IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


චෝදනාලාභී කාන්තාවක් උතුරුමැද ඉහළ පුටුවක

 (උපාලි ආනන්ද)
ජනාධිපති විමර්ශන කොමිසන් සභාවකින් චෝදනා ලැබ සිටින නිළධාරිනියක මේ වන විට වන විටත්  උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යංශයේ ඉහළ තනතුරක සේවය කරමින් සිටින බව අනවරණය වී තිබේ.

ඇයට එරෙහිව නඩු පවරන ලෙස බරපතල  වංචා දුෂණ රාජ්‍ය සම්පත් වරප‍්‍රසාද බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සමිබන්ධයෙන් විමර්ශනය කිරීම සදහා වූ ජනාධිපති පරික්ෂණ  කෙමිසන් සභාව ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇත.

පී.සී.අයි/ 952/ 2015 සහ පී.සී.අයි/ 771/ 2015 අංක දරණ අදාල ජනාධිපති කොමිසන් සභා නිර්දේශිත වාර්තා මගින්  ඒ සම්බන්ධව වැඩිදුරටත්  කරුණු දක්වා තිබේ. 

රාජ්‍ය වියදම් කළමනාකරණය පිළිබඳ චක‍්‍රලේඛය සහ ඊට අදාල සංශෝධන මගින් නියම කර ඇති උපදෙස් වලට පටහැනිව යමින් උතුරු මැද හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් තම නිළ රථය සදහා මෙන්ම සංචිත වාහන සදහා ලබා ගත් වැඩිපුර ඉන්ධන සදහා රුපියල් හැට හත් ලක්ෂ හැට නව දහස් නව සිය හැට එකක (67,69,961)  මුදලක් ගෙවීමෙන් රජයට පාඩුවක් සිදු කර ඇත.

එමෙන්ම ඉහත කී රාජ්‍ය වියදම් කළමනාකරණය පිළිබඳ චක‍්‍රලේඛය මගින් හා ඊට අදාල සංශෝධන මගින් උතුරු මැද හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයාට නිත්‍යනූකූලව හිමි කාර්ය මණ්ඩලයේ 15 දෙනාට අමතරව ප‍්‍රධාන අමාත්‍යවරයාගේ සහය කාර්ය මණ්ඩලයට බඳවා ගනු ලැබූ අනියම් රියදුරන් තිදෙනාට සහ අනියම් කම්කරුවන් 10 දෙනා  සදහා නිත්‍යනූකූල නොවන අයුරින් වැටුප් හා දීමනා වශයෙන් රුපියල් පනස් ලක්ෂ අනූ නව දහස් හාරසිය දෙකක (50,99,402)මුදලක් ගෙවීමෙන් රජයට පාඩුවක් සිදු කර ඇත. 

ප‍්‍රධාන අමාත්‍යවරයාගේ තවත් ලේකම්වරියකට හිමි නිළ වාහනය සදහා ඉහත කී චක‍්‍රලේඛයේ සඳහන් මාසික ඉන්දන දීමනාවට අමතරව ඉහත කී චක‍්‍රලේඛයේ විධිවිධාන උල්ලංඝනය කරමින් ඇය විසින් ඉන්ධන ඇනවුම් මගින් ලබා ගත් වැඩිපුර ඉන්ධන සදහා ඇයට රුපියල් විසි හය ලක්ෂ අසූ දහස් පන්සිය විසි අටක (26,80,528) මුදලක් ගෙවීමෙන් රජයට පාඩුවක් සිදු කර තිබේ.

උතුරු මැද හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් වරයකුට  හිමි නිළ වාහනය සදහා ඉහත කී චක‍්‍රලේඛය හා ඊට අදාල සංශෝධිත චක‍්‍රලේඛ  වලට  අනුව ලීටර් 218 ක් සදහා ඉන්ධන ප‍්‍රතිපාදන වශයෙන් මාසිකව අනුමත දීමනාවක් ගෙවීමට උපදෙස් දී තිබියදි එම උපදෙස් නොතකා  ඉන්දන ඇනවුම් මගින් ලබා ගත් වැඩිපුර ඉන්ධන සදහා නිත්‍යානූකූල  අනුමැතියක් නොමැතිව ඔහුට රුපියල් 5,48,451මුදලක්  ගෙවීමෙන් පාඩුවක් සිදු කර ඇත.


ඒ අනුව අදාළ නිලධාරිනියට එරෙහිවදුෂණය යන වරද යටතේ  නඩු පවරන ලෙස වංචා හා දුෂණ විමර්ශන අංශයෙන් නිර්දේශ කර තිබේ.

 



අදහස් (1)

චෝදනාලාභී කාන්තාවක් උතුරුමැද ඉහළ පුටුවක

chanduli lehansha Tuesday, 03 April 2018 01:58 PM

ඇය විතරමද රටේ එහෙම ඉන්නේ?

:       4       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 88 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 930 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site