(අජන්ත කුමාර අගලකඩ)
ගෑස් මිල රුපියල් 190 කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද(18) පැවති කැබිනට් රැස්වීමේදී මෙම අනුමැතිය ලබා දී තිබේ.
ගෑස් මිල වැඩි කරන ලෙස ජීවන වියදම් කමිටුව ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින් ඇමති මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.
ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළයාම සහ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශීඝ්‍රයෙන් පහළයාම සැලකිල්ලට ගනිමින් ගෑස් මිල රුපියල් 323කින් වැඩිකරන ලෙස ගෑස් සමාගම් ජීවන වියදම් කමිටුව වෙත යෝජනා කර තිබේ.
එහෙත් ගෑස් මිල රුපියල් 325කින් නොව රුපියල් 195කින් වැඩි කිරීමට ජීවන වියදම් කමිටුව එකඟතාව පළ කර තිබේ.
COMMENTS
දැන් මෝඩ රැල කියයි ඒ වුනාට තවම කලින් ආණ්ඩුව කාලෙට වඩා අඩුයි කියලා.........
බොහොම ස්තුතියි.....
මේකට තමයි කියන්නේ මිල සූත්‍ර කියල. මිල වැඩිවීම හැර අඩුවීමක් නැහැ. පසුව කවද හරි මේ ජනාධිපතිම කියාවි, මම දාන්නත් නැහැ මිල වැඩි කරන්න තුරු.
කොච්චර එකක්ද, අපේ ජනාධිපති තුමා අප කෙරෙහි අනුකම්පාවෙන් රුපියල් 325 අපට රුපියල් 135 කින්ම අඩුකරලා රුපියල් 190 ට බස්සල තියෙන්නේ.
ෂා නියමයි...... ඔහොමම යන් 2020 වෙනකම්. තව ටික දවසක් යනකොට දත්මිටි කාල හුලන් බොන්න තමා වෙන්නේ . 2020 දී යහපාලකයන්ට අඩු නැතිව ඡන්දෙ ලැබේවි .....................
මිල සූත්‍රයනේ මේක? ඔය කමිටුවෙන් ඇති ප්‍රයෝජනේ මොකක්ද ජනතාවට සහනයක් නැත්තම්.
හෆීල් මහතාට අමතක වීමේ රෝගයකේ ඇති බවයි පෙන්නේ. මේ ආණ්ඩුවේ කීපාරක් ගෑස් මිල අඩුකරාද?
අනේ වාසනාවන් !! දැන් තුන්වේල නෙමෙයි පස් කන්න වෙලා තියෙන්නේ !!
ඩොලර් එකක් දැන් 166.00. ඉතින් මොන කතාද?
අනේ රුපියලේ අගය අඩුවුනේ අපි නිසාද?
ලෝක වෙළඳ පොලේ ගෑස් මිල වැඩිවෙලානම් අනිත් රටවල් වලත් ගෑස් මිල වැඩි වෙන්න ඕනනේ, මම ඉන්න රටෙ නම් එහෙම ගෑස් මිල වැඩි කරලත් නැහැ කරන්න සූදානමකුත් නැහැ.
අපිටනම් හැම පාරිභෝගික භාණ්ඩයක්ම "ගෑස්" වගේ. රොකට් එක වගේ ඉහලටම යනවා. පල්ලෙහාට බහින කලාවක් නැහැ.
ගස් මිල වැඩි වුන එක දරා ගත්ත කියමුකෝ. නමුත් ඒකත් එක්ක වැඩි වෙන අනික් භාණ්ඩවල වැඩි වෙන මිල තමයි දරා ගන්න බැරි. රුපියල් 195 ක් කිව්වට රුපියල් 500 කින් විතර මිල වැඩිවෙනවා හැම භාණ්ඩයක් ගැනම හිතුවොත්.
ලෝක වෙළඳපළේ ගෑස් මිල ඉහළ ගිය නැත. ඩොලරය වටිනාකමේ අනුපාතය එක හේතුවක්... බොරු කියන්න එපා.