(බිඟුන් මේනක ගමගේ)
ජාතික චිත්‍රපට සංස්ථාවේ මූල්‍ය ගනුදෙනුවලට අදාළ වටිනා ලිපි ගොනු රැසක් අතුරුදන්ව ඇති බව එහි අභ්‍යන්තර කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
අතුරුදහන් වී ඇති මෙම ලිපිගොනු චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ ඉදිකිරීම් ඇතුලුව සැකයට තුඩු දෙන මූල්‍ය ගනුදෙනු රැසකට අදාළ යැයි කියැවේ. මෙම ලිපිගොනු අතුරුදන්වීම සම්බන්ධයෙන් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු නීතිය සාමය හා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතාට පැමිණිලි කර තිබේ.
අදාළ ඉදිකිරීම් කළ සමාගම් හා කොන්ත්‍රාත්කරුවන් සිය සේවාවලට නියමිත ගෙවීම් කරන්නැයි මේ වනවිට සංස්ථා පරිපාලනයෙන් දිගින් දිගටම ඉල්ලීම් කරන නමුත් ඒවාට අදාළ ලියැවිලි නොමැතිව ගෙවීම් කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත.
ඒ අනුව මේ තත්ත්වය සැලකිල්ලට ගෙන සිදුවීම ගැන අමාත්‍යංශ මට්ටමින් ස්වාධීන විමර්ශනයක් කරන්නැයි අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරියා විෂය බාර ඇමැතිවරයාගෙන් ඉල්ලා ඇත.
COMMENTS
අල ගිය, මුලගිය හැම තැන්වලම උඩ සිට පහළටම, පහළ සිට උඩටම දුෂණය, වංචාව, හොරකම, අල්ලස අද රජ කරන රටම මේකත් ලොකු දෙයක්ද?
හොර ගුහාවක් බව අපි මීට ඉස්සෙල්ලත් අහලා තියනවා. එක ලොක්කෙක් චිත්‍රපටි නිෂ්පාදනේ කරන්න තමන්ගේ හිතවතුන්ට ලොකු ලොකු ණය දීලා ඒ ණය මුදල්වලින් සියයට ගාණක් සාක්කුවේ දා ගත්තලු. සමහර උන්නැහේලා කරපු චිත්‍රපටියකුත් නැතිලු. ණය, බොල් ණය හැටියට අහෝසි වුණාලු. ලොක්කා තව තවත් ඉහළ ගිහින් ප්‍රවීණ ලොක්කෙක් වෙලා ඒ පින් බලෙන් කාලක්‍රියා කොලාලු!
කවදා හරි දවසක ඔබලාට ඒවා 177 බස් එකකින් හොයාගන්න පුළුවන් වේවි...