(සුජිත් හේවාජුලිගේ)
රටේ මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති ජාතික විගණන පනත අනිද්දා (5) දවස පුරා මැතිසබයේදී විවාදයට ගැනීමට නියමිතය.
මේ පනතේ කෙටුම්පත මෙයට පෙර විවාදයට ගැනීමට නියමිතව තිබුණත් අවස්ථා කිහිපයකදීම විවාදය කල් ගියේය.
මේ පිළිබඳව අප කළ විමසුමකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් කුෂාණි රෝහණධීර මහතිමිය පැවසුවේ අනිද්දා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේ න්‍යාය පත්‍රයට විගණන පනත පිළිබඳ විවාදය ඇතුලත් කර තිබෙන බවය.
විගණන පනතේ කෙටුම්පත ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවීධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉකුත් අප්‍රේල් මස 4 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.
විගණන කොම්ෂන් සභාව බලත්මක කිරීම හා විගණන කාර්යාලයක් පිහිටුවීම ජාතික විගණන පනතේ අරමුණයි.
2025 දෙසැම්බර් මස 30
106
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජාතික විගණන පනත අනිද්දා විවාදයට