර්තාවක් තියනවා ලෝකයේ වැඩිම සංචාරක ජනාධිපති හැටියට.
මෙයාලට තනතුරු තිබුණට .. සිතීමට සහ කල්පනා කිරීමට ශක්තියක් නැත. මන්ද යත්, මොන කෙහෙල්මලකටද ඇමෙරිකාව විසින් සම්බාධක පනවා ඇති රටකට යන්නේ එකෙන් අපේ රටට ඇති කරගන්න යන සෙත කුමක්ද ?
පාරේ හම්බුනා කී දෙනෙකුට සුට් මහගන්න කිවද මේ සැරේ.