( නාලක සංජීව දහනායක)
විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස්වන්නේ නම් වර්තමාන ඡන්ද ක‍්‍රමය හා 13 වැනි ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනයද සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයැයි විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අද (6) පැවැති සාකච්ඡාවේදී පැවසූ බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
එමෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තා සංශෝධනය සම්බන්ධයෙන් සම්පූර්ණ වශයෙන් තමන්ට එකඟ විය නොහැකි වුවත් විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස්කිරීමට ප‍්‍රතිපත්තිමය වශයෙන් තමන්ද එකඟ යැයි විපක්‍ෂනායකවරයා පැවසුබව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තමන් සමඟ සිටින සෙසු දේශපාලන පක්‍ෂ සමඟද දීර්ඝව සාකච්ඡා කර තමන් සමඟ යළිත් සාකච්ඡා කිරීමට සූදානම් යැයි විපක්‍ෂ නායකවරයා පැවසූ බවද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
කොළඹ- 07, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී පැවැති මෙම සාකච්ඡාව සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි නායක අනුර කුමාර දිසානායක, ප‍්‍රචාරක ලොක්ම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත්, සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන් සහභාගීවූ අතර ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහභාගී වූහ.
පස්වරු 4.00ට පමණ විපක්‍ෂනායක කාර්යාලයේදී පැවැති මෙම සාකච්ඡාව පැය එකහමාරකට ආසන්න කාලයක් පැවතිණ.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)





2025 දෙසැම්බර් මස 04
566
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
422
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඡන්ද ක්‍රමය-13 වැනි ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනයත් වෙනස් විය යුතු බව මහින්ද කියයි
saman Wednesday, 06 March 2019 02:47 PM
13 වෙනස් කරන එක කමක් නැහැ හැබැයි පළාත් සභා බලගන්වලා පාලන බලය 225 දුන්නොත් ඉවරයි!
de silva Wednesday, 06 March 2019 02:47 PM
ඔය විධායක ජනාධිපති ක්‍රමය , පළාත්සභා, සමානුපාත ඡන්ද ක්‍රමය යන සියල්ල වෙනස් කර 78 කලින් තිබුන අගමැති ප්‍රමුක කොට්ටාශ ඡන්ද ක්‍රමයට යමු, එම ක්‍රමයට ගියාම සල්ලි විසිකරලා දුෂිතයන්ට පාර්ලිමේන්තු යන්න බැරි වගේම , තම ප්‍රදේශයේ ප්‍රශ්න නොවිසදන මන්ත්‍රීලට මිනිස්සු ඡන්දෙ නොදෙන නිසා, මන්ත්‍රීලා තම කොට්ටාශ දියුනුකරගැනීමට කටයුතු කරවී , එහම වුනහම රටේ දියුණුවක් ඇතිවේවි
Sanath KandyThursday, 07 March 2019 05:48 AM
ජනාධිපති අපේක්ෂක අර්බුධයෙන් ගොඩ ඒමට මහින්දට ඇති හොඳම විසදුම 20 වෙනි සංශෝධනයට එකග වීමයි. මෛත්‍රී, රනිල් දෙදෙනාටත් තනිව තරග කර ජනාධිපතිවරණය ජයගත නොහැකි නිසා අනිවාර්යෙන් මෙයට එකග වීමට සිදු වෙනවා. 1978 සිට ඒකාධිපති විධායක ජනාධිපති ධුරයට එරෙහිව හඩනගන ජවිපෙ සුදුසුම අවස්තාව බලා මේ වටිනා සංශෝධනය ඉදිරිපත් කර තිබෙනවා. ජවිපෙ ඉතාමත් පරිනත දේශපාලන දැක්මක් සහිත පක්ෂයක් බව නැවතත් ඔප්පු කරමින් සිටිනවා.
නිල් Wednesday, 06 March 2019 03:10 PM
ඡන්ද ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕනෑ. අස්ථාවර ආණ්ඩු හදන දැන් තිබෙන ක්‍රමය සම්පූර්ණයෙන් ඉවත් කරන්න ඕනෑ. විධායක ජනාධිපතිකම තිබ්බට කමක් නෑ. විධායක කිව්වට ඔහු ජනතා ඡන්දෙන් පත්වෙන නිසා.. පළාත් සභා අවශ්‍ය නෑ... මුදල් නාස්තියක් පමණයි ඉන් වෙන්නේ.. මේක පොඩිරටක්... මහජන නියෝජිතයන් ගොඩක් නඩත්තු කරන්න අපිට බෑ...
smn Wednesday, 06 March 2019 03:41 PM
කොහොම නමුත් ජනාධිපති ක්‍රමය තවදුරටත් තිබුණෝතින් ඊළඟ ජනපතිවරණයෙන් දිනන්න කිසි කෙනෙකුට බැහැ. ඇයි ඒ?.. කිසිම අපේක්ෂකයකුට සියයට පනහට [50%] වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්න බැහැ. ඒ තරමට ජනප්‍රිය පුද්ගලයෙක්. දැනට නම් නැහැ.. ලොක්කො ඒක තේරුම් ගෙනද කොහෙද මේ දවස්වල එකිනෙකා රැස්වෙලා සාකච්ඡා පවත්වන බව පෙනෙන්න තියෙනවා.
de silva Wednesday, 06 March 2019 04:03 PM
කිසිවෙකුටත් 50% ගන්න බැරි වුනොත්, වැඩියෙන්ම ඡන්දෙ ගත්ත දෙන්න අතරේ ඡන්දයක් නැවත තිබෙනවා. එතැනින් වැඩි ඡන්ද ගත්ත පුද්ගලයා ජනාධිපති...
Sanath KandyThursday, 07 March 2019 04:48 AM
නෑ. වැඩිම චන්ද ගත්ත දෙන්නගේ දෙවෙනි මනාපය ගණන් කරනවා. එහෙම උනොත් දෙවෙනියට දින්නන්න වැඩි අවස්ථාවක් තියෙනවා. එවිට පත් වන්නේ සුළුතරයේ විධායක ජනාධිපති වරයෙක්.
ravi Thursday, 07 March 2019 07:43 AM
ඔය , මොන කරනම් .. කස්තිරම් ගහගෙන ආවත් .. " රාජපක්ෂලා " කියනදේවල් , අපි ගණන්ගන්නේ නැහැ . අනුර කුමාරට , අමතකවීමේ ලෙඩක් හැදිලවගේ ...