(ආරියරත්න රණබාහු )
දිවයිනපුරා ඇති වී තිබෙන ගෑස් හිඟය තව දින කිහිපයකින් අවසන් වන බව ලිට්රෝ ගෑස් සමාගමේ ප්රකාශිකාවක් පැවසුවාය.
ගෑස් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන නැව් වල ඇති වු ප්‍රමාදයක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බව පැවසේ.
ගෑස් රැගත් නෞකාවක් අද (29) පැමිණිමට නියමිතව තිබුණද එය එසේ නොපැමිණිම මීට හේතුව වී තිබේ. පවතින ගෑස් හිගය හේතුවෙන් නාගරික ජනතාව සහ හෝටල් , ආපනශාලා, බේකිරි හිමියන් ඇතුළු බොහෝ පිරිසක් අපහසුතාවට පත්ව සිටිති.
ගෑස් මිල අඩු කිරීම නිසා ඉල්ලුමට සරිසල සැපයුමක් කළ නොහැකිවීමද මේ සඳහා බලපා තිබේ.
ජනාධිපතිවරණ සමයේදී ඇතැම් වෙළෙන්දෝ ජනතාව අපහසුතාවයට පත් කිරීම සඳහා මෙවැනි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව තොරුතුරු ලැබී ඇතැයිද එම තොරතුරු මත වැටලීම් සිදු කරන බවද පාරිභෝගික අධිකාරියේ ප්රකාශයෙක් සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් විමසීමේදී කියා සිටියේ ගෑස් හිගය දිවයින පුරා ඇති බවත් සෞදි අරාබියේ ගෑස් අපනයනය 40% කින් අඩු කිරීම ඊට හේතුව බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයිනේ දැන් ඉතින් වේදිකාව පලයි ගෑස් ටිකක්වත් වෙලාවට දෙන්න බැරිවුණු ආණ්ඩුව කියලා
මේ මොන විකාර කතාවක්ද? ඇයි නැව් ට්‍රැෆික් එකට අහුවෙලාද?
කලින් මුදලට ගෙනාපු ඒවා සම්පූර්ණයෙන්ම විකිණුනාම තමයි අනිත් නැව ලඟාවෙන්නේ.
මහජන සේවය වෙනුවෙන් පඩිත් 95000ක් මාසෙකට ගන්නවනේ.. දැන් කට්ටියගේම ගස් බහින කලේ ළඟ එන්නේ...
මේ රජයෙන් කළේ ගෑස් මිල අඩු කරනවා කියල ගෑස් ගේන එක අඩු කිරීමයි
මේක කුමන්ත්‍රණයක්...
වරක් තෙල්හිඟයක් දැන් ගෑස් හිඟයක්, නිදහසට මොනවා කීවත් අසාර්ථක ආණ්ඩුවක