හර්ෂණ තුෂාර සිල්වා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන නායකයන් දෙදෙනාම අතින් මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ උපදේශ මගහැරී ඇතැයි සාධාරණ ව්‍යාපාරයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා අද (21) ප්‍රකාශ කළේය.
නායකයන් දෙදෙනා එක මේසයක සිට තීන්දු තීරණ ගත යුතුය යන්න මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ උපදේශය වූ බවත් මේ වනවිට නායකයන් දෙදෙනා අතරින් එම උපදේශය මග හැරී ඇති බවත් මහාචාර්ය සරත් විජේසූරිය මහතා කීය.
කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (21) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහාචාර්ය සරත් විජේසූරිය මහතා එම කරුණු සඳහන් කළේය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ විජේසූරිය මහතා මෙසේ ද කීය.
“සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩනැගීමේ තීන්දුවකට මූලික වශයෙන් එළඹෙන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයායි. ඒ දෙදෙනා එලෙස තීන්දුවට පැමිණ යම් කිසි න්‍යාය පත්‍රයකයට රාජ්‍ය පාලනය කිරීමට යම් ස්ථාවරයකට අවතීර්ණ වුණා නම් එම ස්ථාවරය ආරක්ෂා කිරීම ඒ දෙදෙනාගේ වගකීමක්.
නායකයන් දෙදෙනා එක මේසයක වාඩිවෙලා තීන්දු තීරණ ගන්න ඕනෑ යැයි හාමුදුරුවෝ නිරන්තරයෙන් කියා සිටියා. හාමුදුරුවන්ගේ ඒ බස, හාමුදුරුවෝ දුන්න එම උපදේශය නායකයන් දෙදෙනාම අතින්ම මගහැරිලා. ජනවාරි 8 වැනිදා මේ රටේ වෙනසක් ඇති කිරීමට කැපවුණේ නිදහස, නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන නීතිගරුක පුරවැසියන් බව මේ නායකයන් දෙදෙනා කල්පනා කරලා බලන්න ඕනේ කියලා අපි නැවත අවධාරණය කරනවා.
ඒ පුරවැසියෝ ඉල්ලා සිටින පළමු දේ තමයි කවර ගැටලුකාරී තත්ත්වයකදී වුවද මේ රටේ මූලික මිනිස් නිදහස ආරක්ෂා විය යුතුය යන්නයි. එයට අනතුරුදායක තත්ත්වයට පත් කරන මං මාවත් විවර නොකළ යුතුයි යන්නයි”.
2025 දෙසැම්බර් මස 04
504
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
474
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ජනපතිට-අගමැතිට මාදුළුවාවේ හිමිගේ උපදෙස් මගහැරිලා‘
de silva Tuesday, 21 August 2018 10:27 AM
මාදුළුවාවේ හාමුදුරුවෝ අවශ්‍ය වුනේ රොටිය පුච්චගන්න්නනේ ,? දැන් රොටිය පිච්චුනට පස්සේ මොකටද ඕව කතාකරන්නේ ?