(උණවටුන ඩී.ජී.සුගතපාල)
ගාල්ල නගරයේ ජනප්‍රිය පාසලක 3 ශේණියේ සිසුවකුට එම පාසලේම 8 වැනි ශ්‍රේණියේ සිසුවකු විසින් දෙන ලදැයි කියන පෙති වර්ගයක් පානය කිරීමෙන් පසු එම සිසුවා මත්විම නිසා රෝහල් ගතකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය පරික්ෂණ ආරම්භ කරතිබේ.
සිසුවා රෝහලේදි පොලිසියට සහ වෛද්‍යවරුන්ට කළ ප්‍රකාශය අනුව ඉකුත් 27 වැනිදා පාසල නිමවිමෙන් පසු 8 වැනි ශ්‍රේණියේ සිසුවකු රෝස පැහැති පෙති දෙකක් දි එකක් දිවයට තබා ගන්නා ලෙසත් අනෙක වතුර බෝතලයට දමා පානය කරන ලෙසත් පවසා තර්ජනය කර ඇතැයි ද පැවැසේ.
ඒ අනුව සිසුවා එම පෙති පානය කරඇති අතර පසුව ඔහු නිවසට යාමේදි වෑන් රථයේ තද නින්දට වැටි ඇති බවත් පසුව නිවසේදි මත්වි ක්ලාන්තවීම නිසා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය කියයි. සිසුවා මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් අති අතර එම පෙති දුන් සිසුවා හඳුනාගෙන ඇති බවද පොලිසිය පවසයි සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිස් අධිකාරි අනුරුද්ධ
හක්මන, සහකාර පෙලිස් අධිකාරි සතිස් ගමගේ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මුලස්ථාන පොලිස් පරික්ෂක අජිත් කුමාර මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් පරික්ෂණ පවත්වයි.
COMMENTS
වඳ පෙති නොවෙයිනේ?
ජාතියක් හැටියට අප, අපගේ මතු පරපුර මුහුණදී ඇත ඉතා භයානක තත්වය ගැන කවුරු කවුරුත් සිතුවොත් ???
සුනිල් මයා වෙත, ඔබගේ නිවැරදි අදහස් සමග අපද එකඟ වන්නෙමු. අපගේ අනාගත පරපුර මෙසේ අඳුර දෙසට ගමන් කරන බව හොඳින් පැහැදිලි වන්නේය. කවුරු කෙසේ කිව්වත් මෙම උවදුරට "ඍජුවම සියලුම මූසල පාටවල කාලකන්නි දේශපාලකයන්" සම්බන්ධය.
සුනිල් මයා වෙත, ඔබගේ නිවැරදි අදහස් සමග අපද එකගවන්නෙමු. අපගේ අනාගත පරපුරු මෙසේ අඳුර දෙසට ගමන්කරන බව හොදින් පැහැදිලි වන්නේය. කවුරු කෙසේ කිවුවත් මෙම උවදුරට "සෘජුවම සියලුම පාටවල දේශපාලුවන්" සම්බන්දය.