IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


ජාතික නිදහස් පෙරමුණේ තිදෙනෙක් ශ්‍රීලනිපයට

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක, ජාතික සංවිධායක පියසිරි විජේනායක මෙන්ම උතුරු මැද පළාත් සභා මන්ත්‍රී පී.බී. කුමාර යන මහත්වරු අද(11) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්හ.

අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනපති හමුවූ මෙම පිරිස ඔහු රට ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළට සහාය පළ කරමින් මෙලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක් වූ අතර, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදෙන බව ද ප්‍රකාශ කළහ.



අදහස් (15)

ජාතික නිදහස් පෙරමුණේ තිදෙනෙක් ශ්‍රීලනිපයට

Thilina Monday, 11 December 2017 11:01 AM

බඩගෝස්තරවාදී දේශපාලනය මෙරටින් අතුගාදමන්නට දැන්වත් ජනයා පෙරට ආ යුතුය. බැලූ බැලූ හැම පැත්තෙන්ම රටම අරාජික වීමේ සලකුණු.. එහෙම තියෙද්දීත් මේ පිනුම් ගහන්නේ රට ගැන සිතා නොවන බව ඕනෑම කෙනෙකුට තේරෙනවා.. මොවුන්ව ප්‍රතික්ෂේප කල යුතුමයි.

:       205       2177

Hafeel Monday, 11 December 2017 11:02 AM

අනේ උපවාස වංශයට මොකද්ද වුනේ? මේකමයි පොහොට්ටුවටත් ඉදිරියට වෙන්න යන්නේ.

:       2601       3269

sathyapalaMonday, 11 December 2017 12:43 PM

ඡන්ද 1000 ගන්න බැරි හාල් කෑලි ටිකක් ලංකරගෙන නටන නාඩගමක්...

:       2       47

sahanMonday, 11 December 2017 03:48 PM

සත්‍යපාල ඔයාගේ මහා රජා තමයි හාල් කෑල්ල කරේ... එල්ලගෙන යන්නේ ගිය සැරේ ශ්‍රී ලංකා ඡන්ද නැත්නම් ඔය තුන්මුල්ලේ විමලෙ චන්ද දාහක් ගන්නවා බොරු...

:       0       0

gunarathnaTuesday, 12 December 2017 01:22 AM

ඔබතුමාගේ කතාව හරි. ඔය මින්ස්සු මොනවද කීවේ මුලින්.පුද්ගලයෝ නෙමෙයි පක්ෂෙයි ජයග්‍රහණය කරන්ඩ ඕනේ කීව්වේ.දැන් පුද්ගලයෝ විදියට ශ්‍රීලංකා එකට ගියා.මුන්ට කවද හරි වෙන්නේ නන්දන ගුණතිලකට උන දේම තමා. සෝමවංස හොද නැහැ කියලා පක්ෂේ කඩාගෙන විමල් එක්ක එලියට ආව. දැන්වි මල් නරක වෙලා.වීර කුමාර ,පියසිරි කියන දෙන්න දැන්ඉන්නේ විමල් මොකටද කියල.මේ විදියට ඔලුව ඉදිමුනේ විමල් හිරේ ඉන්නකොට සම්මේලනය තිබ්බේ මේ දෙන්න එකතු වෙලානේ.දැන්මේ ගොන් දෙන්න හිතාගෙන ඉන්නවා මිනිස්සු සේරම සලකන්නේ අපිට මිසක් විමල්ට නෙමෙයි කියල.බලමු මහා ඡන්දෙන් අතුගෑවිල යනවා.

:       0       0

BamunuarachchiWednesday, 13 December 2017 03:39 PM

මෙයාලාගෙන් රටට වැඩකුත් නැත. අපට වැඩකුත් නැත. මට නම් මේ අය නිකම්ම නිකන් ගොබ්බයෝ ටිකකි.

:       0       0

dahamMonday, 11 December 2017 03:33 PM

බලාගෙන ඉන්න අවුරුදු ගාණක්. ඒත් වැඩක් වෙන එකක් නැහැ.

:       68       7

Lusena Monday, 11 December 2017 11:11 AM

මම මෙයින් ඉගෙන ගත් පාඩම අම්මා, තාත්තා, දේශපාලනය කළත් කිසිදු විශ්වාසයක් තබන්න බැරි කාලයක් අද ලංකාවේ තියෙන්නේ...

:       11       1118

Prabath Monday, 11 December 2017 11:41 AM

යහපාලන දර්ශනය තුල මේ වෙන දේවල් දැක්කම හරිම කලකිරීමක් දැනෙන්නේ. මොකද පක්ෂය දිනවන්න තම ආත්මය පාවාදීම මොන තරම් විලිලැජ්ජ නැති වැඩක්ද? මේ පනින ජෝකර්ලා රටට ආදරයට එනවා නෙමේ. බඩගෝස්තර වාදයට මේ එන්නේ. අනික පනින ජෝකර්ලා එක්ක එකට ඉන්න මේ පින්තූර දැක්කම කියපු දේවල් පට්ට කෙබර කියලා දැන් හිතෙනවා. ලංකාවේ දේශපාලනය කියන්නේ නරි වලක්ම තමයි.

:       1       526

Kumara Monday, 11 December 2017 12:24 PM

දැන් විමලෙට සනීප අැති නේද?

:       7       64

Raveendra Monday, 11 December 2017 12:57 PM

හත්වලාමේ මේ අයත් පැන්නේ මෙයාගේ දෑත් ශක්තිමත් කරන්නද? නැත්නම් වෙනත් දේවල් ශක්තිමත් කරන්නද?

:       0       45

wasantha Monday, 11 December 2017 07:09 PM

විජේවීර විකුණාගෙන කෑවා. එ්වා පලදීම ස්වාභාවිකයි.

:       0       0

saliya Tuesday, 12 December 2017 03:19 AM

රජෙකු බලයේ නැති විට අරාජික ලෙසද, රජාට එකතු වන විට දේශප්‍රේමීන් ලෙසද, රජාගෙන් වෙන් වන විට බඩ ගොස්තරවාදීන් ලෙසද අර්ථ දක්වනු ලැබේ .

:       0       10

keerthi Tuesday, 12 December 2017 05:39 AM

අනේ ඇත්තටම මෙහෙමත් මිනිස්සු.

:       0       0

Padmini Tuesday, 12 December 2017 06:18 AM

ලංකාවට අලුතින් හිතන නායකයෝ ටිකක් අවශ්‍යයි. මේ දේශපාලනයට තිත තබන්න ජනතාවනි. පිට ඉදල ලංකාව දිහා බලනකොට පුදුමාකාර දුකක් හිතෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 746 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 901 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 375 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site