IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගොවියකුගෙන් අල්ලස් ගත්තැයි හිටපු ප්‍රා.සභාපති සිරගෙට

(මනෝප‍්‍රිය ගුණසේකර)

කොරියාවේ රැකියා ලබා දෙන බව කියමින් ගොවියකුගෙන් රුපියල් 75,000 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු රඹෑව ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා බරපතල වැඩ සහිත වසර 13 ක සිර දඬුවමක් අද (03) නියම කළේය.

කිරි හරක් විකූණා මුදල් සොයා ගත් ගොවියෙකුගෙන් අල්ලස් ඉල්ලා ලබා ගත් මෙම විත්තිකරුට මහජන සේවය සඳහා බව පවසමින් දේශපාලනයට පිවිසෙන සෙසු දේශපාලනඥයින්ටද පාඩමක් වන අන්දමින් දඩුවම් නියම කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ ගංගා හෙයියන්තුඩුව මහත්මිය ඉල්ලීමක් කර තිබිණී.

එම ඉල්ලීම පිළිගනිමින් විත්තිකරුට මෙලෙස  දඩුවම් නියම කළ විනිසුරුවරයා මෙම සිරදඬුවම වසර 05ක කාලයක්  තුළ  ගෙවී  යන  ලෙස  ක‍්‍රියාත්මක කිරීමටද නියම කළේය.ඊට අමතරව රුපියල් 40,000ක දඩයක් ගෙවීමටද නියම කෙරිණි.

මෙලෙස දඬුවම් නියම වුයේ රඹෑව ප‍්‍රාදේශිය සභාවේ  හිටපු  සභාපති  රනිල්  මාධව  කමල්නිළමේ  නමැත්තාටය.අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබිණි.

ඉදිරිපත් වු සියලු කරුණු සළකා බැලූ විනිසුරුවරයා අල්ලස් ඉල්ලීමේ චෝදනාවට වසර 05ක බරපතල වැඩ සහිත  සිරදඬුවමක්ද, අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් පවරා තිබු චෝදනා දෙකට වසර 04 බැගින් වසර 08ක බරපතල වැඩ සහිත  සිරදඬුවමක්ද  නියම කළේය.
 



අදහස් (2)

ගොවියකුගෙන් අල්ලස් ගත්තැයි හිටපු ප්‍රා.සභාපති සිරගෙට

ravin Thursday, 03 August 2017 12:54 PM

දෙසපලුවෝ කවදද පාඩම් ඉගෙනගත්තේ. ලැජ්ජා නැති එවුන්. ප්‍රජා අයිතිය අහෝසිකර සියලු දේපල රාජසන්තක කලා නම් ටිකක් විතර තේරෙයි.

:       0       4

ratawassek Thursday, 03 August 2017 01:32 PM

අනේ පව් පොහොට්ටුව.

:       34       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 75 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site