මනෝප්‍රිය ගුණසේකර
කූට ලේඛන ඉදිරිපත් කරන ලදැයි හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි ලබා දීමට ඔක්තෝබර නව වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (24) සිව් වැනි වරටත් ජනාධිපතිට සහ අගමැතිවරයාට සිතාසි නිකුත් කළේය.
අද අධිකරණයේ පෙනී සිටින ලෙස ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට සිතාසි නිකුත් කර තිබුණත් දෙදෙනාම පෙනී සිටියේ නැත.
ජනාධිපතිවරණ සමයේ කූට ලේඛනයක් ඉදිරිපත් කරන ලදැයි කියමින් තිස්ස අත්තනායක මහතාට එරෙහිව මහාධිකරණයේ නඩු පවරා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාක්ෂි දීමට නොයාම දේශපාලන වශයෙන් පාඩුවක් වෙන්නේ නැද්ද ????
ඒ කියන්නේ ඉදිරිපත් කරපු ලේඛන ඇත්ත වෙන්න ඇති. එකනේ නොඑන්නේ. තිස්ස අත්තනායක මහතා කියපු ගොඩක් දේවල් දැන් ඔප්පුවෙලත් ඉවරයිනේ.
පුලුවන්නම් දෙන්නවම ජීවිතාන්තය දක්වාම බෝගම්බර දාන්නකො යකඩ කුරු ගැන ගැන ඉන්න.
ජනපති අගමැති උසාවි නියෝග වලට යටත් නැද්ද? .
අපිටත් සිතාසි ආවහම උසාවියට නොගිහින් ඉන්න පුලුවන්ද? නොගිහින් හිටියොත් මොකද වෙන්නේ.... උසාවියට අපහාස කිරීමක් නොවේද?
පේනවා නේද ඉහලම පුරවැසියෝ නීතියට ගරු කරන අපුරුව. තව මොන කතාද අනික් ඒවා ගැන??
මම දන්නා විදියට උසාවියෙන් සිතාසි නිකුත් කලාම ඉදිරිපත් උනේ නැත්නම් වරෙන්තු කරනවා නේද මේ කට්ටියට එහෙම නෙද්ද
මතක ඇති කාලෙක සිද්ධ වුන දේවල්ද මේ වෙන්නේ? අනිත් කට්ටිය වගේ මේ දෙන්නත් ඔක්තොම්බරේට කලින් සිංගප්පුරුවටවත් පැනගනීද දන්නේ නැහැ.
ව්‍යවස්ථාව අනුව දැන් ජනපතිව අධිකරණයට ගෙනයා හැකිද?
අන්තිමේ යහපාලනය ඔවුන්ටම පාරාවලල්ලක් විය.
වරෙන්තු නිකුත් කල යුතුයි.
ජනපති සහ අගමැති කළු ගඟ ව්‍යාපෘතිය විවෘත කරන්න ගිහින්
දැන් නං අපිට හිතන්නේ ඒවා කූට ලේඛන නෙවෙයි කියල . එහෙම සකස් කරල නං බය නැතුව උසාවි එන්න එපැයි . අපි හිතුවෙ "බය නැති අගමැති" කියලයි .
වරෙන්තු කෙරුවනම් ඉවරනේ.