ආරියරත්න රණබාහු සහ ඡායාරූප - චතුර එස් කොඩිකාර
ප්‍රධාන පක්ෂ දෙක එකතුවී මේ රටේ ඇති කළ ජාතික රජය අසාර්ථක පරීක්ෂණයක් යැයි හිටපු රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
ඩිලාන් පෙරේරා මහතා මෙසේ ද කීය.
‘මේ සංකල්පය මේ රටට අලුත් දෙයක්. අපි ඒක අවුරුදු දෙකකට අත්සන් කළේ. ඒක පරීක්ෂණයක්. ඒ පරීක්ෂණය අසාර්ථකයි. ඒ පරීක්ෂණය ජනතාව පිළිගත්තේ නැහැ. ඊට සම්බන්ධවුණු අපටත් ඒක අලුත් දෙයක් වුණා. ඒ පරීක්ෂණය අසාර්ථක යැයි දැන දැනත් එහි රැඳී සිටීම ජනතාවගේ පැත්තෙන් ඇති වැඩකුත් නොවෙයි.
පසුගිය මහ මැතිවරණයෙදි එජාපයට 106යි. සන්ධානයට 95යි. කාටවත් බහුතරයක් නෑ. නමුත් මේ විශ්වාස භංග යෝජනාව අගමැතිතුමාට වෙස් වලාගත් ආශිර්වාදයක් වුණා. නැති 113 පෙන්නුවා. 122ක් තියෙනවා. ඒ 122ත් සමඟ අගමැතිතුමාට තනි ආණ්ඩුවක් කරගෙන යන්න පුලුවන්‘. යැයි ඔහු කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඩිලාන් පෙරේරා මහතා මේ බව කිවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිතේම අසාර්ථක, පසුගිය ඡන්දෙන් සම්පුර්ණයෙන්ම අසාර්ථක මෙවන් මිනිසුන් කියන සාර්ථකත්වය මොකක්ද? හිටපු කාලය තුල කිසිදෙයක් නොකර එලියට යන්න වුනාම දුකට කියන කතා මේවා.
පුදුම මිනිස්සු ටිකක්
දැන්ද තේරුනේ? පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනතාව විසින් පරාජය කර ගෙදර යැවූවට පස්සසේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිත් ඇමතිකම් දරමින් කලේ ආණ්ඩුවේ කකුලෙන් අදින එක විතරයි.
ඔබතුමාලා කොහොමත් අසාර්ථකයි.
අපි අදනේ දැනගත්තේ අසාර්ථකයි කියල. හොදවෙලාවට මේ ගැන අපට කිවුවේ. ස්තුතියි
මේ අයට තිබුනු ලොකුම ප්‍රශ්නෙ රනිල් අගමැති කමින් අයින් කරන එක රටට වැඩක් කරන එක නොවෙයි. ඇයි රට වෙනුවෙන් දෙයක් කරන්න බැරි? රටට වඩා පක්ෂෙ ලොකු වෙන්නෙ කොහොමද
ඔයාල හිටපු තැනක් කවදද සාර්ථක වෙලා තියෙන්නේ? ඒ කාලෙත් එහෙමයි, මේ කාලෙත් එහෙමයි. ජනතාව හොඳට දන්නවා මොනවද කලේ කියල.
අනේද කියන්නේ ? පරීක්ෂණය අසාර්ථක කරපු කට්ටියම නේද දැන් මෙහෙම කියන්නේ. දැන් මාන බලන්නේ ශේප් එකේ පොහොට්ටුවට පිම්ම ගහන්නයි.
ඔයගොල්ල ඔක්කොම කරන්නේ රටත් එක්ක පරීක්ෂණ කරලා රිසල්ට් එක සාක්කුවේ දාගන්න එක තමයි. ඔය කපටිකම් වැඩිකල් කරන්න වෙන්නේ නෑ මහත්තයෝ.
දැන් හරි යාවි
ඔව් ඉතින් දුෂිතයන් ඒකට රිංග ගත්තානේ. ඒකයි හේතුව .
ඩිලාන්ගේ පින අවසානයි. ජනතාවගේ පින උදාවෙයි .
මේ අය හැමදාම ඡන්දදායකයන් අනාත කරනවා රට අනාත කරනවා. එහෙට පනිනවා මෙහෙට පනිනවා. මේ ඔක්කොම බඩගොස්තර වාදයට. නැතුව රටවත් ජනතාවටවත් ආදරයට නෙමෙයි.
මේවා දුකට කියන කවි.
පුදුම විහිළු.
මේගොල්ලෝ ගිය තැන ඉවරයි, මහින්ද මහතාට මොකද වුනේ. කව්ද සිතුවේ මහින්ද මහතා පරදියි කියා.
ජනතාව ප්‍රතික්ෂේප කරපු මිනිස්සු පාර්ලිමේන්තුවට අරන් ඇමති මණ්ඩලේට ඔවුන්ව දමලා ආණ්ඩු හැදුවහම අසාර්ථක වෙන එක පුදුමයට කාරණයක් නොවේ .
අපොයි ඔව්.. කියන එක්කෙනා බොහොම සාර්ථක කෙනෙක්නෙ.
දැන්ද තේරුනේ ?
ජනතාව පරාජයට පත්කළ අය නැවත පාර්ලිමේන්තුවට පත්කිරීම ජනතා ස්වාධිපත්‍ය නොසලකා හැරීමක්.