
( තිළිණි ද සිල්වා )
ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ඇරඹීමට එහි භාරකාර වනවාසී රාහුල හිමියන්ගේ කළ යෝජනාව සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (09) පැවසීය.
මෙම කේබල් කාර් ව්‍යාපෘති යෝජනාව සම්බන්ධයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව , පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව, සංචාරක සංවර්ධන අධිකාරිය වැනි ආයතන සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍යවරයා කියා සිටී.
ජාතික නාමල් උයනේ භාරකාරීත්වය දරණ වනවාසී රාහුල හිමියන් සමඟ ඊයේ (08) සංචාරක අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
වනවාසී රාහුල හිමියෝ මෙම සාකච්ඡාවේදී ඇමතිවරයාට පෙන්වා දුන්නේ ජාතික නාමල් උයන හා රෝස තිරුවානා කන්ද ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමට හේතුවන බවයි.
ජාතික නාමල් උයනේ හා රෝස තිරුවානාකන්ද ආශ්‍රිතව පරිසර පද්ධතියට හානියක් නොවන පරිදි එය සැලසුම් කළයුතු බවත් ඒ සම්බන්ධයෙන් සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර කඩිනමින් පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
පාරිසරික සංචාරක කර්මාන්තය නංවාලීම නව රජයේ එක් අරමුණක් බවත් ඒ අනුව ඉදිරියේදී ජාතික නාමල් උයන වැනි ස්ථාන දෙස් විදෙස් සංචාරකයන්ගේ වැඩි ආකර්ෂණයට ලක්වන ලෙස දියුණු කිරීමට අපේක්ෂා කරන බවත් ඇමතිවරයා මෙහිදී කියා සිටියේය.
ජාතික නාමල් උයනේ භාරකාරී වනවාසී රාහුල හිමියන් මෙහිදී කියා සිටියේ ශ්‍රී ලංකාවේ වැඩිම නා ගස් සංඛ්‍යාවක් ඇති එකම ස්ථානයද මෙය බවයි.එය අක්කර 760කින් සමන්විතය.
මෙරටට ආවේණික හා ආවේණික නොවෙන පක්ෂි වර්ග 18ක් එහි වෙසෙන බවත්, ශාඛා විශේෂ 72 ක් හා කෘමි විශේෂ 75ක් ඇති බවත් පරීක්ෂණ මඟින් තහවුරු වී ඇතැයි රාහුල හිමියෝ මෙහිදී පෙන්වා දුන්හ.
නාමල් උයනේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වසර කෝටි 50ක් පැරණි යැයි සැලකෙන රෝස තිරිවානා නිධිය අක්කර 250ක භූමි භාගයක විසිරී ඇත.
මෙම නිධියේ රෝස තිරිවානා ඉන්දියාවේ මෝගල් අධිරාජ්‍යා සිය පෙම්වතිය සිහි කිරීමට ඉදිකළ ටජ් මහල් මන්දිරයේ ජනෙල් අලංකරණයටද යොදවා ගෙන ඇතැයි පැවසේ. ක්‍රි.පූ.තුන්වෙනි සියවසේ දේවානම් පියතිස්ස රජුගේ කාලය දක්වා විහිදෙන මෙම ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද පිළිබඳ පුරාවෘතය අනුව ක්‍රි.ව.924 දී මෙරට රජකළ දප්පුල රජු විසින් මෙය අභයභූමියක් ලෙස නම්කර ඇති බව පුරාණ සෙල්ලිපි වල සඳහන් වන බවද වනවාසී රාහුල හිමියෝ ඇමතිවරයාට මෙහිදී පෙන්වා දුන්හ.

COMMENTS
මොනවාද මේ කරන විහිළු? කේබල් කාර් එකෙන් ගියාම නිර්වාණය පේනවාද?
කරුණාකර කේබල් කාර් පද්ධතියක් ශ්‍රී පාදයට නල්ලතන්නියේ සිට මහගිරිදඹේ දක්වා ආරම්භ කරන්න. එය රෝස තිරිවානා කන්ද වඩා ආකර්ෂණයකි.
සත්‍ය වශයෙන්ම දේශීය විදේශීය සංචාරකයන් ආකර්ශනය කරගැනීමේ සාර්ථක පියවරක්. බොහෝ විදෙස් රටවල මේ වැනි දේ තිබෙනවා. මේ දේවල් දකින සංචාරකයන් රට ගැන ධනාත්මක සිතුවිලි වර්ධනය කරගැනීම සංචාරක ව්‍යාපාරයේ ප්‍රගමනයට ඉතා වැදගත්. වැඩපිළිවෙළ සාර්ථක වේවා...!!! මෙයට උරදෙන සැමට ස්තුති වේවා ... !!!
කේබල් කාර් දාන්න එපා කියලා බුදු හාමුදුරුවෝ දේශනා කරලා නැහැනේ.. ඒ නිසා කමක් නැතුව ඇති.
එකෙන්ම අනුමතයි, මෙගා ප්‍රොජෙට් එකක්නේ, හැබැයි දේශීය සංචාරකයන්ට ටිකට් කඩන්න හිතන්න එපා.