IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීමේ කිසිදු සැළැස්මක් නෑ‘

(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ ) 


ගොඩනැගිල්ලක්  ඉවත් කිරීම හැර  ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීමේ කිසිදු සැළැස්මක් නැතැයි තරුණ කටයුතු දක්ෂිණ සංවර්ධන ව්‍යාපෘති කළමණාකරණ අමාත්‍ය සාගල රත්නායක මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම ක්‍රීඩාංගණයට අමතරව කොග්ගල ඉදිකිරීමට  යෝජිත ක්‍රීඩාංගණය ඉදිකිරීමේ සැළසුමද ඉවත් කර ඇතැයි ද කී අමාත්‍යවරයා ලෝක උරුමයට බඳුන් වී ඇති ගාලු කොටු පවුර  තව දුරටත් එම තත්ත්වයේ තබාගත යුතුව ඇති බවද සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුයේ ගාල්ල දිස්ත්‍රික්  එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී චන්දිම වීරක්කොඩි  මහතා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් වත් කිරීමට කටයුතු කරන බවට මේ දිනවල පැතිර යන සත්‍යතාව පිළීබඳව  විමසීමේදීය.



අදහස් (10)

‘ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීමේ කිසිදු සැළැස්මක් නෑ‘

ජගත් ලියනගේ Friday, 20 July 2018 01:15 PM

එකක් කියලා, තව එකක් කරන කට්ටිය නේ. ඔය කතා විශ්වාස නැහැ.

:       2       83

janatha anura Friday, 20 July 2018 02:29 PM

යම් ගොඩනැගිල්ලක් කඩා දැමීම අනුමත කල නොහැක. දුප්පත් රටකට ඔරොත්තු නොදෙන නිසා මේ වගේම වැඩක් 2002 වසර වලදී රාජගිරියේ සිදු වූ පාසල් ළමුන් විශාල පිරිසක් ප්‍රයෝජනයට ගත් ක්‍රීඩාංගණය කඩා දැම්ම මේ ආණ්ඩුව පත් කරේ මේවට නොවේ.

:       87       107

raheem Friday, 20 July 2018 02:29 PM

දැන් ලංකාවේ තිබෙන ලොකුම ප්‍රශ්නය ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයද?

:       2       153

ඇත්ත සත්‍යපාල Friday, 20 July 2018 02:39 PM

විකුණලා විකුණලා අන්තිමට අනේ මේ මගේ බිරිඳ නේද ? අනේ මේ මගේ ලෙයින් ඉපදුන දුව නේද කියලා නොහිතන... කීයකට හරි විකුණලා තුට්ටු දෙකක් අරන් සූදු කෙලින කාලකන්නින් ගානට මේ ආණ්ඩුව පත්වෙලා.

:       28       266

siirimal Friday, 20 July 2018 03:39 PM

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එතන නොතිබිය යුතු ගොඩනැඟිල්ලක් ඉවත්කිරීම මුළු පිට්ටනියම වෙනතැනකට ගෙනියනවා වගේ අභූත කතා වස්තුවක් ලෙසට නිර්මාණය කර පොල්ගෙඩි අකුරෙන් පලකරන, තමන්ට අවශ්‍ය " වොයිස් කට් " පමණක් ප්‍රචාරය කරන මාධ්‍ය සම්ප්‍රදායක් ඇති අපේ රට හිට්ලර් තියා සක්‍ර දේවේන්ද්‍රයෝ ආවත් කවදාවත් හදන්න නම් බැහැ. මාධ්‍ය මඟින් නඩු අසා දඬුවම් කරන, එල්ලුම්ගස් ගිය අපරාධකාරයෝ සුදනන් බව කියන්නට දැවැන්ත ප්‍රචාරයන් ගෙන යන මිනිස්සු තමා මේ රටේ මහජනතාවගේ ඉහ මොළ තමන්ගේ න්‍යාය පත්‍රවලට අනුකුල වන පරිද්දෙන් ශුද්ධ පවිත්‍ර කරන්නේ...

:       0       378

pissaSaturday, 21 July 2018 07:07 AM

සහතික ඇත්ත. රටේ දෙවන ආණ්ඩුව තමා මාධ්‍යය. ඔවුන්ට රිසි පරිදී පුවත් මවන සංස්කෘතියක් තමා දැන් තියෙන්නේ. රටේ අවශ්‍යතාවය කෙසේ වෙතත් ඔවුන්ට අවශ්‍ය දේ පමණක් නිර්මාණය කර පෙන්වීම තමා ඔවුන්ගේ සම්ප්‍රදාය.

:       5       113

nuwan Friday, 20 July 2018 07:13 PM

මොකද මේක විකුනන්නවත් ද දන්නේ නැ. නැත්නම් කොටුව විකුනන්නද දන්නේ නැ. මෙයාල කරන්නේ එක්කෝ හදපුව කඩලා දානවා.. නැත්නම් විකුනනවා.. වෙන මොනවද මෙච්චර කල් කලේ.

:       0       25

Mohan Saturday, 21 July 2018 08:26 AM

එල්ලුම්ගහේ කථාව ජනතාවට අමතක කරවන්න ගහපු උප්පරවැටියක් මේක.

:       0       105

ගාමිණී Saturday, 21 July 2018 05:58 PM

ගාල්ල ක්‍රීඩාංගනය නෙවෙයි අයින් කරන්න ඕනේ, පිච් එක හදන කට්ටිය.

:       0       8

Mohan Sunday, 22 July 2018 02:36 AM

ගාමිණි මයාගේ කථාව හරි. තමන්ගේ රටේ මිනිස්සුම තමන්ගේ රටට බලවත් තර්ජනයක් වෙලා තියෙන එකම රට තමයි මේක.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31309 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13504 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10998 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 109 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 934 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site