(කාංචන කුමාර ආරියදාස)
ගලේවෙල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල නගරය ආසන්නයේ අද(8) ගුවන් හමුදාවට අයත් කැබ් රථයක් පා පැදියක් ගැටීමෙන් පාපැදිකරු මියගොස් ඇති බව පොලීසිය කියයි.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ගලේවෙල නබඩගහවත්ත ප්‍රදේශයේ හයදරු පියෙකි(60).
යතුරුපැදිකරු ගලේවෙල දෙසින් දඹුල්ල දෙසට ගමන් කරමින් සිට ඇත. ගුවන් හමුදාවට අයත් කැබ් රථයත් ගලේවෙල දෙසින් දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබී ඇත. ආසන්නයේ ගරාජයක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙම අනතුර සිදුවන ආකාරය සටහන්ව තිබුණු බව ද පොලීසිය කියයි. ඒ අනුව පරීක්ෂාකර බැලීමේදී පාපැදිකරු ගමන් කරමින් සිටීයදි ප්‍රධාන මාර්ගය හරහා පාර මාරුවීමට උත්සාහ කිරීමත් සමඟ වේගයෙන් පැමිණි කැබ් රථයට යටවන බව පොලිසිය කියයි.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.