(ප්‍රසාද් මුතුකුඩ)
ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් සහතිකකර ඇති ජනතාව සතු ජනතා පරමාධිපත්‍ය සැබෑ ලෙස ක්‍රියාත්මක කළ හැක්කේ ඡන්ද බලය හරහා බවත් ඡන්දය පාවිච්චි කිරීම පුරවැසියන්ගේ අයිතියක් මෙන්ම වගකීමක් බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
ඡන්ද හිමියන්ගේ දිනය සැමරීමට අද(2) මීගමුව නගර සභා පුරහලේදි පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේය.
‘‘රටේ නිතිය හදන්නේ , මහජන නියෝජිතයින් පත්කරන්නේ ජනතාව. ලංකාවේ ජන ගහනයෙන් 52%ක් ඉන්නේ කාන්තාවන්. එයින් 120ක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. ඉන්නේ 13 යි. එය වැඩි විය යුතුයි. අද ජන මාධ්‍ය ආයතන විශේෂයෙන්ම රූපවාහිනී නාලිකා ප්‍රවෘත්ති විකාශනය කිරීමේදි සමබර විය යුතුයි. ජනතාවට විශ්වාසය ඇතිවීමට ඔවුන් වගකීමෙන් කටයුතු කළ යුතුයි. මා එලෙස කියනුයේ සමහර ප්‍රවෘත්ති යන්නේ කෑලි. හරි දේ ජනතාවට යන්නේ නැහැ‘‘ යැයි ද දේශප්‍රිය මහතා කීවේය.
COMMENTS
මැතිවරණ කොමිසමේ බොහෝ වැඩකටයුතු අකර්මණ්‍යයි. ගොඩක් දේවල් බොරුවට තමයි කියන්නේ...
නොපැවැත්වෙන ඡන්දයකට වගකීමක් ගන්නේ කොහොමද ? වෙන කතා නැතුව ඡන්දය තිබ්බොත් නරකද? එ්ක ඔබතුමාගේ වගකීමක්.
"ජනගහනයෙන් 52%ක් කාන්තාවන් නිසා කාන්තාවන් 120 දෙනෙකු පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි" කියන කියමනට නම් හිනා යනවා...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතිකකර ඇති ජනතාව සතු ජනතා පරමාධිපත්‍ය ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන්ම උල්ලංඝනය කරලා පරාජිතයන් බුරුතු පිටින් ඇමතිවරු වෙලා ජනතා පරමාධිපත්‍ය නැතිව ගිහින් එකාධිපති පාලනයක් නේද තියන්නේ...? ජනතා පරමාධිපත්‍යය කියලා එකක් රටේ තියෙනවද?
ඒත් ඡන්දයක් තියලා පැරදිලත් ගෙදර ගියානේ.... මහා ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියවලා බලයට ආවට දවසින් දවස මග අරිනවා... සද්දේ තරමට වැඩ නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ...
ඔබ සැබවින්ම විශිෂ්ඨයෙක්... ඇත්තටම ඡන්දය කියන්නේ පුරවැසියන්ගේ වගකීමක් තමයි.
වගකීම ඉටු කරන්න ඉස්සෙල්ලා ඔය මහත්තයා ඔබතුමාගේ වගකීම ඉටු කරලා ඡන්ද තියන්නකෝ,.. මේවා විහිළු කතා නේ...
ඡන්දය පාවිච්චි කරන්නේ කොහොමද නිසි කලට ඡන්ද නොතියන කොට? මොනවද මේ කියන්නේ... තමන්ගේ වගකීම හරියට නොකර...
"වගකීම" වෙනුවට" ඉගුරු දීලා මිරිස් ගන්න" යනුවෙන් කිවානම් හොදයි.
දැන්වත් ඡන්දෙ තියන්න මොනවා හරි කරන්න...
තවත් බෙලෙක්කෙට තට්ටු කර කර සින්දු නොකියා වැඩ පටන් ගත්තොත් නේද හොඳ ? මොකද කතාවක් තියනවනේ "දනින් වැටී ජීවත් වෙනවට වඩා මියයාම සැපක් " කියල.
ඔය වගකීම මෙච්චර කල් අපි හරි හැටි ඉටු කලාට අපිට ලැබුණු කෙන්ගෙඩියක් නැහැ මහත්තයෝ. ඕකට උදෙන්ම ගිහින් ඕක දාලා අපි කවදත් ගෙදර ආවේ හරි ලොකු දෙයක් අපි ඉෂ්ට කළා කියලා හිතාගෙන. එත් ඉතින් මාස කීයද ඒ හැගීම හිතේ තියෙන්නේ? චන්දෙ කියන්නේ රැවටීමක් කියාලා අපි හොඳින්ම දන්නවා දැන්.
අනේ මහත්තයෝ ඔයපුටුවේ මම හිටියනම් මහජනතාවගේ පරමධිපට්ඨිය වෙනුවෙන් ආණ්ඩුක්‍රම වියවස්තාවට හිසනමලා නම්බුපිටින් ඉල්ලා අස්වෙලා.
ජන්දය නොතියන තාක් ආණ්ඩුවට අවසිය
ඡන්දය පුරවැසියන්ගේ අයිතියක්. ඡන්දය තියන එක පාලකයින්ගේ වගකීමක් යනුවෙනුයි මම හිතන්නේ.... නැතිව මෙතුමා කියනවා වගේ ඡන්දය පුරවැසියන්ගේ වගකීමක් නොවෙයි. එය පාලකයින්ගේ වගකීමක්...