( ප්‍රසන්න පත්මසිරි)
ඉදිරි ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂිකයෙකු ලෙස කටයුතු කරමින් එම කාලයේදී ඌවේ ජනතාවට පක්ෂ පාට ජාති බේදයකින් තොරව උපරිම සේවයක් ලබාදෙන බව පළාත් ආණ්ඩුකාරවර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය.
ආණ්ඩුකාර කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා එසේ කීය.
එහිදි කියාසිටියේ මේ දිනවලදී රටේ ආණ්ඩුකාරවරුන් එක එක පක්ෂවලට සහයෝගය දෙන බවට කට කතා පැතිර යන නිසා තමාගේ මතය ප්‍රකාශ කළ බව කීය.
"මේ තනතුර ස්වාධීන විය යුතුයි. පක්ෂ දේශපාලනය කරන්න බෑ. මම පළාතේ අලුතින් වැඩ සටහන් රැසක් ආරම්භ කළා. එය සියල්ලම මේ කාලයේදී ඉවර කරන්න පුළුවන්. මේ අවස්ථාවේදී ඌව පළාත් සභාව විසුරුවා තිබෙන නිසා විශාල වගකීමක් මා වෙත පැවරී තිබෙනවා. ඒවගේම සභාව සතු වාහන මේ සිකුරාදා වෙද්දී අදාළ අමාත්‍යාංශවලට බාරදිය යුතුයි" යැයි පැවසීය.
2025 නොවැම්බර් මස 21
36
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
148
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
999
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ජනපතිවරණයේදී නිර්පාක්ෂිකව ජනතාවට සේවය කරන බව ඌවේ ආණ්ඩුකාර කියයි
විකල්පයක් උදෙසා Thursday, 10 October 2019 05:23 AM
ආලෝකය කරා පියනගමු. අඳුරෙන් එළියට පැමිණීමට දල්වමු විදුලි බුබුලක්. විකල්පයක් උදෙසා...
sharm warn Thursday, 10 October 2019 05:47 AM
ඔබ ඉතාම දුර්ලභ ආදර්ශයක්.. පරිස්සමින් වැඩ කරන්න.. ඔබ ඉන්නේ නොමිනිසුන් අතර... ඔබේ තීරණ ක්‍රියා කරවන්නට අවශ්‍ය ශක්තියත්, ආරක්ෂාවත් පතමු.
Raveendra Thursday, 10 October 2019 06:03 AM
ඇත්තෙන්ම විය යුත්තේ එයයි. අර පාටට මේ පාටට පක්කලිකම් කරනවාට වඩා රටට වැඩදායි ලෙස තීන්දු, තීරණ ගැනීම සියලුම පුරවැසියන්ගේ වගකීම, යුතුකම නොවේද?
saali Thursday, 10 October 2019 06:15 AM
ඔයත් සිරිසේන මහත්තයා වගෙයි.
Sapumal. Thursday, 10 October 2019 07:24 AM
කුරුඳු පොලු සටනින් පසු මේ දරන තනතුරට ආවා. කොයි පැත්ත දිනයිද කියලා හරියටම කියන්නත් බැරි එකේ ඔන්න ඔහේ දෙපැත්තටම නැතිව ඉන්නවා කියලා හිතුනාවත්ද ? කමක් නැහැ ඉතින් ඔහොම හිටියම එන පැත්ත කොයි පැත්ත උනත් අමනාපයක් නැහැනේ. අපුරු මොලේ.
sam Thursday, 10 October 2019 08:47 AM
අනේ මන්දා මෙහමත් හිරවිලි. නැත්නම් ස්වාධීන වෙන්න ඕන නැහැනේ.