(රොමේෂ් මධුෂංඛ)
වවුනියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ ඔසවා තිබූ ජාතික ධජය අද (25) උදෑසන මෝටර් රථයකින් පැමිණි කිසියම් පුද්ගලයකු විසින් බිම දමා පලා ගොස් ඇතැයි වවුනියාව පොලීසිය පවසයි.
කළු පැහැති මෝටර් රථයකින් පැමිණි තනි පුද්ගලයෙකු මෙලෙස ජාතික කොඩිය ගලවා බිම දමා යන අවස්ථාවේ පොලිස් නිලධාරින් මොටර් රථය නැවත්වීමට උත්සාහ දරා ඇතැත් එම පොලිස් නිලධාරින් දෙසට මෝටර් රථය ධාවනය කර පලා ගොස් ඇතැයි දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ සිටි පොලිස් නිලධාරීන් පවසා ඇත.
මේ පිළිබඳ වවුනියාව දිසාපති එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා විසින් වවුනියාව පොලිසියට දැනුම් දී ඇත.මෙසේ බිම දමන ලද ජාතික ධජය නැවත එසවීමටද වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාල නිලධාරීන් පියවර ගෙන ඇත


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ධජයේ වැදගත්කම හා වටිනාකම නොදන්නා අත දරුවෙකු කලයි මට නම් නොහැගේ. ඕනෑම රටක ජාතික ධජයට අප සෑම කෙනෙකුම ගරුකළ යුතු බව අප සෑම දන්නා කරුණකි. එහෙත් යාපනයේ සිටින ලාංකික පුරවැසියෙක් එය නොදන්නවයි සිතීම පුදුමයකි.
දැන් පුතාලා අර භාණ්ඩාගාර හොරකම ගැන අමතක කරලා මේ ගැන හිතන්න පටන්ගන්න.
ආයේ වචනයක්වත් කියනවා එහෙම නෙමෙයි. සන්හිදියාවට බාධා වුනොත් එහෙම..
ළඟදීම කොටි කොඩියක් ඔය ස්ථානයේ දර්ශනය කරාවි
කසකාරයෝ ඇවිල්ල වගේ. පෙරහැර ලග එනවා වගේ .