නිමල කොඩිතුවක්කු
ඉදිරි පළාත් පාළන මැතිවරණය සදහා තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ කොළඹ නගර සභාවට තරඟ කරන බව හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ මුණුබුරු ප්‍රදීප් ජයවර්ධන මහතා පැවසීය.
කොළඹදී අද(19) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ප්‍රදීප් ජයවර්ධන මහතා මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයා වශයෙන්ද කටයුතු කරනු ලබයි.
එහිදී මාධ්‍යවේදියකු කළ විමසීමකදී ඒ මහතා සදහන් කළේ තමන්ට පොහොට්ටුව ලකුණින් තරඟ කිරීමට බැසිල් රාජපක්ෂ මහතාගෙන් ආරාධනාවක් ද ලැබී ඇති බවයි. තමන් ඒ සම්බන්ධයෙන් සිතා බැලීමෙන් අනතුරුව තීන්දුවක් ලබා දෙන බව ප්‍රකාශ කළ බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
ප්‍රදීප් ජයවර්ධන මහතාණෙනි ජය ලැබේවි.
යන්න හදන්නේ කාත් එක්කද කියල බැලුවම නම් උඩින්ම දිනාවි.
ඔබේ සීයට කරන අගෞරවයක්
මේ අය ඔක්කොම එකයි. අන්තිමට මේ අය දිනුම්, ඡන්දෙ දුන්නු අපි පරාදයි.
පොහොට්ටුවෙන් ඉල්ලුවොත් ඔබට සීයා සාප කරාවි.........
තමන්ගේ පුද්ගලික අදහස් හා නිදහස ව්‍යවස්ථාවෙන් ලැබිල තියනවා. පහුගිය කාලේ සේනානායකගේ ලේ නෑයොත් පක්ෂ මාරුකර කර හිටියේ. ලංකාවේ දේශපාලනය කියන්නේ " කිසිම ප්‍රතිපත්තියක් හා චාරයක් නැති වාසි අතට හෝයියා " ලෙස වැඩ කිරීමයි. පක්ෂ මාරුකිරීම ඇදුම් මාරු කරනවාට වඩා ලෙහෙසි දෙයක්. ඇදුම් මරුකිරිමේදී ස්ථානයට සුදුසු ද , ඇදුම පිරිසිදුද , ආදී දේවල් සැලකිල්ලට ගතයුතුවේ.
පොහොට්ටුව පරවේවි, ප්‍රදීපය නිවී යාවි , ජය වර්දන පරාද වර්දන වේවි ,
ජේ ආර් මහත්තයගේ මුණුබුරා නිදහස් පක්ෂෙන් ඉල්ලන්නේ ඇයි..? යු එන් පී එකෙන් ඉඩක් නොදෙන හින්දද..? කොහොමත් මින් ඉදිරියට යු එන් පී එකෙන් ඉල්ලලා ජීවිතේට දිනන්න බැරි බව ඒ මහත්තයටත් තේරිලා වගෙයි.
කැලේ ගහක් විනාශ කරන්න, කැලේ ගහක්ම උදව්වෙනවා කියල සිංහල කියමනක් තියෙනවා කියල මම අහල තියෙනවා.
දේශපාලනයට එනකොටම ඔබ ලංකාවේ ජනප්‍රියම දේශපාලන ක්‍රීඩාවටත් සුදානම් වෙලා නේ ඉන්නේ. ඒ කිව්වේ පැති මාරුව හෙවත් පිනුම් ගැසීම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එන අතරේ බැසිල් රාජපක්ෂගේ ආරාධනයත් සලකා බලමිනුයි ඔබ ඉන්නේ, නේද?
ජයවර්ධන ජනාධිපති තුමාට නිසි දේශපාලන දැක්මක් තිබුන කෙලින් තීන්දු ගන්න එතුමා පැකිලුනේ නැහැ නමුත් මොහුට නිසි දේශපාලන දැක්මක් නැති බව පෙනෙනවා , එහෙම එකක් තිබුන නම් ඉල්ලන්නේ ශ්‍රී ල නි පෙ ඳ ? මල් පොහොට්ටුවෙන්ද කියල තීරණය කරන්න මෙච්චර පැකිලෙන්නේ නැහැ ,
මට නම් ෂුවර් නෑ මෙයාට JR ගේ සම්බන්දයක් තියෙනවා කියලා.
ප්‍රදීප් ජයවර්ධන මහතා ජර්මනියේ කොන්සොල් වෙලා සිටි කාලයේත් කල දෙයක් නැහැ.. තමන්ගේ සොලර් පවර් ගැන බැලුවා මිසක් මේ රටින් අපේ රටට ආයෝජකයන් ගැනවත් ලංකාවෙන් යම්කිසි දෙයක් මේ රටට ගෙනවිත් විදේශීය ආදායමක් ලබන්නවත් කල දෙයක් නැත. කාර්යාලයේ සිට කිලෝමීටර් 40ක් දුර විශාල නිවසක පදිංචි වී රජයේ මුදල් නාස්තිකලා.
පොහොට්ටුවෙන් නම් පුතේ ජේ.ආර්.ගේ නමත් කාලා ගමත් කාලා, රටත් කාලා කුජීත වෙලා අබසරණ තමයි.
අවුලක් නැ පුතේ , සීයාගේ ව්‍යවස්ථාව රටට සාපයක් කියා කියා කැගහපු කට්ටිය දැන් එල්ලිලා ඉන්නේ ඒකෙ තමයි. අලුත් එකක් එපෝ කියනවා , ඉතින් මොන පක්ෂේ හිටියත් සීයාගේ ක්‍රමේටම යන්න පුළුවන් .
ඉතාම නිහතමානී පුද්ගලයෙක්. කාලයාගේ ඇවෑමෙන් තමන් දරන අදහස් වෙනස් කලාට, වරදක් නැත.