සිරංගිකා ලොකුකරවිට
ගාල්ල හපුගල බටුවන්තුඩාව හන්දියේ කොටසක් අද උදෑසන හදිසියේම ගිලා බැසීමෙන් විශාල වළක් සෑදී තිබිණි. කාපට් අතුරා තිබූ එම ස්ථානයේ මාර්ගයේ එක් කොටසක් කැඩී ගොස් තිබූ අතර පාරේ තැන් කිහිපයක ඉරි තැලීම් ද දක්නට ලැබිණි.
ප්‍රදේශවාසීන් කියා සිටියේ ගිලා බැසීමත් සමග විශාල ජල කඳක් ද පිටවූ බවයි. ඔවුන් පවසන්නේ මාර්ගයට යටින් දිවෙන ජල නලයක් පුපුරායාම හේතුවෙන් මේ ගිලා බැසීම සිදුවන්නට ඇති බවයි.


COMMENTS
බලන්න මැණික් තියනවද කියලා.. මැණික් සංස්ථාව එන්න කලින්.
පාරේ ප්‍රමිතිය පේනවා හොඳට, මේ වගේ වෙලාවට..
අපි පාසල් යන කාලේ "වාරිමාර්ග, මහාමාර්ග හා විදුලිබල අමාත්‍යාංශය" කියලා තනි අමාත්‍යාංශයක් තිබුණේ මේ හේතුව නිසා තමයි.
වීරෙයි, මාදුයි ගහන බයිලා වලට තමා
පාරට යටින් ජල නලයක් කැඩිලානම්, එ්නිසා පස් කඩාගෙන ගියොත් පාර කැඩෙනවා. එක තමයි ඇත්ත. ඉතින් පාරේ ප්‍රමිතියක් මෙතනට අදාළ වෙන්නේ කොහොමද?
ලෝකයේ දියුණු රටවල නම් පොළව යටින් සම්බන්ධ කරලා තියෙන ජල, විදුලි, ගෑස්, කේබල් සහ නල මාර්ග නවීන තාක්ෂණය අනුව පරිගණකගත කරලා තියෙන්නේ. පොළව අභ්‍යන්තරයේදී යම් බිඳවැටීමක් වුණොත් පරිගණකයෙන් සීමාව දැනුවත් කරනවා. ඉන්පසු අළුත්වැඩියා කරනවා. අපි ඉපදුණු දා ඉඳන් සංවර්ධනය වෙමින් පවතිනවා.