(විනීතා එම් ගමගේ)
ජනමත විචාරණයකින් තොරව නැගෙනහිර, උතුරු මැද හා සබරගමුව පළාත් සභා ඡන්ද විමසීම් කල් දමා ගැනීමට ඉදිරිපත් කළ 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉටු නොවන්නේ නම්, ඉන් අධෛර්යයට පත් නොවී ලංකාවේ සියලූම පළාත් සභා ඡන්ද එකම දිනක පැවැත්වීමට ඇති විකල්ප පිළිබඳ ජනපති - අගමැති දෙපල වහා අවධානය යොමු කළ යුතු යැයි කැෆේ සංවිධානය පවසයි.
ලංකාවේ සියලූම පළාත් සභා ඡන්ද විමසීම් එකම දිනයක පැවැත්වීම සදහා රජය ගත් ප‍්‍රශස්ත උත්සාහය අත නොහැර ලංකාවේ සියලූ පළාත් සභා ඔක්තෝබර් 2 වැනි දා විසිරුවා හැරීමට පළාත් සභා ප‍්‍රධාන අමාත්‍යවරුන් හා ආණ්ඩුකාරවරුන් සමග එකගත්වයක් ඇති කර ගැනීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඔවුන් සමග වහා සාකච්ඡා ඇරඹිය යුතු බව කැෆේ සංවිධානය පවසයි.
මැතිවරණ වියදම් සීමා කිරීම, මහජන දේපල අයථා පරිහණය වැළැක්වීම වැනි කරුණු සීමා කිරීමට එය හේතුවක් වනු ඇතැයි ද එම සංවිධානය කියයි.
“කැෆේ සංවිධානය දිගින් දිගටම අවධාරණය කළ පරිදි එය සිදු කළ හැක්කේ පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන් හා ආණ්ඩුකාරවරුන් ගේ එකඟත්වය සහිතව සියලූම පළාත් සභා එකම දිනයක එනම් විසිරුවා හැරීම මගින් පමණයි“ යැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ලංකාදීපයට පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිස් වෙලා තියෙන්නේ, වැසිකිළි-කැසිකිළි, තැබෑරුම් සහ කුඩු යන තුන විතරද? ඕනේ කෙනෙක්ට ඕක කියන්න පුළුවන්. අපි හිතාගෙන හිටියේ පට්ටියේ ඉන්නේ දැන් ඉන්න හරක් ටික විතරයි කියලා.... බලාගෙන යන කොට තව හරක් තුන්දෙනෙකුට ඉඩ තියෙනවාලු.
දැන් ඔය ඡන්ද තියන්න යන්නේ ජනතාවට සහනයක් වෙන්නද හොර දේසපලුවන්ට සහනයක් ලබා ගන්නටද ?