IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


ඝාතනය කළ දෙමළ මාධ්‍යවේදීන් ගැන පරීක්ෂණ නෑ - සුමන්තිරන්

(හර්ෂණ තුෂාර සිල්වා)

ඝාතනය කළ කිසදු දෙමළ මාධ්‍යවේදියකු පිළිබඳව මෙතෙක් කිසිදු පරීක්ෂණයක් ආරම්භ වී නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා අද (27) පස්වරුවේ පැවැසීය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම, ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් වීම, කීත් නොයාර්ට පහරදීම ආදී ජනමාධ්‍යවේදීන්ට එරෙහිව ක්‍රියාත්මක වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වුවත් ඒ කිසිවක් කිසිදු ප්‍රගතියක් පෙන්නුම් කර නැති බවත් ඒ පිළිබඳව සෑහිමකට පත්විය නොහැකි බවත් එම්.ඒ. සුමන්තිරන් මහතා කීවේය.

මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශනයට වසර 20ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුව නිල වශයෙන් ආරම්භ කිරීම වෙනුවෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේ පැවැති උත්සවයට සහභාගී වෙමින් සුමන්තිරන් මහතා ඒ බව සඳහන් කළේය. 

එහිදී සුමන්තිරන් මහතා මෙසේ ද කීය. 

           “ජනමාධ්‍යවේදීන් පැහැර ගැනීම්, ඝාතනය කිරීම්, වදහිංසා ගැනීම් ගැන කතා කළා. පසුගිය වසර තුන හතකර කාලයේදී එවැනි සිදුවීම් වාර්තා වුණේ නැහැ. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම, ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් වීම, කීත් නොයාර්ට පහරදීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වුණා. එහෙත් ඒ පරීක්ෂණ ගැන සෑහිමකට පත්වෙන්න බැහැ. ඒ පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක වුණේ නැහැ.

විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙසත් යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙසත් පසුගිය වසර 20 ක කාලයේදී වැඩිම ජනමාධ්‍යවේදීන් පිරිසක් ඝාතනය වූ දිස්ත්‍රික්කය යාපනය දිස්ත්‍රික්කය බව මා මෙහිදි මතක් කළ යුතුයි.

එක් පුවත්පත් ආයතනයක පමණක් ජනමාධ්‍යවේදීන් 6 දෙනෙක් ඝාතනයට ලක්වුණා. එම පුවත්පත් ආයතනයට ප්‍රහාර 33ක් එල්ල වුණා. මගේ මතකය නිවැරැදි නම් දමිළ ජනමාධ්‍යවේදීන් 14 දෙනෙක් ඝාතනයට ලක්වුණා.

ඝාතනයට ලක්වූ දමිල ජනමාධ්‍යවේදීන් කිසිවකුත් ගැන අද වනතුරු කිසිදු පරීක්ෂණයක් ආරම්භ වී නැහැ. එය කනගාටුවට සහ ලැජ්ජාවට කරුණක්.

යම් කිසි ප්‍රගතියක් තිබෙනවා. පියවර ගෙන තිබෙනවා. එහෙත් ආරම්භ කරන පරීක්ෂණවලට යන්නං වාලේ යනවා.

තවත් කරුණක් කිව යුතුයි. මාධ්‍ය නිදහස සහ සමාජ වගකීම ගැන කතා කරන විට මාධ්‍යයේ සමාජ වගකීම ගැනත් කතා කළ යුතුයි. මාධ්‍ය නිදහස අත්‍යවශ්‍ය දෙයක්. මාධ්‍ය නිදහස යනු සත්‍ය වාර්තා කිරීමට තිබෙන අයිතිය මිසක් වෙන දෙයක් නෙමෙයි.

එහෙත් අවාසනාවකට අද අපට එය දක්නට ලැබෙන්නේ නැහැ. මාධ්‍ය වගකීම් විරහිත ලෙස හැසිරෙනවා.  මාධ්‍ය අසත්‍ය වාර්තා කිරීම්වල නිරත වෙනවා. මා ඝෘණාත්මක දෙයක් කිව්වා නම් සමාවෙන්න. එහෙත් මා මෙය කිව යුතුව තිබෙනවා.

සාපරාධී අපහාස නීතිය අහෝසි කර තිබෙනවා. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අහෝසි කරන්නට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. එහෙත් අපට සෑහිමකට පත්වෙන්න බැහැ. අපට කළ යුතු බොහෝ දේවල් තිබෙනවා. අපි සැබෑවටම මාධ්‍ය නිදහස සැමරීම සඳහා කළ යුතු බොහෝ දේ තිබෙනවා. අපට නිදහස් මාධ්‍යයක් තිබෙනව ද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා”.

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා මෙම අවස්ථාවට සහභාගි විය. 

ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා

 
 



අදහස් (5)

ඝාතනය කළ දෙමළ මාධ්‍යවේදීන් ගැන පරීක්ෂණ නෑ - සුමන්තිරන්

Rasika Thursday, 27 September 2018 07:13 PM

ගොඩක් අයව මරන්න ඇත්තේ ප්‍රභාකරන්. LTTE එකෙන් මරපු අහිංසක මිනිස්සු ගැන, එතකොට ලක්ෂ්මන් කදිරගාමර් වගේ දේශපාලකයන් ගැන හොයන්න කියන්නේ නැද්ද?

:       0       0

sam Thursday, 27 September 2018 07:43 PM

ඕක ප්‍රබකරන්ට හරි ගෝල බාලයින්ට හරි කෝල් කලොත් දැන ගන්ඩ පුළුවන්.

:       0       0

theshan Friday, 28 September 2018 02:51 AM

මේ ඝාතන වලට වග කියන්න ඕන කෙනා නොදැන වගේ කත කරන්න එපා, අපි දන්නවා මේ ඝාතන කලේ කවද කියලා, වේලුපිල්ලේ ප්‍රභාකරන් ඒ ගොල්ලන්ට මතයට එරෙහි වුන හැමකෙක්වම මැරුවා. ඒ මැරිච්ච ගොන්නට මාධ්‍යවේදීන්නුත් අයත්.

:       35       59

Hafeel Friday, 28 September 2018 07:38 AM

එහමනං ඇයි මේ ආණ්ඩුවට මුක්කු ගහන්නේ?

:       0       7

Bamunuarachchi Saturday, 29 September 2018 01:54 PM

"එහෙමනං ඇයි මේ ආණ්ඩුවට මුක්කු ගහන්නේ?" මේ ගොල්ලන්ගෙන් ගන්න පුළුවන් දෙයක් අරගෙන අපේ ගොඩ වැඩි කරගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 164 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1015 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site