(සිරංගිකා ලොකුකරවිට)
ගිං ගඟේ මෝය කට ආශ්‍රිත ප්‍රදේශයේ ඇති ඉඩම් කට්ටිකර කණු සිටුවා වෙන්කර තිබීම හේතුවෙන් මෝය කට කැපීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ගාල්ල හා මාතර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂිකා ඉංජිනේරු දීපිකා ත්‍රිමහවිතාන මහත්මිය මේ බව කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ අද (23) පැවැති කෘෂිකර්ම කමිටුවේ දී අදහස් දක්වමිනි.
මෝයකට කැපීම සඳහා යන්ත්‍ර ගඟ අසළට ගෙන ගිය මාර්ගය ඉඩම් වෙන්කිරීම නිසා අවහිරවී ඇති බැවින් මෙම තත්ත්වය උදාවී ඇත.
COMMENTS
තව ටික දවසක් යනකොට මෝය කටත් අයිති කර ගනියි. රටට මොනවා වුනාම මොකද.
ඔය ගෙනාපු යන්ත්‍රයක්ම දමල හිටෝපු කණු ගලවල දමලා ආපු වැඩේ කරගන්න තරම් ශක්තියක් ගාල්ල හා මාතර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂිකා ඉංජිනේරු මහත්මියට නැද්ද ? මා හිතන විදියට ගිං ගඟේ මෝය කට කපන්නේ ගඟ ඉස්මත්තේ ඇතිවන ගංවතුරට පිළියමක් වශයෙන් නේද ? ගං වතුරෙන් විනාශවන දේපළ හෝ ජීවිත හානි ගැන තුට්ටුවකටවත් ගණන් නොගෙන කණු හිටවන අය ගැනත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව බිය විය යුතු නැත. මෝය කට ආශ්‍රිත ප්‍රදේශයේ ඇති ඉඩම් කට්ටිකර කණු සිටුවා වෙන්කර තිබෙන්නේ කවුද ? පළාතේ බල පුළුවන්කාර කම පෙන්වන ලොක්කෙක් වෙන්න බැරිද
වෙරල සංරක්ෂණ පනතට අනුව ගඟක මෝය කටේ සිට කිලෝමීටර 2 ක් වනතුරු අනුමැතියකින් තොරව කිසිම ඉදි කිරීමක් කල නොහැක. මෝයකට අසල රක්ෂිත ප්‍රදේශ ලකුණුකර තැබීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ දිසාපතිගේ වගකීමකි.