නිමන්ති රණසිංහ/රංජන් කටුගම්පොල
චිත‍්‍රපට බෙදාහැරීම ශ්‍රී ලංකා චිත‍්‍රපටි සංස්ථාවට පැවරීමේ තීරණය අත්හිටුවමින් කොළඹ දිසා විනිසුරු ප්‍රමිල රත්නායක මහතා වාරණ නියෝගයක් නිකුත් කළේය.
මූවි ප්‍රොඩක්ට්, ඊ ඒ පී සමාගම, ලංකා ෆිල්ම්ස් ඩිස්ටි‍්‍රබියුටස් ඇතුලූ සිනමා සමාගම් හතරක් අධිකරණය හමුවේ ගොනුකළ පෙත්සමක් සලකා බැලූ අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ ලබන 12 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදිය.
එසේම එදිනට අධිකරණය හමුවේ පෙනී සිටිමට චිත‍්‍රපට සංස්ථාවට අතුරු තහනම් දැන්වීම් සහ නොතීසි නිකුත් කිරීමද සිදුවිය.
COMMENTS
දැන් මේ සමාගම් තුන හතරකින් නේ මේච්චර කාළයක් චිත්‍රපටි බෙදා හැරිම කලේ මේ අයගේ ක්‍රියාකලාපයත් හේතුවක් වෙලා ඇති අනිවාර්යෙන්ම රටේ චිත්‍රපටි කර්මාණ්තය කඩා වැටෙන්න. ඒ නිසා සංස්ථාවට මේ වැඩේ කරන්න පුළුවන්ද නැද්ද කියලා බලන්න අනිවාර්යෙන්ම මේ සමාගම් ඉඩ දිය යුතුය.
මේ සිනමා සමාගම් තම තමන්ට ඕන විදියට චිත්‍රපටි පෙන්නලා අනික් චිත්‍රපටි 80 ගානක් පෝලිමේ තියලා වේලෙන්න ඇරලා තියෙනවා. දැන් ඉතින් උසාවි කේස් එක ඉවර වෙනකම් අර 80 උඩ බලාගෙන ඉන්න ඕන.
අනේ මන්ද මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ ඕකනේ. හොද තීරණයක් ගත්තොත් ඔහු උසාවියෙ ලගින්න ඕන. වැඩකට නැති තීරණ ගන්න අය හිටියොත් ඒ අයට තැන. චිත්‍රපට කර්මාන්තය කාපු සමාගම් ටික බිස්නස් එක නැතිවෙනවට බයේ මේ වැඩේ කඩාකප්පල් කරන්න යනවා.
සංස්ථාව සහ පුද්ගලික අංශය දෙකම මෙය සිදුකල යුත්තක්. සංස්තාවට පමනක් ලබා දී ආයෙත් ගල් යුගයට නොයා යුතුය.
ආණ්ඩුවෙන් පුද්ගලික අංශයට දෙනකොට තහනමක් නැහැ. ආණ්ඩුවට දෙනකොට තමයි අවුල...