හර්ෂණ තුෂාර සිල්වා
මිලියන 22ක කුඩා වෙළෙඳපොළක් තුළ වේගවත් ආර්ථික වර්ධන වේගයක් ලබාගත නොහැකි බවත් ඒ සඳහා විශාල වෙළෙඳපොළවලට පිවිසිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (26) පැවැසීය.
අසල්වැසි වෙළෙඳ පොළවලින් ආරම්භ කරමින් කලාපීය සහ ඉන් අනතුරුව ජාත්‍යන්තර වෙළෙඳ පොළවලට ප්‍රවේශ වීමෙන් වේගවත් ආර්ථික වර්ධනයක් අත්පත් කර ගත හැකි බව ද අග්‍රාමාත්‍යවරයා කීය. ජාත්‍යන්තර වෙළෙඳ පොළවලට පිවිසින්නේ නම් තරගකාරීත්වය අත්‍යවශ්‍ය බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි පෙන්වා දුන්නේය.
කොළඹ කිංගස්බරි හෝටලයේ පැවැති ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ 6 වැනි වාර්ෂික සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම කරුණු කීවේය.
එහිදි අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
“ආර්ථික වර්ධනය කියන්නේ රැකියා නිර්මාණය කිරීම සහ ආදායම් ජනනය කිරීමයි. අද වනවිට ආර්ථික වර්ධනයේ වගකීම සහ මූලික කාර්යභාරය පැවැරී ඇත්තේ පෞද්ගලික අංශයටයි. මගේ ප්‍රශ්නය ඔබ එම අභියෝගයට මුහුණ දීමට සූදානම් ද ? එම අභියෝගය බාරගැනීමට තරම් විශ්වාසයත් ඔබ සතුව තිබෙනවාද යන්න විමසන්න මම කැමැතියි. ඒ සඳහා ශක්තිමත් දක්ෂ සහ අභියෝග බාරගැනීමට අධ්‍යක්ෂවරුන් අවශ්‍යයි.
මා කතා කරන්න බලාපොරොත්තු කරුණු කිහිපයක් මහ කොමසාරිස්වරයා කිව්වා. අපට තිබෙන්නේ මිලියන 22 වෙළෙඳපොළක් පමණයි. මෙවැනි පොඩි වෙළෙඳපොළක අපට වේගයෙන් වර්ධනය වෙන්න බැහැ. ඒ නිසා අපි විශාල වෙළෙඳපොළවලට ප්‍රවේශ විය යුතුයි. අසල්වැසියන්ගේ වෙළෙඳපොළවලට ප්‍රවේශ විය යුතුයි. කලාපීය වෙළෙඳපොළට ප්‍රවේශ විය යුතුයි. ඉන් අනතුරුව අපි ජාත්‍යන්තර වෙළෙඳපොළවලට පිවිසිය යුතුයි. වෙළෙඳපොළවලට පිවිසෙන්නට නම් අපි තරගකාරී විය යුතුයි. අපි තරගකාරී වෙන්න වෙන්න සාර්ථක වෙන්න වැඩි ආර්ථික වර්ධනයක් අත්පත් කරගන්න තිබෙන අවස්ථාව වැඩියි.
අපට ප්‍රශ්නයක් තිබෙනවා. අපි ආරක්ෂණවාදය පුළුල් කරනවාද ? එහෙමත් නැතිනම් ලොවට විවෘත වෙමින් ඉදිරියට යනවාද ? යන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. අපි 1977 දී ආර්ථිකය විවෘත කළා. එහෙත් අපට ඇතැම් දේ කරන්න විශ්වාසයක් තිබුණේ නැහැ.
එම කාලයේදී කලාපීය ආර්ථිකයේ ඇතැම් අංශවලින් අපි ඉදිරියෙන් සිටියා. එහෙත් ඒ සියල්ල වෙනස් වුණා. අද වනවිට අපේ ආර්ථිකයේ වර්ධනය උදෙසා මූලික දෑ පැමිණිය යුත්තේ ව්‍යාපාර ක්ෂේත්‍රයෙන්. විශේෂයෙන්ම පෞද්ගලික අංශයෙන්. අපට ව්‍යාපාර අවශ්‍යයි. රැකියා අවශ්‍යයි. අපට සෘජු විදෙස් ආයෝජන අවශ්‍යයි. අපට නව තාක්ෂණය අවශ්‍යයි.
ඉන් අනතුරුව අපට ඇඟළුම් කර්මාන්තය තිබෙනවා. සත්කාරක හා සංචාරක ක්ෂේත්‍ර අපට තිබෙනවා. මේ ක්ෂේත්‍ර තවදුරටත් වර්ධනය විය යුතුයි. අනෙක් රටවල එම කර්මාන්ත හා හොඳ තරගකාරීත්වයක් දිය යුතුයි”.
ඡායාරූප ළහිරු හර්ෂණ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් කිරිමක් නැහැ. කියවිමක් විතරයි තියෙන්නෙ.
අර වොක්ස්වැගන් ෆැක්ටරිය වගේ තව හතරක් පහක් දැම්ම නම් අපි ඉබේම ජ්‍යාතියන්තර වෙළඳපොළට ප්‍රවිෂ්ට වෙනවා. .
බදු ගහල ගහල ඔක්කොම ව්‍යාපාර බංකොලොත් වේගෙන එන්නේ. මේයා මේ බයිලා ගහනවා. අපරාදේ නිකන් කාලේ කනවා
හැමදාම ඉතින් කටින් බතල හිටෝපු එක තමයි කලේ !!! මෙලෝ වැඩක් නෑ.
බයිලා ගහනවා වෙනත් රටවල වෙලද පොලවල් ආක්‍රමණය කරන්න ඉස්සෙල්ලා ලංකාවේ නිශ්පාදන වැඩිකර්න්න ඔනි බදු පිට බදු ගහලා කොහමද?
විශිෂ්ට අදහසක් අගමැතිතුමනි, ඔබතුමාගේ පන්චවිද ප්‍රතිපත්තිය ඔස්සේ අපිට ඉතා විශාල ආර්ථික වර්ධනයක් රැකි රක්ෂා විශාල ප්‍රමාණයක් බිහි කර තිරසාර සංවර්ධනයක් ලබා ගත හැකියි .
ජාත්‍යන්තර වෙලදපොලේ මොනාද විකුනන්නේ.? ඔක්කොම කර්මාන්ත බදු ගහලම විනාස කරලා, ජීවන වියදම හොදටම වැඩියි, සේවකයන්න්ට පඩි වැඩිකරන්න ඕනේ, බලශක්තිය ගණන් ගිහිල්ලා, එතකොට , ලාබ ලබන දේශීය කර්මාන්ත ඔක්කොම වගේ විකුනනවා , ඉතුරු ටිකටත් දැන් යන්තම් පන අදින්නේ. ඉතින් මොනවද රටේ තියෙන නිෂ්පාදන විකුනන්න තියෙන්නේ අනෙක් රටවලට..
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය. නොදන්නා රහස, ලංකාව බංකොලොත් භාවයට පත්වී ඇති බවයි. එය එළිකිරීමට නොහැකිකොට ඇත. ආර්ථිකය පාලනය මේ වනවිට අයි.ඇම්. එෆ් ආයතනය මගින් සිදුවෙයි.
අගමැතිතුමනි ඔබ කියන දේ එ් විදියටම වෙනවනම් හොඳයි නමුත් වෙන්නේ මොකද්ද? මෙහේ නිෂ්පාදන කරන්න පුලුවන් දේත් රටින් ගෙන්වීම. අද සරුංගලය වෙසක් කූඩව පවා රටින් ගෙන්නනවා. එ් ගෙන්වීම නිසා අද ලංකාවේ කොහු කර්මාන්තය විනාශ වුනා, පාවහන් කර්මාන්තය විනාශ වේගෙන යනවා, අපි ලෝකෙට රෙදි මැහුවට අපි අඳින්නේ ඉන්දියාවේ හෝ චීනේ නිමි අැඳුම්, ඉතින් ඩොලරය ඉහල යාම හරි, අපේ නිෂ්පාධන බිඳවැටෙන්නේ නිෂ්පාධන පිරිවැය අධික වීම මත මිල වැඩිවීම හා තත්වයෙන් බාල වීම 3000ට ගන්න ලංකාවේ සෙරෙප්පු මාස 6ක් දාද්දි. 2000ට ගන්න චීන සෙරෙප්පු අවුරුද්දක්වත් දැම්ම හැකි. අපේ දේ ගන්න කිව්වට මෙහෙම කරන්න පුලුවන්ද?
දැන් මතක් වෙලා තියෙන්නේ ජාත්‍යන්තර වෙළෙඳ පොළට ප්‍රවේශවෙන්න. ක්‍රියාත්මක වෙන කාලේ වෙනකොට ආන්ඩුව නෑ .
රටේ නිෂ්පාදනය වැඩි කරන්නේ නැතුව මොන කතා ද?
අගමැති තුමා කියන කතාව ඇත්ත. ලෝක වෙලඳපොලත් එක්ක තරඟ කරන්න අපි ලෑස්ති වෙන්න ඕන. නමුත් ලංකාවේ ව්‍යාපාරිකයන්ගෙන් කීදෙනෙක් ද ජත්‍යන්තර වෙලඳපොල සමග ගනුදෙනු කරන්නේ ? ඒකට ඔවුන්ට උදව් කල යුතුයි. ජාත්‍යන්තර වෙලඳපොල අවශ්‍යතාව හඳුනාගෙන එයට සරිලන ලෙස ලංකාවේ නිෂ්පාදන අංශ , කර්මාන්ත ඇතිකල යුතුයි.
යම් නිෂ්පාදනයක් අපනයනය කරන්නේ කොහොමද? අරක, මේක කියලා බදු සියයට 50ක් ගෙවන්න වෙනකොට ඔතන ඉන්න අයට ඕවා තේරෙනවද? බදු, කොමිස් ගහන්න තමයි ඕනේ.. රටට හෙණ ගැහුවත් වැඩක් නැහැ.
ජාතියන්තර වෙළද පොලට යන්නේ බර කරත්ත විකුණලද.ෆොක්ස්වැගන් විකුණලද. මොනවද රාජ්‍යක් වශයෙන් ආරම්භ කරලා තියන කර්මාන්ත හෝ පුද්ගලික අංශයට අතහිත දීල ආරම්භ කරලා තියෙන්නේ. ආපු දවසේ ඉදල කරන්නේ අතන මෙතන හොර කකා, පච කෙලමින් ගිය ආණ්ඩුවේ අයගෙන් පලි ගනිමින් මේ ආණ්ඩුවේ හොරුන්ව් ආරක්ෂා කරන එක විතරයි.
ජාත්‍යන්තරේ යන්න කලින් ලංකාවේ පොඩි මිනිහගේ බඩට ගහන එක නවත්තන්න. ගොවියන්ට, ධීවරයන්ට සහනාධාර ටික දීල කෘෂිකර්මේ ටිකක් ගොඩ දාල ලංකාවේ දුප්පත් මනුස්සයට එදා වෙලා ගැට ගහගන්න එකට සවියක් වෙන්න. ලංකාවේ නිෂ්පාදනය කරන දේවල් ලංකාවේ පරිභෝජනයටම මදි. අපේ ඒවා පිට රට යවල වැඩි ගණන් දීල පිට රටින් ඒවම ගෙන්න ගෙන මිනිස්සුන්ට උහුලන්න බැරි ගණන් වලට විකුනන්නේ. රජයේ නාස්තිය අඩු කළා නම් භාණ්ඩ බෙදා හැරීමේ නිසි වැඩ පිළිවෙලක් සකස් කරලා මාළු සහ එළවලු ක්‍රමවත්ව රට පුරා බෙදා හැරියානම් බලාගන්න තිබ්බ මිලියන 22 කුඩා වෙළඳ පලින් කොච්චරක් හම්බ කරන්න පුලුවන්ද කියල.
කියෝ කියෝ ඉදලා හරියන්නේ නැහැ.වැඩ පෙන්නන්නනේ ඔබතුමාලව ඔතනට පත්කරලා තියෙන්නේ.
ඕක බලයට එන්න කලින් ඉදන්ම කියනවා. කවදද ඕක ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟ ඡන්දෙන් පැරදුනාට පස්සේ නැවත බලයට එන්න ඕකම කියාවි.
අනේ මන්දා කියෝ කියෝ යනවා. ඔය කියන ඒවා අලුතින් කියන්න ඕන නෑ. මිනිස්සු දන්නවා. රටම කාල තමයි යන්නේ.
කට ඇරියොත් බොරුමයි කියන්නේ..................
ඒ පාර තියෙන ටිකත් විකුනන්න වගේ සෙට් වෙන්නේ ... අපිට තව ටික දවසකින් අපිවත් ඉන්දියාවට විකුණා ගන්න වෙන්නව මේ යන විදිහට ... අනේ මන්ද !
ජාත්‍යන්තර වෙළඳ පොලට ඇතුල්වීම හොඳ අදහසක්. නමුත් දේශීය යැපුම් ආර්ථිකය ශක්තිමත් කර නොගෙන එයට ඇතුල්වීමෙන් දේශීය නිෂ්පාදන කඩා වැටෙන්න පිළිවන්. ජාත්‍යන්තර වෙළඳපොල දැවැන්තයින් සමග තරඟ කිරීමට අප නිෂ්පාදනය කරන්නේ කුමක්ද? ඒ සඳහා වැඩ පිළිවෙලක් දකින්නට නැත. සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ නම් ගනු - දෙනු න්‍යාය ක්‍රියාත්මක විය යුතුය.
කොහේද? යුරෝපේ නම් නන්නත්තාර වෙලා තියෙන්නේ...
225 සහ ඒගොල්ලන්ගේ පරිවාර කට්ටිය ඔක්කොම 50 ට බැස්සුවනම් මේ රටේ තියෙන මුළු ණය බර අවරුද්දකින් ගෙවල දාන්න පුළුවන්. රටේ සල්ලි කෝටි ප්‍රකෝටි ගණනින් යන්නේ මේ කට්ටිය නඩත්තු කරන්න.
ඉතින් කරන්න කෝ. ආපු දවසේ ඉඳන් නිකන් කයිවාරු පමණයි. මේ සඳහා ශක්තිමත් දක්ෂ සහ අභියෝග බාරගැනීමට අධ්‍යක්ෂවරුන් අවශ්‍යනං, මිත්‍ර මහේන්ද්‍රන්ව ආයිමත් ගෙන්න ගන්න.
මනෝරාජික සංකල්පය කියන එක තියෙන්නේ සමාජවාදීන්ට විතරයි කීවට ලිබරල්වාදීන්ටත් එ්ක එහෙම තමයි. තව පැයකින් මැරෙනවා කියලා සහතිකේටම දැනගත්තත් හෙට මේවා කරනවා, අරවා කරනවා කියලා බයිලා ගහගහ මිනිසුන්ට ලණුදෙනවා. ප්‍රායෝගිකව කරන්න පුළුවන් වැඩ ගැන කතා කරන්නේ නැහැ.
මේ සේරම කරන්නේ කටෙන් විතරයි. ලංකාවට පහළ වෙච්ච අසාර්ථකම කෙනෙක්..
ජාතන්තර වෙළඳපළට යන්න හැකියාවක් තියෙන නිර්මාණකරුවන් බිහිවෙන්නේ කොහොමද ලංකාවේ? අද මේ ඉන්න ඔක්කොම අය බලන් ඉන්නේ ඉස්කෝලේ කාලේ ඉවර වෙලා ත්‍රීවිල් එලවන්න..
කලින්වතාවේ කිරිහරක් හදන්න ගත්තෙත් ඔය හෝටලේමද?